උණුසුම් පුවත්

හිට්ලර්ට එරෙහිව ඇමරිකානු ජනපති ජෝ බයිඩන්

Spread the love

පසුගියදා හිට්ලර් චරිතයට ඇඳි ගෝපයියා මාක් බටලන්දේ රනිල් රාජපක්ෂගේ අවධානයට ලක් විය යුතු ටිවිටර් පණිවුඩයක් එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් විසින් නිකුත් කර තිබෙි.

“….මට කරුණු කිහිපයක් පැහැදිලි කිරීමට අවශ්‍යයි.සමූල ඝාතනය සිදු වුනා.හිට්ලර් යක්ෂ චරිතයක්.ඊට වේදිකාවක් දෙනවා වෙනුවට අපේ දේශපාලන නායකයන් කළ යුත්තේ යුදෙව් ⁣විරෝධය කොතැනක සැඟවුනත් එය ප්‍රතික්ශේප කිරීමයි.නිශ්ශබ්දතාව හවුල්කාරිත්වයකි….” යනුවෙන් ජනපති බයිඩන් එහි සඳහන් කර තිබේ…”

ජනපති බයිඩන් මෙම පනිවිඩය නිකුත් කර ඇත්තේ රැප් ගායක Kanye west  මම හිට්ලර් ගැන හොඳ දේවල් දකිමි, මම හිට්ලර්ට කැමතියි,මම නාසීන්ට ආදරෙයි යනුවෙන් මාධ්‍යවල සම්මුඛ සාකච්ඡා ගණනකාවදී ප්‍රකාශ කිරීමෙන් පසුවය.  
ඇමරිකානු ජනපතිවරයාගේ මෙම ටිවිටර් පණිවිඩය ගෝපයියා මාක් බටලන්දේ රනිල් රාජපක්ෂ හා ⁣උන්දෑගේ ඔඩොක්කු කුක්කන්ගේ අවධානයටද ගත යුතුම බව අපි අවධාරණය කරමු.

Spread the love

Leave a Comment

You may also like