ගාළු මුවදොර අරගල භූමියට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ සහයෝගය ඇතුව පහර දීමේ කුමන්ත්‍රණ සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර අරගල කරුවන් මර්දනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති රැස්වීමකදී එවකට යුද හමුදා මාණ්ඩලික ශාඛාවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ මේජර් නිශාන්ත මානගේ ප්‍රකාශ කර තිබුණේ අරගල කරුවන් විසුරවා හැරීමට ජල ප්‍රහාර එල්ල කිරීමේදී එම ජලයට අසූචි මුසු කළ යුතු බවත් ඒ සඳහා හමුදා කඳවුරු වලින් අසූචි සැපයීමට තමන්ට හැකි බවය.අප ලංකා දවස මේජර් ජනරාල් නිශාන්ත මානගේ ගේ මෙම අමානුෂික නොසන්ඩාල යෝජනාව පිළිබඳව ඒ දිනවල වාර්තා කරන ලදී.ඔහු එහිදී තමන් යටතේ සිටින හමුදා නිළධාරීන්ට උපදෙස් දී තිබුණේ අරගල කරුවන් පොලීසියේ උපදෙස් නොපිළිපදින බැවින් අරගලයට සහභාගි වන්නන්ට මේලේච්ඡ දඬුවම් දීමට සූදානම්ව සිටින ලෙසය.ශ්‍රී ලංකා යුද හමුදාවේ ඡ්‍යෙෂ්ඨ නිළධාරී ලැයිස්තුව නොතකා පින් ජනපති පීචං හිට්ලර් රනිල් රාජපක්ෂ විසින් මෙම මේජර් ජනරාල් නිශාන්ත මානගේ හමුදාපතිවරයා ලෙස පත් කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වේ.යුද හමුදාපතිවරයාට සේවා දිගුවක් නොලැබවයස අවුරුදු 55 සම්පූර්ණ වීම නිසා දෙසැම්බර් මස 30 වනදා විශ්‍රාම යාමට නියමිත අතර ඉන්පසු හමුදා ඡ්‍යෙෂ්ඨ නිළධාරී ලේඛනයේ මේ මේජර් ජනරාල්වරයා සිටින්නේ 6 වන ස්ථානයේය.මෙම ඡ්‍යෙෂ්ඨතා ලේඛනයේ හමුදාපති වරයාට පසුව සිටින්නේ වර්තමානයේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සී.ඩී.වීරසූරිය වේ.ඔහු වයස අවුරුදු 55 සම්පූර්ණ කර විශ්‍රාම යා යුතු වන්නේ 2023 ජුලි 14 වන දිනය.ඉන්පසුව ඡ්‍යෙෂ්ඨතා ලේඛනයේ මේජර් ජනරාල් සුරේෂ් සලේ,මේජර් ජරනරාල් සෙනරත් යාපා,මේජර් ජනරාල් ඩබ්.ඒ.වනසිංහ,මේජර් ජනරාල් සී.ඩී.රණසිංහ යන අයවළුන් වේ.මේ නිළධාරීන්ද 2023 වසර තුළ වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම යාමට නියමිතය.මෙම ලේඛනයේ ඊළඟට සිටින මේජර් ජනරාල් නිශාන්ත මානගේ වයස අවුරුදු 55 සම්පූර්ණ කොට 2023 අගෝස්තු 18 විශ්‍රාම යාමට නියමිතව ඇත.පින් ජනපති පීචං හිට්ලර් රනිල් රාජපක්ෂ දැන් සූදානම් වන්නේ ශ්‍රී ලංකා යුදහමුදාවේ සම්ප්‍රදායන් කණ පිට පෙරලා මෙලේච්ඡ කසල ශෝධකයකු හමුදාපති කොට සිය බලාධිකාරිය මිල්ටෙරි යාන්ත්‍රණය තුළ ආරක්ෂා කර ගැනීමටය.ඒ අතරේම මෙි පින් ජනපති පීචං හිට්ලර් උතුරු නැගෙනහිරට 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය පෙඬරල් විසදුමක් ලබා දීමට සැලසුම් කර ඇති බවටද අපට වාර්තා වේ.එහිදී උතුරු නැගෙනහිර පිහිටි හමුදා කඳවුරු ගනනාවක් එම ස්ථාන වලින් ඉවත් කිරීමටද නියමිතය.මෙරට දේශපාලන භූමිය තුළ ජාතීන් අතර අවිශ්වාසය හා සැකය ඇතිවන ආකාරයට පින් ජනපති පීචං හිට්ලර් රනිල් රාජපක්ෂ විසින් මුදා හැරීමට සැළසුම් කරමින් සිටින තක්කඩි ගේම ගැන අපට කියන්නට එකක් කඩතොලු මකාගන්නට ගොස් සියක් කඩතොලු හදාගත් ඉඳුරුවේ ආචාරියා ගැන සිහිපත් කර ගන්නවා නම් හොඳ බවය.ජේ.ආර් ජයවර්ධන මාමා රට තුළ ඇවිළවූ ජාතිවාදී ගින්න බෑනා තවත් වටයකින් සූදානම් වෙමින් පවතින බවට අපට හැඟීයයි.හැබැයි පුතෝ දැන්නම් ඒ සෙල්ලම් වානා යැයි පින් ජනපති පීචං හිට්ලර් සිහියේ තබා ගන්නවා නම් හොඳය.