උණුසුම් පුවත්

හිටපු මහාධිකරණ විනිසුරුවරියට හිර දඬුවම් නියම වේ

Spread the love

ගාල්ල හිටපු මහේස්ත්‍රාත්වරියක වන ඩී.එස්.මෙරෙංචිආරච්චි නැමැත්තියට 

කොළඹ මහාධිකරණය විසින් පසුගියදා⁣(2)බරපතල වැඩ සහිත වසර 05ක් බැගින් වූ සිරදඬුවම් නියම කළේය.
සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපොළ පනත යටතේ නරදක් කරන ලදැයි චෝදනා කරමින් තිබූ නඩු දෙකකට අදාලව අධිකරණය විසින් සිදු කළ නඩු විභාගයකින් පසුව ඇය වෙත මෙම දඬුවම දෙන ලදී.
විත්තිකාරිය අධිකරණය මග හැර සිටින බැවින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් ඇය අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කෙරිණි.
2000වසරේ අප්‍රේල් මාසයේදී අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණ සුරා බදු නඩුවක් සඳහා නියම කර තිබූ රුපියල් 7500ක දඩ මුදල රුපියල් 1500ක් ලෙස සටහන් කිරීමෙන් සහ තවත් එවැනිම නඩුවක රුපියල් පන්දාහක දඩ මුදල රුපියල් 1500ක් ලෙස ලෙස අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපොළ පනත යටතේ රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි චෝදනා කරමින් නීතිපති වරයා විසින් මෙම නඩුකරය ගොනු කර තිබුණි. 

 


Spread the love

Leave a Comment

You may also like