උණුසුම් පුවත්

බටලන්දේ හිට්ලර් උන්දෑ නැවත ජාතිවාදය අවුස්සා රට ගිණි තැබීමට සූදානම්

Spread the love

මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් කී පරිදිම ලංකාවේ නායකයන්ට බලය ඇති විට මොළය නැත. බටලන්දේ හිට්ලර්ගේ පින් ජනපති රනිල් රාජපක්ෂ මේ වන විට තහවුරු  කරමින් සිටින්නේ ඒ සත්‍යයයි.මේ උන්දෑ දැන් ජීවත්වන්නේ සිහින ලෝකයකය.තමන්ගේ පාලනය හරිම ප්‍රජාතන්ත්‍රවාදීයැයි පින් ජනපති සිතාගෙන සිටී.මොහුගේ පාලනයේ කිසිම ගැඹුරක් නැත.⁣මේ පාලනයේ සත්‍යය තේරුම් ගැනීමට චරිත දෙකක් තේරුම් ගැනීම ප්‍රමානවත්ය.
ඒ සාගල රත්නායක ගේ හා වජිර අබේවර්ධනගේය.එජාපයේ කුක්කන් මහා ජාත්‍යන්තර නායකයකු ලෙස ඔළුව උඩ තියාගෙන ඉන්නා රනිල් රාජපක්ෂ යනු සාගලගේ උම්මා එකකට මුළු රටම පාවා දෙන චරිතයකි.

තමන්ට පිනට ලැබුණ අවස්ථාව ආරක්ෂා කරගැනීමට දත මිටි කන රනිල් රාජපක්ෂ සිය පාලනය තුළ රාජපක්ෂ තක්කඩියන් ආරක්ෂා කර ගැනීම කෙරෙහිද දැඩි අවධානයකින් කටයුතු කරමින් සිටී. මේ උන්දෑට දැන්  බැසිල් රාජපක්ෂගේ නියෝග වලටද ඇහුම්කන් දීමට සිදු වී තිබේ.
මේ සිද්ධි දාමය තුළ ඉතා භයානක වටපිටාවක් රට තුළ නිර්මාණය වෙමින්  පවතී.මෙරට ජනතාව සිටින්නේ දැඩි ආර්ථික පීඩනයකිනි.මේ පීඩනය මේ වන විට පහල කම්කරුවාගේ සිට ඉහළ⁣ ස්ථරයන් පවා ගොදුරු කරමින් තිබේ.

ලංකා දවසට කතා කළ ආරක්ෂක අංශයක ඉහළම ඡ්‍යෙෂ්ඨයකු කීවේ රනිල් රාජපක්ෂගේ ඉරණම සම්බන්ධයෙන් ඉන්දිරා ගාන්ධිට සීක් භටයෙකු දුන් තීන්දුව ලබා දීමට තමන්ට සිතී ඇති මුත් තමන්ගේ දුවා දරුවන් ගැන මතක් වන විට තමන් ඒ පිළිබඳව උදාසීන වන බවය.නමුත් දැනට මෙරට සිදුවෙමින් පවතින පාහර පාදඩ පාලනය ඉතා ඉක්මනින්ම අවසන් කර යුතු බව ඔහුගේ දැඩි විශ්වාසය විය.

ඔහු එහිදී අප වෙත ප්‍රකාශ කළ ආකාරයට හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන එළවා දැමුවේ මහජනතාවය.එහෙත් පින් ජනපති එළවා දැමීමට පියවර ගත යුතු වන්නේ
පොලීසිය හා ආරක්ෂක හමුදාවන්ය.එහිදී ඔහු සිතන්නේ  පින් ජනපතිට හා ⁣බලයේ සිටින සියළු දේශපාලන තක්කඩියන්ට ඕනෑම කුදයක් ගහගන්නා ලෙසට කියා එකම දිනයකදී එකම වේලාවකදී පොලීසියේ පහල නිළධාරීන් හා හමුදාවේ සියළු සෙබළුන් සිය වෘත්තිය අත් හැර නිවාස වලට යායුතු බවය.ඉන්පසුව පින් ජනපති හා බලයේ සිටින දේශපාලන තක්කඩියන් විසින් මහජනතාවට වද දෙමින් සිදු කරන මෙම පාදඩ පාලනය අත් හරින්නට සිදු වීම අනිවාර්යයක් වනු ඇත.මේ පාහර මෙලේච්ඡ පාලනය අවසන් කිරීමට හොඳම ක්‍රමය එය බව අපිද සිතමු.  
මෙි වන විට පින් ජනපති වරයා සුළු ජාතීන් ගොනාට අන්දවා සිය පාලනය තහවුුුරු කර ගැනීමේ උත්සාහයකද නිරතව සිටී.ඒ සඳහා මේ උන්දෑ මෙරට ජනවාර්ගික අර්බුදයක් ඇවිලීමට සූදානමින් සිටී.මේ වන විට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇත්තේද ඒ පාහර වුවමනාව සඳහාය.මෙම සර්ව පාක්ෂික සමුළුව හරහා දෙමළ හා මුසල්මානුවන් අතර මහත් බලාපොරොත්තු ඇති කොට එම පාර්ශවයන් බිලි බා ගනිමින් මෙරට සමාජය තුළ මහා ගිණි ජාලාවක් ඇති වන ආකාරයට ඉදිරි සැලසුම දියත් වෙනු ඇත.
මෙරට පවතින බරපතල ආර්ථික අර්බුදය විසඳීම පසෙක තබා  පින් ජනපතියා හා රාජපක්ෂ තක්කඩියන් හදිසියේම ජනවාර්ගික අර්බුදය විසඳීමට යැයි ඇඟවෙන ආකාරයට නිර්මාණය කරමින් සිටින මේ බිහිසුනු  වටපිටාව ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමේ යටි අරමුණ ඇතිව සිදු කෙරෙන භයානක ක්‍රියාවලියකි.මෙම න්‍යාය පත්‍රය තුළ සමාජය තුළ ඇ⁣ව්ලෙන ගිනි ජාලාව පින් ජනපතියාට තක්කඩි රාජපක්ෂ වරුන්ට වදකාගාර පිහිටුවීමේ අවස්ථාවකට මග පාදා ගැනීමකි.මේ සත්‍යය මෙරට විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායකයන් තේරුම් නොගෙත හොත් ඒ මහත්වරුන්ට අපට කියන්නට ඇත්⁣තේ මුළු රටටම සොරි කියා විතරමය.
තම බලය රැක ගැනීම සඳහා රට ගිණි තුළ ජාතිවාදය නැවත ඇවිස්සීමට සැළසුම් හදන පින් ජනපතියාට හා රාජපක්ෂ තක්කඩියන්ට අපට කියන්නට ඇත්තේ වාර්ගික අර්බුද විසඳීමට පෙර මෙරට ආර්ථික අර්බුදයෙන් රටේ ජනතාව මුදවා ගැනීමට හැකි දේශපාලන කණ්ඩායමකට බලය ලබා ගැනීමට හැකි වන ලෙස පාර්ලිමේන්තු මැතිවරණයකට යන ලෙසය. 

Spread the love

Leave a Comment

You may also like