උණුසුම් පුවත්

අධිකරණයට අපහාස කිරීමේ වරදට ඡෙනිපො දේශබන්දුට එරෙහිව නඩු පැවරේ.

Spread the love

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ආරක්ෂාව ලබා දීමට වින්දිතයන් හා සාක්ෂිකරුවන් ගේ අධිකාරියේ නියෝග පරිදි පොලිස්පතිවරයා විසින් ඒ පිළිබඳව ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නියෝග කර තිබියදීත්  ඔහු විසින් එම නියෝගය සිතා මතා පැහැර හැරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු  පවරන බවට අතිරේක සොලිස්ටර් ජනරාල් රොහාන්ත අබේසූරිය  පසුගියදා (5)අභියාචනා අධිකරණයට දැනුම් දෙන ලදී.

අතිරේක සොලිස්ටාර් ජනරාල් රොහාන්ත අබේසූරිය මේ බව අභියාචනාධිකරණයට දන්වා සිටියේ…….
2015 අංක 04 දරණ අපරාදයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ 21වන වගන්තිය ප්‍රකාරව අපරාදයක වින්දිතයන් සහ සාක්ෂි කරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් පොලිස්පතිට දුන් නිර්දේශ වලට අනුව කටයුතු නොකිරීම නිසා පන⁣තේ 14 වන වගන්තියේ ප්‍රතිපාදනයන් මත අධිකාරියට අපහාස කිරීම අධිකරණය⁣ට අපහාස කිරීමක් සේ සළකන ලෙසද ඉල්ලමින් ශානි අබේසේකර විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පසුගියදා (5) විභාගයට ගත් අවස්ථාවෙිදීය.
ශානි අබේසේකර විසින් අභියාචනාධිකරණය⁣ට ඉදිරිපත් කළ  රිට් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පහත නම් සඳහන් නිළධාරීන් නමි කර තිබේ.
1.එස්.හෙට්ටිආරච්චි,
 ලේකම්,
මහජන ආරක්ෂක අමාත්‍යංශය.
2.ටී.එම් .ඩබ්.දේශබන්දු තෙන්නකෝන්
ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
බස්නාහිර පලාත
3.සිසිර පෙත්තතන්ත්‍රී,
ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී,
කොළඹ දකුණ කොට්ඨාශය.
4.ඒ.ජේ.එම්.ආර්.සමරසිංහ,
ප්‍රධාන පොලිස් පරීක්ෂක,
ස්ථානාධිපති,
බොරැල්ල.
ශානි අබේසේකර ⁣එම රිට් පෙත්සමේ මෙසේ සඳහන් කර ඇත.
” ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.එම්.ඩබ්.දේශබන්දු තෙන්නකෝන්  ගේ අධීක්ෂණය යටතේ පවතින අපරාද කොට්ඨාශයේ නිළධාරීන් විසින් 2020/07/31 වන දින මා කුමන්ත්‍රණකාරීව ද්වේශසහගතව,නීතිවිරෝධීව කිසිදු සාක්ෂියක් කරුණක්  හෝ සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මා විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ සිව්වන වග උත්තරකරු වන්නේද ඉහත නම සඳහන් දේශබන්දු තෙන්නකෝන්ය.
මෙම නිළධාරියා මා සමග රාජකාරි මට්ටමින් දැඩි වෛරයකින් පසුවන නිළධාරියකු වන අතර ,ඔහු විසින් මෙහෙයවනු ලබන නිළධාරී කණ්ඩායමක් සේවය කරනු ලබන කොළඹ අපරාධ කො⁣ට්ඨාශය මෑතකදී සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන කිහිපයක් පිළිබඳව තොරතුරු මේ වන විට අනාවරණය වී ඇත.ඒ සම්බන්ධයෙන් ඇති හොඳම උදාහරණය වන්⁣නේ, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සිඳු කරනු ලබන ගම්පහ මෙහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 1536/2020  දරන නඩුව සමිබන්ධයෙන් ,මා ඇතුළු නිළධාරීන් සිව් දෙනෙකුට එරෙහිව සිඳු කරනු ලැබූ පරීක්ෂණයයි.එම පරීක්ෂණය  දේශබන්දු තෙන්නකෝන් ගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා,සහ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත යන අයවළුන් සිඳු කරනු ලබයි.
