උණුසුම් පුවත්

පොලිස් පරික්ෂක ඩග්ලස් නිමල් හා බිරිදව මහපාරේ මරා දමන්නට පාතාලයට කොන්ත්‍රාත් දුන් “පොලිස් කොමිෂමේ සභාපති” චන්ද්‍රා ප්‍රනාන්දු පාහරයා

Spread the love

පොලිස් කොමිෂමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු හඳුන්වන්නට බල්ලා වැනි  තිරිසන් සතෙකුගේ නම යොදා ගත හොත් එය බල්ලාට කරන අසාධාරණයකි. මේ පාහරයා ඒ තරමටම අසමජ්ජාතියෙකි. පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයේ අසූචි ගෑ පොලිස්පතිවරයකු වන චන්ද්‍රා ප්‍රනාන්දු ඉන් නොනැවතී රාජපක්ෂ වරුන්ගේ අසූචි ඉහ උඩ තබාගෙන වන්දනාමාන කරන ජාතියේ අවලම් ගෝතයෙකි.නොසන්ඩාල ජඩයෙකි.

උපන්දින උත්සවය………

චන්ද්‍රා ප්‍රනාන්දු මෙරට පොලිස්පති තනතුරට පත්වෙන්න⁣ට පෙර පොලිස්පති වූයේ ආනන්ද රාජාය.ද්‍රවිඩ ජාතිකයකු වූ ආනන්ද රාජා වචනයේ පරසමාප්තාර්ථයෙන්ම පොලීසියේ සේවය කළ මහත්මයෙකි.මේ කාලයේ ජනාධිපතිවරිය වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායකය.තක්කඩි චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පති ආනන්ද රාජා එලවා දැමීමට පාදඩ සැළසුමක් සකස් කරන ලදී.සිය හිතවත් ව්‍යාපාරිකයකු ගේ නිවසේ උපන්දින උත්සවයක් තිබෙන බවත් ඒ සඳහා සහභාගි ⁣වීමට පැමිනෙන ලෙසත් චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පති ආනන්දරාජාට ආරාධනා කොට ඉන් පසු පොලිස්පතිවරයා එම උත්සවයට කැඳවා ගෙන ගියේය. එහිදී එම ව්‍යාපාරිකයැයි පැවසූ තැනැත්තා සමග පොලිස්පතිවරයා සිටින ඡායාරූප කිහිපයක්ද චන්ද්‍රා ප්‍රනාන්දු විසින් ලබා ගැණිනි.මේ ව්‍යාපාරිකයා කවුරුද යන්න ගැන පොලිස්පති ආනන්ද රාජා හාංකාවිසියක් දැන සි⁣ටියේ නැත.ඔහු දැන සිටියේ මේ ව්‍යාපාරිකයා චන්ද්‍රා ප්‍රනාන්දුගේ සමීපතම මිතුරෙක් බව පමණි.මෙම සාදය පවත්වා ගෙවී ගියේ දින ගණනකි.ජනමාධ්‍යවල පොලිස්පතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග ප්‍රීති සාදයක සිටි බව වාර්තා කොට එහි ඡායාරූප පල කිරීමත් සමගම ආණ්ඩුව බරපතල අර්බුදයකට ලක්විය.ජනාධිපති චන්ද්‍රිකාබණ්ඩාරනායක පොලිස්පති ආනන්ද රාජාට තනතුරෙන් අස්වීමට නියෝග කළාය.අනතුරුව පොලිස්පති තනතුරට පත් කරන ලද්දේ එම තක්කඩි සැලසුම හීන් නූලෙන් ක්‍රියාත්මක කළ චන්ද්‍රා ප්‍රනාන්දු නම් පාදඩයාය.

