පසුගිය 5 වෙනිදා පාර්ලිමේන්තු සභා රැස්වීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව වැදගත් කරුණු ගණනාවක් අනාවරණය කරන ලදී.
එහිදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය.ගරු සභාපතිතුමණි,මම ඊළඟට ඔබතුමාගේ අවධානයට යොමු කරන්නට කැමතියි.දැන් පාස්කු බෝම්බ ප්‍රහාරයේ නඩුව අහන්න පටන් අරන් තිබෙනවා.ඒ නඩුව අහන්න පටන් ගත්ත එකේ සාක්ෂි හැටියට නම් කරල තියෙනවා.දැන් මෙහි පළමු සාක්ෂිකාරයා තමයි රොහාන් ගුණරත්න කියන මහාචාර්යවරයා.ඊළඟට ඉන්නවා දෙවන සාක්ෂි කරු නිලන්ත ජයවර්ධන.ඔහු ජනපති කොමිෂමෙන් වරදකාරයෙක් කරල තියෙන අයෙක්.ඔහු පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට ලැබුණ තොරතුරු දත්ත මකලා තියෙනවා.මේ නිසා ඔහු චුදිතයෙක් ලෙස නම් කිරීමට ජනපති කොමිෂම කටයුතු කර තිබෙනවා.නමුත් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව එයා සාක්ෂිකාරයෙක් කරල තියෙනවා.ඇයි ඒ සාක්ෂි කාරයෙක් කරල තියෙන්නෙ.ඒකයි අපට තියෙන ප්‍රශ්ණය.නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපට අහන්නට තියෙන ඊළඟ ප්‍රශ්ණය විශේෂයෙන්ම මහාචාර්ය රෝහාන් ගුණරත්න .ගරු සභාපතිතුමණි මහාචාර්ය රොහාන් ගුණරත්න කියලා කියන්නේ සල්ලි වලට ගිහිල්ලා එක එක තැන්වල උපදේශන ලබා දෙන කෙනෙක්.එයා කොහොමද සාක්ෂා කාරයෙක් වන්නේ.එයාට මොකද්ද පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක තියෙන සම්බන්ධය.එයා විමර්ශන නිළධාරියෙක්ද.එයා එක්ස්පර්ට් කෙනෙක්.එක්ස්පර්ට් කෙනෙක් විදියට එයාට මත කියන්න පුළුවන්.එහෙම එක්ස්පර්ට්ලා ඕන තරම් ඉන්නවා.ටගා්ඨාභය රාජපක්ෂ මහතා බලයට ආවහම එයාව ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයෙක් කරලා එයාව සාක්ෂි කාරයෙක් කරල තියෙනවා.ඒ සාක්ෂිකාරයෙක් කෙරුවෙ වෙන මොකටවත් නොවෙයි.අපි දන්නවා පාස්කු ප්‍රහාරය ගැන බොහෝ කරුණු කාරණා දැන් එළියට ඇවිල්ලා තියෙනවා කියලා.ඒ කරුණු කාරණා වසං කරන්න මහාචාර්ය ගුණරත්න දාල මේක වෙන පැත්තකට හරවන්න හදනවා.ඒ කියන්නෙ මේක අන්තවාදී ක්‍රියාවක් බව ඔක්කොම දන්නවා.ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.නමුත් සහරාන්ට මෙික කරන්න දේශපාලන අවකාශය ලබා දුන්න මේක පිටිපස්සෙ ඉඳගෙන සහරාන්ලව මෙහෙයවපු සහරාලාන්ලට අනුබල දීපු තාක්ෂණ සහාය දීපු බෝම්බ පුපුරවන්න අමුද්‍රව්‍ය ලබා දීපු උදවිය,සියලු දෙනා හොයාගන්න ඕන.