උණුසුම් පුවත්

අයිඑම්එෆ් ණය ලැබෙන තුරු ඇමති මණ්ඩලය සංශෝධනය කරන්නේ නෑ

Spread the love

මෙරට පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමේ අපේක්ෂාවෙන් අයිඑම්එෆ් මුල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට නියමිත ණය මුදල ලබා ගන්නා තුරු පින් ජනපති රනිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලය සංශෝධනය නොකරන බවට වාර්තා වී තිබේ.ජාත්‍යන්තරය ⁣පසුගිය කාලයේදී දිගින් දිගටම මෙරට ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙසය.

ජනපතිවරයා ලෙස තමන් පාර්ලිමේන්තුව නියමිත කාල සීමාවට පෙර විසුරවා හැර මැතිවරණයකට නොයන  බවට රනිල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ සභාපති බැසිල් රාජපක්ෂට පොරොන්දු වී තිබේ.රනිල් හා රාජපක්ෂවරුන් අතර පවතින යටි බිම්ගත ගිවිසුමට අනුව නැවත රාජපක්ෂවරුන්ට මෙරට බලය ලබා ගැනීමට මග පාදා ගැනීම ප්‍රමුඛ කටයුත්තකි.ඒ සඳහා වූ දේශපාලනික වටපිටාව සකස් වෙන තුරු රනිල් රාජපක්ෂ හොර ගල් අහුලමින් සිටිනු ඇත.
දැන් ආණ්ඩුවට ප්‍රශ්ණය වී ඇත්තේ අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරී⁣මය.පොදු ජන පෙරමුණේ සභාපති බැසිල් රාජපක්ෂ මේ වන විටත් අමාත්‍ය තනතුරු ලබා දිය යුතු පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය රනිල් රාජපක්ෂ පින් ජනපතිට  ලබා දී ඇති බව වාර්තා වේ.එම ලේඛනයේ ඇත්තේ මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුව කා⁣ලයේ ඇමති ධූරයන්හී සිටි පාදඩයන්ගේ නම් බවද අප හට අනාවරණය වී තිබේ.පින් ජනපති අයිඑම්එෆ් ණය මුදල ලැබෙන තුරු අමාත්‍යය මණ්ඩලය සංශෝධන  නොකර සිටීමේ ප්‍රධාන හේතුව මෙය වේ.මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුව කාලයේදී මහජන අප්‍රසාදයට පිළිකුළට පත් වූවන් නැවත එම අමාත්‍යවරු ලෙස පත් කිරීමෙන් ජාත්‍යන්තර කනස්සලට පත් වෙනු ඇති බව පින් ජනපති ගේ අදහසයි.
දැන් ඔහුගේ අරමුණ වී ඇත්තේ මේ අවස්ථාවේ අමාත්‍යය මණ්ඩලය සංශෝධනය නොකර ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමය.අයිඑම්එෆ් ණය මුදල ලැබුණු විගස නැවතත් රාජපක්ෂ තක්කඩි රැළ ඇතුළු පොහොට්ටු පාදඩයන් සියළු දෙනාම අමාත්‍ය තනතුරු වලට පත් කරන බව ස්ථිරය. එහෙම බලන විට පින් ජනපති රනිල් රාජපක්ෂ මේ හදන්නේ ජාත්‍යන්තරයත් ගොනා⁣ට ඇන්දීමටය.
මිල්ටෙරි නන්දසේන ගේ  ආණ්ඩුවේ සිටි අමාත්‍ය රොත්තම හොර දෙටුවන්ය.අයි එම්එෆ් ලැබීමෙන් පසුව මේ හොර දෙටුවන් සියළුම දෙනා නැවත අමාත්‍යවරුන් ලෙස පත් වී තම තමන් කළ ජාවාරම් ආරම්භ කරනු ඇත.එහිදී අයිඑම්එෆ් ණය මුදලින් කොටසක් රාජපක්ෂ වරුන්ගේ ගිණුම් වලට බැර වන බව අපට කල් තියාම කියන්නට පුළුවන. 

Spread the love

Leave a Comment

You may also like