රටේ ජනතාවට එපාම කරපු ආයතනයක් තිබේ නම් ඒ ශ්‍රි ලංකා පොලිසිය බැව් ඉතා කණගාටුවෙන් උවත් කිවයුතුය.
එසේ ජනතාවට පොලිසිය එපා වීමට ප්‍රථම පොලිසියටම පොලිසිය එපාවී දැනට බොහෝකලය.
එක්තරාකාලයකදී පොලිසියට අට වන ශ්‍රේණිය සමත් අය බදවා ගත බැවි සහතික ඇත්තය.
එදා ලාංකීය අකුරු හැකියාව අද තරන්මට පැමිංඅ නොමති අතරම අටවන පංතිය සමත් යනු ඉංග්‍රිසි කතාකිරීම හා ලිවීමම අටවන පංතිය සමත් වීමයි. ඒ එදාය…………..
එහෙත් අසුවන දශකයෙන් පසුව රටේ පොලිසියට තබා කම්කරු රැකියාවට වත් අටවන ශ්‍රේණිය සමත්ව යාමට නොහැකිය.
එසේ නම් අට පාස් පොලිස්නිලධාරියා එදා සමාජයේ සිටි උගතෙකි ,බුද්ධිමතෙකි.
ඒත් මෙ වන විට විසිවන සියවසේ න්සියලුම පොලිස් නිලධාරීන් ශ්‍රි ලංකාවේ අධ්‍යාපනයේ අ.පො.ස.(ස.පෙ ) සමත් අයයි.ඊටත් වඩා සුදුසුමක් මිස කිසිදු අඩු සුදුසුකම් ඇති කිසිත් නැති බව සහතිකය.
ඒත් දැන් සිදුව තිබෙන්නේ පොලිස් නිලධාරින්ට කිසිදු රැකියාමය මානව අයිතියක් නැත.
එ නිසාම එදා මෙදා සියලුම ආණ්ඩු පොලිස් නිලධාරියා හපා කන බුලත් විටක් ගානට දමා කාලකන්නි දේශපාලකයන් ගේ වහලුන් කොටසක් බවට පත් කොට ඇත.
පොලිස් නිලධාරින් තාලවර්ගයේ ගස් වැනිය .ඒ අවිවට පිච්චෙන ,වැස්සට තෙමෙන් , මිනිසුන් නිදනකොට ඇහැරලා ඉන්න අසාමාන්‍ය ජන කොටසක් බවට පත්ව ඇත.
පොලිස් නිලධාරින්ට පොලිසිය එපාම කරවා ඇත්තේ එදා මෙදා සිටි පොලිස්පති වරු බවට සාකෂි ඕනෑවටත් වඩා අපසතුව ඇත.
මේවන්විට පොලිස් කොස්තාපල්නිලයේ සිට ප්‍රධාන පොලිස් පරික්ෂක ශ්‍රේණිය දක්වාම එකම නිලයේ පල් වෙන පොල්ලෙලි බවට පත්ව ඇත.
එකම නිලයේ වසර 12 කට වඩා සිටින එවන් නිලධාරින් ගෙන් මහජන සේවාවක් යමෙක් අපෙක්ෂා කරනවානම් ඔහුට මොලේ අමාරුවක් තිබිය යුතුය.
සෑම ආණ්ඩුවක්ම බලයට ඒමට පෙර පොලිස් නිලධාරියා ගේ ගැටලු ගැන මහත් උජාරුවෙන් කතාකොට අවසානයේ ඒවනවිට සිටින පොලිපතිට තානාපති කමක් හෝ ජනාධිපති උපදේශක කමක් දී සැනසීමෙන් සියලු ප්‍රශ්ණ යට ගසා ඇත.
පොලිසිය ජනතාවට එපාවීමට බලපාන සාධක කවරේදැයි කිසිම පොලිස්පති වරයකු අධ්‍යනය කොට නැත. ඊටත් වඩා පොලිස්පති වරු කිසිවෙක් නිලධාරින් ගේ සෑබෑ අවශ්‍ය දේට පිලියම් කොට නැත.
එදා සිටම මේ වනතුරුම යොදන්නේම පැලැස්තර විසදුම්ය.
ලංකා පොලිසියට අපරාධ මැඩීමට නවීන තාකෂණික මෙවලම් නැත.
ඇත්තේ නිලධාරින් ගේ අත්දැකීම් හා බුද්ධිය පමනි. අවශ්‍ය ප්‍රමානයට අඩුම තරමින් ඉන්දනවත් නැත. ඒවන් ත්ත්වයක් තුල මේ හා අති විශාල වැඩ කොටසක් ශ්‍රි ලංකාව පුරාවටම සිදු කිරීමම අගය කල යුතුය.