ඒක හොයාගන්න තමයි මෙි මහ මොළකරුව හොයාගන්න ඕන කියල කියන්නෙ.එතකොට මෙි මහ මොළකරුව හොයන්නෙ නැතුව සහරාන්ලගෙ මේ ගේම ඉවර කරන්න හදන්නෙ.ඒකයි අපි කියන්නෙ මහාචාර්ය රෝහණ ගුණරත්නව ගෙනැල්ලා මෙතැනට දැම්මෙ මේක වෙන පැත්තකට අරගෙන යන්න.මොකද ඊට වඩා ඉන්නවා සාක්ෂාකාරයො.විමර්ශන නිළධාරීන් ඉන්නවනේ.ඇයි ශානි අබේසේකර ,රවි සෙනෙවිරත්නව සාක්ෂිකාරයන් නොකළෙ.ජනපතිතුමාත් දන්නවා මේ බෝම්බ ප්‍රහාරයෙ වැඩිම කරුණු කාරණා හොයාගත්තෙ ඒ දෙන්න කියලා.නමුත් නීතිපති දෙපාර්තමේන්තුව මේ අය සාක්ෂිකාරයන් කරල නෑ.ඇයි ඒ.ශානි අබේසේකර අධිකරණයට ඉදිරිපත් කරල තියෙන ඇෆිඩවිට් එක දැක්කනේ.එයා ඒකෙ සඳහන් කරල තියෙන කරුණු ටික.ඒ කරුණු හොඳටම ඇති මහා මොළකරු අල්ලන්න.එතකොට නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත්ව මේක වෙන පැත්තකට හරවන්න ඇත්තටම මේක විමර්ශනය කරපු නිළධාරීන්ව සාක්ෂිකාරයො හැටියට පත් කරල නෑ.මේක අපරාධයක්.ඒ වගේම තමයිගරු සභාපතිතුමණි මම කියන්න කැමතියි විශේෂයෙන්ම දැන් මේ නඩුව පවරල තියෙනවනේ.චෝදනා තියෙනවා 23000ක්.මේ පරීක්ෂණ ඉවර වුන නැති තැන් තියෙනවා.සාරාගෙ පරීක්ෂණය ඉවර කළාද.සාරාගෙ පරීක්ෂණය ඉවර වුනේ නෑ.ඉවර කරන්න හැදුවා.සාරා මැරණයි කියලා ඩීඑන්ඒ පරීක්ෂණ තුනක් කළා.සාරා මැරණා කියල අයින් කරන්න හැදුවා.නමුත් සාරා ගැන පරීක්ෂණ තාම ඉවර නෑ.නමුත් පරීක්ෂණ යටපත් කරලා.ඊළඟට පොඩි සහරාන්ගෙ පරීක්ෂණය අවසන් කළාද.ඒකත් අවසානයි.ඒකටනේ නඩුව දැම්මෙ.ඊළඟට සොනික් සොනික් අපේ හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඒ කාලෙ මැරෙන්න ගියානේ සොනික් සොනික් කියලා.දැන් හරීන් ප්‍රනාන්දුත් ඉන්නෙ සොනික්ලත් එක්ක.ඒකනේ ඇත්ත කතාව.එයා සොනික් සොනික් කියල හැමදාම කෑගැහැව්වා.දැන් එයා ගිහින් එකතු වෙලා ඉන්නෙත් සොනික් සොනික් එක්ක.දැන් ඒ සොනික් සොනික්ගෙ පරීක්ෂණ ඉවරකළාද ඉවර කෙරුවෙ නෑ.ඊළඟට තවත් වැදගත් කාරණාවක් 2019 අප්‍රේල් මාසෙ 05 වෙනිදා රෑ 11.30 ට ගැලණිගම එක්සිට් එකේදි ලොරියක් නවත්වනවා පරීක්ෂාවකට.නමුත් ඒ ලොරිය නිදහස් කරනවා.එතකොට හිටපු ඉහළ පොලිස් නිළධාරියෙක් ඒ චෙක් පොයින්ට් එකේ හිටපු පොලිස් කොස්තාපල්ට කතා කරලා.ඒ පොලිස් කොස්තාපල්වරයාගෙ කට උත්තරේ තියෙනවා මේ ලොරිය පිටමං කරන්න කියලා මට ඉහළ නිළධාරියෙක් දැනුම් දුන්නාය කියල.ඒ ලොරිය ඉස්සරහ තිබුණ වී 8 වාහනයක්.ඒ වාහනයේ හිටපු අය තමයි ඔය පොලිස් නිළධාරියට කතා කෙරුවෙ.