පාදඩයා පොලිස්පති තනතුරට……..
මේ පාදඩයා පොලිස්පති තනතුරට පත් වීමත් සමගම මෙරට මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට හදිසියේ කඩා පාත්වුන වාසනා ලොතරැයියක් විය.රට පුරා තැනින් තැන සිදුවූ සංවිධානාත්මක අපරාද හා පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ගේ යටි බිම් ගත සම්බන්ධයක් පැවතුණි.මොහු  රාජපක්ෂවරුන් හා  ගනුදෙනු අරඹන්නේ මේ කාලයේදීය.චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනියට එරෙහිව මහින්ද රාජපක්ෂට කේලාම් කියමින් ඔවුන්ගේ ඔඩොක්කු කුක්කකු වූ මේ පාදඩයා මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට ව්‍යාප්ත කිරීමට උපකාර කරන ලදී.
කොදු නාරටිය නොනැවූ පොප ඩග්ලස් නිමල්…………
මෙි කා⁣ලයේදී දෙමටගොඩ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වරයා ලෙස කටයුතු කෙරුවේ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල්ය.ඩග්ලස් නිමල් යනු නාහෙට නා⁣හන පොලිස් පරීක්ෂකවරයෙකි.ඔහු වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි⁣ කරන අවධියේ ඔහුගේ නිල කාමරයේ ඔහුට අයත් නිල අසුනේ බලහත්කාරයෙන් වාඩි වූ රව් කරුණානායකගේ පෞද්ගලික ලේකම් වරයා ගේ බෙල්ලෙන් අල්ලා ගෙන ගොස් කූඩුවට දැම්මේය.ඉන් පසු ඔහු පැයෙන් පැයට බස්නාහිර පලාතේ පොලිස් ස්ථාන තුනකට මාරු කොට යැවිනි.ඩග්ලස් නිමල් එම ස්ථාන මාරුවීම් වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එම ස්ථාන මාරුවීම් වලක්වාගෙන නැවත වැලම්පිටිය පොලිස් ස්ථානාධිපති වරයා ලෙසද  පත් විය.
රාජකාරියේදී කිසිවෙකුට කොදු නාරටිය නොනැවූ පොප ඩග්ලස් නිමල්  කොළඹ ජාවාරම්කාර පොලිස් නිළධාරීන්ට හිසරදයක් වූ චරිතයක් විය.දෙමටගොඩ ඒකකයේ පොලිස් ස්ථානාධිපති වරයා ලෙස කටයුතු කළ පොප ඩග්ලස් නිමල් වැල්ලවත්තේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනිනි.මින් එක් සැකකරුවකු ප්‍රසිද්ධ පාතාල ක්‍රියාකාරිකයකු වූ කිඹුලඇලේ ගුණා ගේ මස්සිනා විය.අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ප්‍රශ්ණ කිරීමේදී ඔවුන්ගේ හොරොයින් ජාවාරම්වලදී සහයෝගය දෙන පොලිස් නිළධාරීන් ගණනනාවක ගේ හෙළිදරව් කෙරිණි.එසේම කුඩු ඩේලු හට පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ගේ පවතින ගජ මිතුරු සම්බන්ධතාවද අනාවරණය කරන ලදී.
පොලිස්පති වූයේ පූජිත……..
මේ වන විට බස්නාහිර පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූයේ පූජිත ජයසුන්දරය. අත් අඩංගුවට ගත් සැකකරුවන් ගේ ප්‍රකාශයන් පිළිබඳව පූජිත ජයසුන්දර දැනුවත් වීමත් සමගම එම සැකකරුවන් තමන්ට බාර දෙන ලෙස ඔහු පොප ඩග්ලස් නිමල්⁣ට නියෝග කෙරුවේය.එහෙත් පොප ඩග්ලස් නිමල් එම නියෝගය පඩයකට ගණන් ගත්තේ නැත.ඔහු ගේ අපේක්ෂාව වූයේ හොරොයින් ජාවාරම්කරුවන් හා ගනුදෙනු කරන පොලිස් නිළධාරීන් රොත්ත පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන්ටය.පූජිත ජයසුන්දර ඉන් බියට පත් විය.
සැකකරුවන්ගේ මෘත දේහ………..
ඔහු මෙම සිද්ධිය ගැන පොලිස් පති චන්ද්‍රා ප්‍රනාන්දුට පෞද්ගලිකවම දැනුවත් කෙරුවේය.පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ද පොප ඩග්ලස් නිමල් ගේ මේ රාජකාරියෙන් තමන්ටද කෙල වෙන බව සිතා කැළඹීමට පත් විය.පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ඉන්පසු පෞද්ගලිකව පොප ඩග්ලස් නිමල්ට නියෝග කරන ලද්දේ වහාම සැක කරුවන් දෙදෙනා තමන්ට බාර දෙන ලෙසය.පොප ඩග්ලස් නිමල් සිය පොලිස් ඒකකයේ පොත් වල සටහන් දමා එම සැකකරුවන් දෙදෙනා පොලිස්පති  චන්ද්‍රා ප්‍රනාන්දුට බාර දුන්නේ ඡෙනිපො පූජිත ජයසුන්දර සමග  පොලිස්පති කාර්යාලයට ගෙන ගොස්ය. මෙම සැකකරුවන් දෙදෙනා පොලිස්පතිට බාර දීමෙන් පසුව දින දෙකක් ගෙවී ගිය තැන පුත්තලම ප්‍රදේශයේදී එම සැකකරුවන්ගේ මෘත දේහ හමුවිය.පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු රහස් හෙළිවීමට බියෙන් එම සැකකරුවන් ඝාතනය කළ බව නිසැකය.
මිනිමැරුමේ කොන්ත්‍රාත්කරුවන්…….
ඩග්ලස් නිමල් මාලිගාවත්ත අධිකරණයෙන් නිදහස් ……….
පාතාල ජාවාරම් කරුවන් හා සම්බන්ධ පොලිස් නිළධාරීන්ගේ සැලසුමකට අනුව පොප ඩග්ලස් නිමල්ට එරෙහිව අල්ලස් චෝදනා කොට බන්ධනාගාර ගත කෙරිණි.මාස තුනක කාලයක් බන්ධනාගාරගත කර සිටි පොප ඩග්ලස් නිමල් මාලිගාවත්ත අධිකරණයෙන් නිදහස් කරන ලද්දේ කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකරය.එහෙත්  පදනම් විරහිතව ඔහු වැඩ තහනමකට ලක් විය.වැඩ තහනමකට ලක්වූ පොප ඩග්ලස් නිමල් රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් හමුව තමන්⁣ට සිදුවූ අසාධාරණය පිළිබඳව දැනුවත් කරන ලදී.රාවය කර්තෘ වරයා පොප ඩග්ලස් නිමල්ට උපදෙස් දුන්නේ පසුදිනම පොලීසියේ පාතාල සම්බන්ධතා සමිබන්ධයෙන් මාධ්‍ය සාකාච්ඡාවක් පවත්වන ලෙසය.වික්ටර් අයිවන් එය වහාම සංවිධානය කරන ලදී.එහිදී පොප ඩග්ලස් නිමල් එම සියළු තොරතුරු ඇතුළත් ගොනුවක් සකස් කර පසුදින ගෙන එන බවටද වික්ටර් අයිවන්ට පොරොන්දු විය.

