රුපියල් බිලියන ගණනාවක දැවැන්ත මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති තිකෝ ව්‍යාපාර සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂිකා තිලිණි පියුමාලි නිදහස් කර ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කුමන්ත්‍රණකාරීව සැළසුම් කර තිබෙන බව වාර්තා වේ.
නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන…….
මෙම දැවැන්ත මුල්‍ය වංචාව සම්බන්ධයෙන් තිලිණි පියුමාලි ගේ සැමියා බව කියවෙන තැනැත්තාද කොළඹ THE ONE නමින් හඳුන්වන ක්‍රිෂ් සමාගම විසින් අළුතෙන් පිහිටුවන ලද මිශ්‍රි ආයෝජන ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිළධාරිණී ජානකී සිරිවර්ධන නැමැත්තියද රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.තිලිණි පියමාලිගේ කට උත්තර වල සඳහන්ව ඇත්තේ තමන්ගේ ආයෝජන වැඩි වශයෙන් යොදවා ඇත්තේ ජානකී සිරිවර්ධන විධායක නිළධාරී තනතුර දරණ සමාගමේ බවය.
මෙරට මහත් ආන්දෝලනයට පත් වූ ක්‍රිෂ් ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන්ද මෙම ජානකී සිරිවර්ධන ගේ නම සඳහන් වී තිබුණි.ක්‍රිෂ් විමර්ශනය අතරතුර පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා විසින් මහේස්ත්‍රාත්වරයකුට දී ඇති පාපොච්චාරණය මඟින් නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන අතර වූ රහස් සම්බන්ධතාවන් ගැන තොරතුරු රැසක් අනාවරණය කර තිබුණි.
මේ නාමල් රාජපක්ෂ විසින් විදේශීය ව්‍යාපාරික ප්‍රභූවරුන් දැලේ දා ගැනීම සඳහා යොදා ගන්නා ලද්දේ මෙම ජානකී සිරිවර්ධනය.යහපාලන ආණ්ඩුව පිහිටවූ පසු ජානකී සිරිවර්ධන එවකට අගමැති රනිල් රාජපක්ෂ හමුවී ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරිකයකු වූ අම්බානි මෙරට ගෙන්වා අගමැති හා හමුවක් පවා සංවිධානය කර තිබුණි.එම හමුව පිටුපස සිටියේද නාමල් රාජපක්ෂ බව බුද්ධි තොරතුරු වාර්තා ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලැබී තිබුණි.
මොනාරෝ අධිපති අජන්ත සොයිසා…….
ජානකී සිරිවර්ධන එතරම් අධ්‍යාපනයක් නොලද බලපිටිය පදිංචිව සිටි ඉතා ඉතා රූමත් තැනැත්තියකි.ඇයට ඉහළ සමාජයට යාමට එකම සුදුසුකම වූයේ මේ රූමත් කමය.සැබැවින්ම ඇය ඉහළ සමාජයට කැන්දා ගෙන ආවේ මොනාරෝ අධිපති අජන්ත සොයිසාය.අජන්ත සොයිසා යනු සෙල්ලක්කාර ජීවිතයක් ගෙන ව්‍යාපාරිකයෙකු වන අතර බොහෝ දේශපාලන පවුල්වල දූ පුතුන් හට සුන්දර තරුණියන් සපයා දෙන්නෙකුද වේ.අජන්ත සොයිසා විසින් මෙම ජානකී සිරිවර්ධන ප්‍රථමයෙන් හදුන්වා දෙන්නේ සජින් වාස් ගුණවර්ධන හටය.
මහින්ද රාජපක්ෂගේ අන්ත:පුරය……
ඉන් පසු සජින් වාස් ගුණවර්ධන විසින් ජානකී සිරිවර්ධන මහින්ද රාජපක්ෂගේ අන්ත:පුරය වෙත ගෙන යනු ලැබීය.ඇය වරප්‍රසාදිත ප්‍රභූ කාන්තාවක බවට පත් වූයේ එතැන් සිටය.මහින්ද රාජපක්ෂ ගෙන් පසුව නාමල රාජපක්ෂ හා සම්බන්ධ වූ ඇය ඔහුගේ රහස් ගණුදෙනු වල කොටස්කාරියක ලෙස මැදිහත් වෙන්නට තරමේ වාසනාවන්ත එකියක වූවාය.නාමල් රාජපක්ෂ මෙරට කලු සල්ලි හිමි ව්‍යාපාරිකයන් අන්දවා මුදල් කඩා ගත්තේද ජානකී සිරිවර්ධන යොදවා ගනිමිනි.ඇය ගේ දැලට හසුවූවන් අතර සනත් ජයසූරිය ඇතුළු මෙරට ප්‍රබල චරිත ගනනාවක් සිටී.ඒ අතරේ ජානකී සිරිවර්ධන මෙම ප්‍රබල චරිත වල පෞද්ගලික රහස් නාමල් රාජපක්ෂ වෙත සපයන ඔත්තුකාරිය බවටද පත්වී සිටියාය.