තව එක ලොරියක නැවැත්තුවෙ නෑ එතැන.ඒ ලොරිය ගියා.පරීක්ෂණ වාර්තාව අනුව සැක කරන්නෙ ඔය ලොරි දෙකෙන් තමයි පානදුර තිබුණ සහරාන්ගෙ සේෆ් හවුස් එකට පුපුරණ ද්‍රව්‍ය ගෙනිච්චෙ කියල .ඒකයි ඇත්ත කතාව.නමුත් ඒ පරීක්ෂණය අවසන් කෙරුවෙ නැහැ ගරු සභාපතිතුමණි.ඒ පරීක්ෂණ ඔක්කොම නැවතුනා.දැන් පරීක්ෂණ නවත්වලා සහරාන්ගෙ ගෝල බාලයො ටික අල්ලල නඩු දාල තියෙනවා.චාර්ජර්ස් 23000 ක් තියෙනවා.දැන් ඉන්නවා හොඳම සාක්ෂිය තමයි සහරාන්ගෙ බිරිඳ.එයා ජනාධිපති කොමිෂමට ගෙනැල්ලා දවස් කිහිපයයි ප්‍රශ්ණ කෙරුවෙ.ඒ පරීක්ෂාව එයාගෙ කට උත්තරය ඉදිරියට ගියේ නෑ.ඇයි ගියෙ නැත්තෙ.එයාගෙ කටින් අනවශ්‍ය දේවල් එළියට එයි කියලා එයාට කෝවිඩ් 19 වැළඳිලා කියලා සාක්ෂි අවසන් කෙරුවා.දැන් එයා ඉන්නවා.ඇයි එයා සාක්ෂිකාරයෙක් හැටියට දාන්නෙ නැත්තෙ.සහරාන්ගෙබිරිඳ මේ තොරතුරු රාශියක් දන්නවා.එයාගෙ කට උත්තරය දිහා බැලුවම.ජනාධිපති කොමිෂමට එයා දීපු කට උත්තරය දිහා බැලුවම තියෙනවා ප්‍රධාන කරුණු කරාණා රාශියක්.එතකොට එයා සාක්ෂි කාරයෙක් හැටියට නම් කරලා නෑ.අපට තියෙනවා ප්‍රශ්ණයක්.මේක ඉතා බරපතල දෙයක්.මොකද පහුගිය කාලෙ මේ ඉන්න ජනපති තුමා අගමැති වෙලා ඉන්න කොට තමයි මේ බෝම්බය පිපිරුණේ.ඒක පිපරුණාම ඒ ආණ්ඩුවටත් චෝදනා එල්ල වුනා.අපටත් චෝදනා කෙරුවා.මේ සභාවෙ ඉන්න මන්ත්‍රීවරු අපට චෝදනා කෙරුවා.අපි එක්ක එකට වාඩි වෙන්න පවා අකමැති වුනා.මුළු මුස්ලිම් සමාජයම හිරිගඩු පිපිලා පාරෙ බැහැල යන්න බැරි තත්වයක් උදාවුනා.මට පෞද්ගලිකව සිද්ධ වුනා මගේ ළමය ගෙ පාසැල් මාරු කරන්න.මොකද ළමයා කිව්වා මට ඉස්කෝලෙ යන්න බෑ ළමයි මට විහිළු කරනවා තාත්තෙ කියලා.ඒ හන්දා තමයි අපි කියන්නෙ මේකට සාධාරණත්වය ඉෂ්ට වෙන්නෝනය කියල.මේක හංගන්න දෙන්න බෑ.මේක නීතිපති දෙපාර්මේන්තුවයි මේකට සම්බන්ධ වෙලා ඉන්න සමහර කොටස් එකතුවෙලා හදපු දේවල් තමයි මේ.ඒ හන්දා නීතිපති දෙපාර්තමේන්තුව හදනවා ඇත්ත සාක්ෂිකාරයො ගෙන්වන්නේ නැතුව රොහාන් ගුණරත්න වගේ සල්ලි වලට වැඩ කරන අය සාක්ෂිකාරයො හැටියට දාල සහරාන්ගෙ කණ්ඩායමට මේක පටවල මේක ඉවර කරල දාන්න.අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා බලයට ආපු ගමන් කිව්වා ස්කොට්ලන්ඩ් යාඩ් එක ගේනවා කියලා.අපි බලාගෙන ඉන්නවා.
