මෙරට නීතිය කෙතරම් පහතට වැටී තිබේද යන්න ගැන අනාවරණය වන පුවතක් කළුතර පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.ඒ සන්නද්ධ කණ්ඩායමක් පොලිස් පරීක්ෂක වරයෙකුගේ නිවස මංකොල්ල කෑම පිළිබඳවය.
කළුතර උතුර විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිසාන් කුමාර ගේ වැලිපැන්න බොන්දුපිටිය කුරුන්ද පාර පිහිටි නිවසය.එම නිවසට පැමිණි ආයුද සන්නද්ධ කණ්ඩායම පොලිස් පරීක්ෂක වරයාගේ බිරිඳට පහර දී එහි තිබූ රන් භාණ්ඩ කොල්ල කා තිබේ.
ඒ අතරේම අළුත්කඩේ අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු පවුම් 44 කට අධික රන් භාණ්ඩ සොරකම් කර ඇතැයිද වාර්තා වේ.
මෙතරම් දවසක් මෙරට සමාජයෙන් වාර්තා වූයේ සාමාන්‍ය ජනතාවගේ නිවාස මංකෙල්ලකෑම් භාණ්ඩ සොරකම් හා රන් භාණ්ඩ පැහැර ගැනීම වැනි අපරාදමය සිදුවීම් වේ. අධිකරණය හා පොලීසිය සම්බන්ධයෙන් අපරාදකරුවන් තුළ පැවැති බිය මේ වන විට පහව යමින් පවතින බව ඉහත වාර්තා වූ සිදුවීම් වලින් නිගමනය කළ හැකිය. මෙය ඉතා බරපතල අවදානම්කාරී සමාජ වටපිටාවක් නිර්මාණය වෙමින් පවතින බවට සාක්ෂියකි.