උණුසුම් පුවත්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉන්දියාවට

Spread the love

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සියයට 49 දශම 5ක කොටස් ප්‍රමාණයක් විදේශ ආයෝජකයින් සදහා විකිණීමට සුදානම් වන්නේ ඩොලර් මිලියන 500ක මුදලකට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ටෙලිකොම් වෘත්තීය සමිතිය පවසයි.

ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊට අදාළ සාකච්ඡා වට කිහිපයක් විදේශ ආයෝජකයින් සමග කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පසුගිදා පවත්වා ඇත.

දැනට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සියයට 52 දශම 3ක කොටස් ප්‍රමාණයෙන් රජය සතුව ඍජුවම පවතින්නේ සියයට 49 දශම 5ක කොටස් ප්‍රමාණයක් බවත් ඉතිරි ප්‍රමාණය විවිධ සමාගම් සතුව පවතී.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන් සඳහා විකිණීමට ගෙන ඇති තීරණය අයවැය යෝජනාවෙන් වහාම ඉවත් කර ගන්නා ලෙස ටෙලිකොම් වෘත්තීය සමිති, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

මෙවැනි දැවැන්ත ලෙස ලාබ ලබන ආයතනයක් කුණු කොල්ලයට විකුණා දැමීම හරහා මෙරට ජාතික ආරක්ෂාවට පවා දැඩි තර්ජනයක් එල්ල වන බවද හෙතෙම කීවේය.

ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ ලෝකයේ විශාල ආර්ථික ඇති දියුණු රටවල් ඊ වානිජ ලෝකය වෙත ගමන් කරමින් සිටින බැවින් රටක් දියුණු කිරීමට එරට සංනිවේදන පද්ධතියේ අයිතිය රජය සතුව තිබීම වඩාත් වැදගත් බවයි.

එසේම ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේවන විටත් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය හා එහි දත්ත ගබඩාව තමන් සතුකර ගැනීමට ඉන්දීයාව ඉතා සූක්ෂමව කටයුතු කරමින් සිටින බවත්, එහි දෙවැනි පියවර ජාතික සංනිවේදන ජාලය සියතට ගැනීම බවයි.

මේ අනුව සැලසුම් කරගෙන ඇති අන්දමට ඉන්දියාවේ අදානි හා ලයිකා මොබයිල් ආයතන වලට මෙම කොටස් විකුණා දැමුවහොත් ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පතක් හිමි සියලු දෙනාගේම තොරතුරු පමණක් නොව සියලුම දුරකථන ජාලා වල තොරතුරු ඉන්දියාව සතු වීම වැළැක්විය නොහැක.

ටෙලිකොම් නියෝජිතයන් පවසන්නේ මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට වත්මන් සභාපති රොහාන් ප්‍රනාන්දුද වගකිව යුතු බවයි.

පසුගිය වකවානුවේ ටෙලිකොම් ආයතනය ලාභ ලබන බවට මොහු මාධ්‍ය සංදර්ශන පැවැත්වුවත් ලෝගෝව වෙනස් කිරීම හා බිරිඳගේ හා දිලිත්ගේ ට්‍රයි ඇඩ් ප්‍රචාරක ආයතනය හරහා දෙරණට ලබා දුන් කෝටි ගණනක මුදල් හා තමන් ප්‍රධාන ආරාධිතයා ලෙස ගෙන්වා ගැනීමට විවිධ උත්සව වලට ලක්ෂ ගණනින් ලබා දුන් අනුග්‍රහයන් වලින් ටෙලිකොම් ආයතනයට වූ අලාභයට මොහු වගකිව යුතු බවත් ඔවුන් පවසයි.

මොහු වැනි දුර්වලයකු ආණ්ඩුව වෙනස් වෙද්දීත් ඉවත් නොකර තබා ගෙන සිටින්නේ ඕනෑම ආණ්ඩුවකට නැටවිය හැකි රූකඩයක් නිසා බවත් ඔවුහු පවසති.


Spread the love

Leave a Comment

You may also like