ගරු ජනාධිපති තුමණි,ඔබතුමා අගමැති වෙලා ඉන්න කොට,ඔබතුමාටත් බරපතල චෝදනා එල්ල වුනා.අපි ඔක්කොම එක ආණ්ඩුවෙ ඉන්නකොට මේකට මුහුණ දීගන්න බැරුව හිටියා.ඉතාම අසරණ බවට පත්වුණා.අපි පරාජය වෙන්නත් ඒක හේතු වුනා.එදා විපක්ෂය සම්පූර්ණයෙන්ම තමන්ගෙ ඡන්ද කැම්පේන් එක කෙරුවෙ මේ පාස්කු බෝම්බ ප්‍රහාරය මුල් කරගෙන.ඒ හන්ද අද ඔබතුමා ජනාධිපති වෙලා ඉන්නවා.ඔබතුමාට වගකීමක් තියෙනවා මේකෙ සත්‍ය තත්වය හොයන්න.ඒ වගේම මම හිතනවා ඔබතුමාගේ හෘද සාක්ෂිය අනුව ඔබතුමා දන්නවා මේකෙ පිටිපස්සෙ ඉන්න උදවිය කවුද කියලා.මොකද ඒ දවස්වල අපි ආණ්ඩුවෙ ඉන්න කාලෙ සමහර දේවල් ඔබතුමා සමග අපි සාකච්ඡා කරල තියෙනවා.ඒ හන්දා අපි ඔබතුමාට කියනවා විශේෂයෙන්ම මෙික යට ගහන්න දෙන්න එපා කියලා.මේක ගැන අපි හොයන්න ඕන.ස්කොට්ලන්ඩ්යාඩ් එක ඉක්මනට ගේන්න.එහෙම ගෙනාවෙ නැතිනම් මේකෙ වැදගත් සාක්ෂිකාරයො සමහරවිට අපට අහිමි වෙන්න පුළුවන්.මම එහෙම කියන්නෙ මොකක් හන්දවත් නොවෙයි.සාරා හොයාගෙන ගියා සමන් වීරසිංහ කියන පොලිස් නිළධාරියා.අන්තිමට ඒ පොලිස් නිළධාරියා මැරුණෙ කෝමද කියන එක අබිරහසක්.ඒ පොලිස් නිළධාරියා අන්තිමට කොළඹ ගෙනැල්ලා එයා කෝවිඩ් වලින් මැරුණා කියලා මළ සිරුර පුච්චලා දැම්මා.නමුත් අබිරහසක්.ඒ නිළධාරියා හුඟක් කරුණු හොයාගත්තා.අන්න ඒ වගේ මේ දැන් ඉන්න ජීවමාන සාක්ෂි පවා අපට අහිමි වන්නට පුළුවන්.සහරාන්ගෙ බිරිඳ පවා.මොකද එයා තමයි අද ඉන්න එකම කෙනා මේ ගැන හුඟක් කරුණු කාරණා දන්න.එයා ජනාධිපති කොමිෂමට ලබා දීපු වාර්තා අනුව අපට පේනවා එයා හුඟක් කරුණු දන්නවාය කියල.නමුත් නීතිපති දෙපාර්තමේන්තුවට අමතක වෙලා තියෙනවා සහරාන්ගෙ බිරිඳව මේකෙ සාක්ෂි කාරයෙක් කරන්න.එයාව අමතක කරලා රොහාන් ගුණරත්නව මතක් වෙලා තියෙනවා.රොහාන් ගුණරත්න කියන්නෙ අපි දන්නවා එයා ගැන.එයා එක එක රටවලට ගිහින් පඩියට වැඩ කරන මනුස්සයෙක්.එක දවසක සිංගප්පූරුවෙ ඉන්නවා.එක දවසක කැනඩාවෙ ඉන්නවා.කැනඩාවට ගිහිල්ලා දෙමළ සංවිධානයකට වැරදි චෝදනාවකි කරලා කැනඩා අධිකරණයෙන් මෙයාට කැනේඩියන් ඩොලර් 50000ක දඩයක් ගෙවීමටත් නියම කෙරුවා.එහෙම කෙනෙක්ව පළමු සාක්ෂකාරයා කරලා.මොන විකාරයක්ද මේ.ජනාධිපතිතුමා ඉන්න වෙලාවෙ එතුමාට අපි කියනවා ,එතුමාගෙන් අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා ස්කොට්ලන්ඩ්යාර්ඩ් එක ඉතා ඉක්මනින් ගෙනැල්ලා,මේ රටේ බලය ගැනීම වෙනුවෙන් සහරාන්ලාව ඉත්තන් හැටියට පාවිච්චි කරමින් කරපු අපරාධය පිටිපස්සෙ ඉන්න ඇත්ත මහ මොළකරු සොයා ගැනීම අපි සියලු දෙනාගේම වගකීමක් බව කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා…..”