කෙසේවෙතත් තිලිණි ප්‍රියමාලි ද නාමල් රාජපක්ෂගේ කූඨ ව්‍යාපාර වලදී ජානකී සිරිවර්ධනගේ සාහිකාව ලෙස කටයුතු කෙරුවාය.තිලිණි ප්‍රියමාලි හා ජානකී සිරිවර්ධන විසින් ගෙනගිය මෙම මහ මුල්‍ය වංචාව පිටුපස සිටින්නේ රාජපක්ෂ පුත්‍රයන් වේ.
ස්ථානාධිපති වරිය වූ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිරෝෂා හා පොලිස් සැරයන් 4701 ගුණරත්න වහාම ස්ථාන මාරු කිරීම……
මේ වන විට නාමල් රාජපක්ෂ උත්සාහ කරමින් සිටින්නේ තිලිණි ප්‍රියමාලි ගේ මුල්‍ය වංචාව ගොඩ දා ගැනීමටය.එහි ප්‍රථම අදියර ලෙස මෙම දැවැන්ත මුල්‍ය වංචාව පිළිබඳව පරීක්ෂණ කටයුතු කළ මුල්‍ය වංචා පිළිබඳ විශේෂ අපරාද අංශයේ ස්ථානාධිපති වරිය වූ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිරෝෂා හා පොලිස් සැරයන් 4701 ගුණරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා ම බව සඳහන් කරමින් ස්ථාන මාරු කර යවා තිබේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අධිකරණ කටයුතු වලදී ව්‍යක්ත ඉංග්‍රීසියෙන් කරුනු පැහැදිලි කරන නීතිය පිළිබඳව හසල දැනුමක් හා අවබෝධයක් ඇති නිළධාරිණියකි.ඇය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද B21360/22 දරන බී වාර්තාවෙි සඳහන් ආකාරයට ලක්ෂ 350ක් වටිනා බීඑම්ඩබ් ජිප් රථයක්ද,ලක්ෂ එකසිය පනහක් වටිනාකමැති රත්තරන් තොගයක්ද ,ලක්ෂ 150 ක් වටිනාකමැති මෝටර් රථයක්ද මුදලින් ලක්ෂ තිහක්ද,රත්තරං කිලෝ 08 ක් ද නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබේ.
බිල්යනයකට ආසන්නව වංචාකරු වු ඉසුරු බංඩාරට ඇප……….
ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිරෝෂා ස්ථාන මාරුවීම සිදු කළ දිනයට පසු දින පැවැති මෙම මුල්‍ය වංචා නඩුවේදී ජානකී සිරිවර්ධනට හා තිලිණි ප්‍රියමාලිගේ අනියම් පුරුෂයා වු ඇප මත මුදා හැර තිබෙි.මෙහිදී එදිනට නඩුවට පෙනී සිටි මුල්‍ය වංචා අංශයේ නිළධාරීන්ගෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිරෝෂා පෙනී සිටින්නේ නැත්තේ කවර හේතුවක් නිසාද යන්න මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විමසා තිබෙි.වැඩිදුරටත් මහේස්ත්‍රාත් වරයා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරියගේ ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් පොලිස්පති වරයාගෙන් කරුණු විමසා ඇතැයිද වාර්තා වේ.
අපරාදකරුවන් ගේ මහ මොලකරු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ………

මේවනවිට ලිඛිත සාක්ෂි සහ හඩපට අනුව මේ සියල්ලෙම මහමොලකරු අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහය. ඔහු මෙම නිලධාරින් දෙදෙනා ඉවත් කිරීමට ඇමති ටිරාන්ට බොරු වාර්තාවක් ලබාදි තිබේ . අසත්‍ය වාර්තාවක් පදනමව විනය හා කල් ක්‍රියා අධ්‍යක්ෂක වික්‍රමසිංහ විසින් පදනම් විරහිත්ව කල නිර්දෙශය අනම පොලිස්පති ඇමතිවරයාට යවා ඇත. ඒත් රටේ නිතිපති පොලිස්පතිට කල නිර්දේශය වු දේශබන්දු ඉවත් නොකරන්නේ වික්‍රමරත්නගේ ජානවලින් කොන්ද හැකිලි ඇති නිසා බව ඉහල පොලිස් නිලධාරින්ම කියයි.
කෙසේ වෙතත් ලංකා පොලිසිය බලු වී නැති නමුත් අයාලයේ යන වල් බල්ලන් ජරාව දුටු තැන කන්නා සේ ප්‍රසාද් රණසිංහලා, රොහාන් ප්‍රේමරත්නලා අද පොලිසිය නැමති උත්තරීතර සේවාව තුලට රිංගා ජරාව් කමින් සිටි. මුන්ව එලවා නොදමා පොලිසිය කිසිදවසක සුද්ද කල නොගැකි බව අපි ඇමතිවරයාට මතක් කරන්නෙමු.
