උණුසුම් පුවත්

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටින්නෑ. නීතිපති අධිකරණයට කියයි

Spread the love

පසුගිය මැයි 9 දා ගාලු මුවදොර සිදු වූ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් බස්නාහිර පලාත භාරව කටයුතු කරන ඡෙ.නි.පො.දේශබන්දු තෙන්නකෝන්  අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින් නීතිඥ රාමලිංඟම් රංජන් විසින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද රිට් පෙත්සම අද දිනයේදී (29) අභියාචනාධිකරණයේදී විභාගයට ගන්නා ලදී.

එහිදී නීතිපතිවරයා කරුණු දක්වමින් කියා සිටියේ තමන් දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී නොසිටින බවය.එහිදී ඡෙනිපො.දේශ බන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා කියා සිටියේ තම සේවා දායකයා පෙර දින සවස ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා සිය නීතිඥවරයා ලෙස පත් කර ගෙන ඇති බවත් ඔහුට නඩුවට සූදානම් වීමට කාලයක් නොතිබුන බවය.
ඒ අනුව පෙත්සම්කාර පාර්ශවයේ කරුණු තහවුරු කිරීම සඳහා නඩුව දෙසැම්බර් මස 16 දක්වා කල් තබන ලදී.අභියාචනාධිකරණ ව්නිසුරුවරුන් වන සෝභිත රාජකරුණා,ධම්මික ගනේපොල යන විනිසුුුරුන් විසින් නඩුව විභාගයට ගැණිනි.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සමගඅශාන් නානායක්කාර,ඉෆ්ෆන් සහබ්දීන්,ශාන් ගොඩකුඹුර,මිගාර ගුණරත්න යන නීතිඥවරුන් පෙනී සිටියහ.

 


Spread the love

Leave a Comment

You may also like