මෙම පරීක්ෂණයේදී ප්‍රබල සාක්ෂිකරුවකු වශයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය දැන සිටින චමින්ද විල්වලආරච්චි නැමති අය කොළඹ ⁣මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් හා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් සම්බන්ධයෙන් පිළවෙළින් 2014 හා 2020 වර්ෂ වලදී ගරු මහේස්ත්‍රාත්වරුන් වෙත කරන ලද රහස්‍ය ප්‍රකාශ දේශපාලන බලපෑම් 
පෙරදැරි කරගෙන සම්පූර්ණ සාවද්‍ය ද්වේශ සහගත පදනම් විරහිත ඒවා බවට ඉහත අභියාචනාධිකරණ නඩු තීන්දුව මගින් ප්‍රකාශිත කරුණු අනුව ප්‍රබල ලෙස පෙනී යන අතර,ඒ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මූලික විමර්ශන දෙකක් පොලිස් පරීක්ෂක විල්වලආරච්චිට එරෙහිව පවත්වා ගෙන ගොස් ඇත.මෙි වන විට දේශබන්දු තෙන්නකෝන් ගේ බලපෑම හා මැදිහත්වීම මත මෙම විමර්ශන වසා දමා ඇති බව මම ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.
මා ඇතුළු නිළධාරීන්ට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කොට අධිනරණය පවා නොමඟ යවා මා ඇතුළු නිළධාරීන්ට ජීවීතාන්ත සිර දඬුවමක් හෝ මරණීය දණ්ඩනයෙන් දඬුවම් කළ හැකි වරදකට චේතාන්විතව පැටලවීම සඳහා කුමන්ත්‍රණකාරීව සම්පූර්ණ අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට කටයුතු කිරීමෙන් හා එසේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ පුද්ගලයන්ට එරෙහිව පවත්වාගෙන යනු ලබන පරීක්ෂණ නතර කිරීමට මැදිහත් වීමෙන් දේශබන්දු තෙන්නකෝන් කෙතරම් බරපතල අපරාධ මෙහෙයවන්නෙක් හා සිදු කරන්නෙක්ද 
යන්න තහවුරු කර ගැනීමට තවදුරටත් විස්තර අනවශ්‍ය බව මම කියා සිටිමි. ඔහු මා කෙරෙහි දක්වන වෛරය හා පලිගැනීමේ චේතනාව ඉතා ප්‍රකටව අනාවරණය වන අවස්ථා ගනනාවක්  පසුගිය කාලවකවානුවේදී හෙළිදරව් වී ඇති අතර පොලිස්පති තුමා විසින් මා වෙත ආරක්ෂාව සලසන ලෙසට කර ඇති නියෝගයට පවා පටහැනිව කටයුතු කිරීම තුළින් ඔහු මා හෝ මාගේ පවුලේ සාමාජිකයන් කිසිවකු ඝාතනය කිරීමේ පූර්ව සැලසුමක් ඇතුව කටයුතු කරන බව ඔහුගේ පූර්ව ක්‍රියාකාරකම් පිළිබඳව හා ඔහුට ඇති දේශපාලන සබඳකම් හා ළබැඳියාවන් කෙරෙහි අවධානය යොමු කිරීමේදී ඉතා ප්‍රබල ලෙස පෙනී සිටින කරුණකි.මෙම නිළධාරියාගේ මැදිහත්වීම පවතින තාක් කල්මා හට නිර්දේශිත ආරක්ෂාව සැපයීමට ඔහු කටයුතු නොකරන අතර හෙයකින් ඔහු විසින් මාගේ ආරක්ෂාව සඳහා යොදවනු ලබන නිළධාරීන් ලවා හෝ මා ඝාතනය කිරීමට කටයුතු කරන ලදැයි ඉහත සඳහන් කරන ලද එම නිළධාරියාගේ පූර්ව ක්‍රියාකාරකම්  සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මා තරයේ විශ්වාස කරමි…”
මෙහිදී නියෝජ්‍ය සොලිස්ටාර් ජනරාල් රොහාන්ත අ⁣බේසූරිය අධිකරණයට ප්‍රකාශ කරන ලද්දේ ,ශානි අබේසේකරගේ ආරක්ෂාව සඳහා ආයුද සන්නද්ධ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ලබා දීමටත් ,ඊට අමතරව ඔහුගේ නිවසේ ආරක්ෂාවට තවත් එක් පොලිස් නිළධාරියකු ලබා දීමට කටයුතු කරන බවය.එසේම තමන් පදිංචි ස්ථානය වෙනස් කිරීමට පෙත්සම්කාර ශානි අබේසේකර සූදානම්  නම්   ඒ සඳහා වෙනත් ස්ථානයක් ලබා දීමටත් කටයුතු කරන බව නියෝජ්‍ය  සොලිස්ටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයට කියා සිටියේය.
ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ප්‍රමඛ නීතිඥ කණ්ඩායමක් ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටින ලදී. 

 


Spread the love

Leave a Comment

You may also like