මෙරට ඉතිහාසයේ හා ලෝක දේශපාලනයේ ඉතාම අත් දැකීම් බහුල වු වචනයේ පරිමාර්තයෙන්ම නියම දේශපාලඥයෙකු සිටීනම් හේ රනිල් වික්‍රමසිංහයන්ය. අසියාවේ සිටින ඉතාම පරිනත දේශපාලඥයකු වු රනිල්ට අද රට වැටි ඇති ආගාධයෙන් ගොඩ ගැනීමට ඉඩ නොදෙන්නෝ කවරෙකු දැයි ලංකා දවස ගවේශනාතමකව විපරම කලෝය.
රනිල් මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය 5 වතාවක් දරා තිබේ. මෙවනි අයවැය විවාදයන් වලට 44 වතාවක් සහභාගි වී තිබේ. වසර 25 කට වැඩි කාලයක් මෙරට ප්‍රධානම දේශපාලන පක්ෂයක් වු එක්සත් ජාතික පක්ෂයේ නායකයා වී අවසානයේ මැරෙනතුරාවටම නායකයා බවටද පත් විය.
2015 වසරේ ලෝකයේ වසංගතයක්, ත්‍රස්තවාදි මරබියක් හෝ එකි මෙකි කිසිදු බාධාවක් නොවුන විට රටේ යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව තම අණට කීකරුව ක්‍රියාකරන විධායක ජනාධිපතිවරයෙකු ද රනිල් සතුව තිබුණි එවර රනිල්ට පාර්ලිමේන්තු හා ජනතාවගේ පැහැදිලි බහුතර ඡන්දයෙන් පත් වු ජනාධිපතිවරයෙකු තමන් ගේ ළඟ සිටියේය.
අද රනිල්ට ඉන්නේ එදා නොතිබුණ වසර 12ක් වර්තාමනා අයවැය සේ විවාදවලට සභාගි වු හා වසර 12ක් මෙරට ප්‍රභලම ඇමතිකම දැරු හා 02 වතාවක් මෙරට විධායක ජනාධිපතිකම් දැරු තම පවුලේ සියළුම සහෝදරයන්ට ප්‍රභලම දේශපාලන තනතුරු හා ඇමතිකම් දැරු මහින්ද රාජපක්ෂ ගේ සහායත් අද රනිල්ට ලැබී තිබේ.
වසර 28ක් තම දේශපාලන ජීවිතයේදි මෙවනි රට ගොඩ නැගීමට 28 වතාවක්ම අයවැය විවාද වලට සහාභාගි වු දිනේෂ් ගුණවර්ධන අද සිටින්නේත් රනිල් ජනාධිපති සමඟය. ඉතිං ඇයි රනිල්ට අද පත්ව ඇති ආර්ථික , සාමාජීය හා දේශපාලන ආගාධයෙන් ඉගලට ඔසවා තැබීමට බැරි.
එදා වසර 44ක්ම දේශපාලනය කල රනිල් මෙරට වසර 05ක්ම අග්‍රාමාත්‍ය ධුරය දරලාවත් අධ්‍යාපන , ප්‍රතිපත්තියක් නොසැදු රනිල්, දැන් ඉදිරි වසර 1 1/2 ට හදන්නේ කොට්ටබ ලීවලින් ප්‍රතිපත්ති දැයි අපි අසන්නේ රනිල් ගේ මේ දේශපාලනය පිලිබදව අපි ගවේශණය කිරීමෙන් පසුවය.
ඇත්තෙන්ම දැන් රනිල්ට වැඩ කරන්න නොදුන්නයිම කියමු. ඉතිං තමන්ට වසර 5 අගමැති වසර 44ක් පාර්ලිමෙන්තුවේ ඉදලත් කිසිවක් කර ගැනීමට බැරි වු රනිල් මේ වසර 1 1/2 ට මොන මගුලක් කරන්නදැයි අපිට නම් සිතා ගැනීම අපහසුය.
