උණුසුම් පුවත්

ගල්වැව සිරිධම්ම හිමි ඇප මුත මුදා හැරේ ඒත් නැවත අත් අඩංගුවට

Spread the love

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කුජීත පොලීසිය රඳවාගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ගල්වැව සිරිධම්ම හිමි ඇප මත මුදා හැර තිබේ.
 ඒත් නැවත වෙනත් චෝදනාවක් මත කොළඹ අපරාද කොට්ඨාශය මගින් නැවත අත් අඩංගුවට ගෙන ලබන 03 වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත කොට ඇත

ගල්වැව සිරි ධම්ම හිමි අද (23)කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
උන්වහන්සේ සමග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා සිටි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔවුන් සමග රඳවාගෙන සිටින හෂාන් ජීවන්ත මීට පෙර නිදහස් කෙරිණි.

 


Spread the love

Leave a Comment

You may also like