රටක් ගොඩ නැගීමට නොදනිතත් ඔහු අපරාදකරුවන් ,කොල්ලකරුවන් රොත්තක්ම කිසිම නඩුවක් නොමතිව ගලවා ගැනීම හරියටම කලේ එදා කොළඹ නිතිපීඨයේ සාර්ථක සිසුවෙක් වු නිසා බවනම් ප්‍රත්‍යක්ෂයි. ඒ රාජපක්ෂලාගේ සියළු නඩු හබවලින් ඔවුන්ව නිට්ඨාවටම සුවකලාය. නැවත කිසි දවසක දුෂණ චෝදනා ගෙන ඒමට බැරි ආකාරයට රනිල් රාජපක්ෂ සනුහරේත් සුද්ධකලෝය.
ඉතිං රනිල්ට වැඩ බෑ කියන්නේ සජිත්ය, අනුරලාය, ඩලස්ලාය, පෙරෙට්ටෝය. රනිල් ඉතාම හොද වැඩකාරයෙක් බව දැන් ඕනෑවටත් වඩා හොදින් පෙන්නලා හමාරය.
එත් රනිල්ට රට ගැනවත් රටේ මිනිසුන්ද ගැනවත් අඩුම රනිල් නොදන්නේ රනිල් මහපොලවේ දාඩිය සුවද නොදන්න නිසාය. එ නිසාම රනිල්ගෙන් කවුරුත් ප්‍රශ්න නොකරන්නේ රනිල් තමාට වාසිනම් සිංහල භාෂාවෙන් ද තමාට අවාසියක් නම් එය ඉංග්‍රිසි භාෂාවෙන්ද උත්තරයක් දි ලිස්සා යාම හොදටම ප්‍රගුණ කර ඇති නිසාය.
දේශපාලන අපරාධකරුවන් බේරාගත් රනිල් ඊයේ ගියේ කොළඹ නිති පීඨයටයි. එ හු හඩ මදියේය. 75 වසරක් නිතිපීඨ ඉතිහාසයේම හැදු එකම හා අසාර්තකම රාජ්‍ය නායකයා රනිල් බව කවදාම හෝ මේරට ඉතිහාසයේ ලියවෙන බව සහතිකය.
වසර 44ක් බැරි රනිල් වසර එකහමාරෙන් හදන රට ගැන ප්‍රතිපත්ති ගැන සම -හරක් කියන ආචාර්ය, මහාචාර්ය වරුන් කියන අමන කතා නිසාය. මෙයින් පෙනියන්නේ වසර 44 ක් රටක් වෙනුවෙන් යමක් නොකල ඔහු වැඩ කාරයකු නොව ඔහු එක් ඡන්දයෙන් මෙරට පරමාධිපත්‍යයට කොකා පෙන්නු සුපිරිම ගේම කාරයෙකි එවනි ගේම් කාරයන් සිටින තැනට රනිල්ව තල්ලුකලේ රනිල් ගේම දෛවය වීම පුදුමාකාර ය.රනිල් හිතාමතාම මේ අපරාදකරුවන් ගලවා ගැනීමට 2015 හා 2022 දි ජනතාව උගසට තැබුවේ කුමණ හේතුවක් මත දැයි කිසිවකුටත් උත්තර සොයා ගත හැකි ප්‍රශ්ණයක් නම් නොවේ .එ නිසාම ජනතාව් අද රනිල්ට වෛර කිරීම සාධාරණය. දැන් රට නොව පොහොට්ටුව යලි සාදා දි හමාරය දැන් රනිල් එනිසාම ගමට යාමට කියා පොහොට්ටු අපරාද්කරුවන්ට කියන්නේ එ නිසාය.
පල් හොරුන් ,මිනිමරුවන්,ස්ත්‍රි දුෂකයන් හා ජනතා මුදල් අවභාවිතා කරන්නන් රකින කද වුරේ එකම ගැලවුම් කරු වු රනිල් හරියටම කරපු බව කීවේ පලා ගොස් නැවත පැමිණි බැසිල්ය.