බිරිඳ සමග අතුරුගිරියේදී ⁣වෙඩි ප්‍රහාරයකට

පසුදා පොප ඩග්ලස් නිමල් රජයේ රැකියාවක නිරත බිරිඳ සමග සිය වාහනයෙන් රාවය කාර්යාලයට එමින් සිටියදී අතුරුගිරියේදී ⁣වෙඩි ප්‍රහාරයකට ලක් විය.පොලීසියේ කෙරුවාව සඳහන් කර තිබූ ගොනුව පොප ඩග්ලස් නිමල් ගේ වාහනයේ තිබී අපරාද විමර්ශන අංශයට ගත් අතර එය පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු අතට පත් කිරීමෙන් පසුව අතුරුදන් විය

සහකාර පොලිස් අධිකාරී සරත් ලූගොඩ…….

ඩග්ලස් නිමල් ඝාතනයේ කොන්ත්‍රාතුව ගෙන තිබුණේ අහුංගල්ල  පදිංචි පැණ ගිය හමුදා සෙබලකු වූ පෝරෙගෙදර සරත් නැමැත්තාය.පෝරෙගෙදර සරත්ට එම කොන්ත්‍රාතුව දී තිබුණේ කිඹුලඇලේ ගුණාය.මෙහිදී කිඹුලඇලේ ගුණා පෝරෙගෙදර සරත් සහකාර පොලිස් අධිකාරී සරත් ලූගොඩ මුණ ගස්වා තිබේ.සහකාර පොලිස් අධිකාරී සරත් ලූගොඩ පෝරෙගෙදර සරත්ට පවසා ඇත්තේ පොලීසියට හිස රදයක් වූ හෙරොයින්  ජාවාරම්කාරයකු සිටින බවත් ඔහු ඝාතනය කරන ලෙසත් එය සිදු කිරීමෙන් පසුව පොලිස්පතිවරයා විසින්  ලක්ෂ දහයක් ලබා දෙන බවත්ය.⁣එහෙත් මෙහිදී පෝරෙගෙදර සරත්ට ප්‍රශ්ණයක් වී ඇත්තේ ආයුදයකි.එම ප්‍රශ්ණය විසඳීමට සහකාර පොලිස් අධිකාරී සරත් ලූගොඩ ටී පනස් හයක් මිලයට ගැනීමට සරත්ට ලක්ෂ තුනක මුදලක් දී තිබේ.

පෝරෙගෙදර සරත් සිය සගයන් දෙදෙනෙකු සමග එක්ව පොප ඩග්ලස් නිමල් ඝාතන කෙරිණි.කෙසේවෙතත් පෝරෙගෙදර සරත් තමන් ඝාතනය කරන ලද්දේ පොලිස් නිළධාරියකු බව දැනගන්නේ දහවල් ප්‍රවෘත්ති වලිනි.පසුව පෝරෙගෙදර සරත් සහකාර පොලිස් අධිකාරී සරත් ලූගොඩ හමුවන්නේ ඝාතන කොන්ත්‍රාතුවේ ඉතිරි මුදල් ලබා ගැනීමටය.එහෙත් එහිදී සහකාර පොලිස් අධිකාරී පෝරෙගෙදර සරත් තර්ජනය කර එලවා දමන්නේ අත් අඩංගුවට ගෙන මරා දමන බවට ප්‍රකාශ කරමිනි.
කිඹුලා  ඇලේ ගුණා තවමත් ඉන්දියාවේ ජීවත් වේ.තම මස්සිනා මරා දැමුවේ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු පූජිත ජයසුන්දර සරත් ලූගොඩ කල්ලිය බව කිඹුලා ඇලේ ගුණා තවමත් දැනුවත් නැති බව අපට විශ්වාසය.ඔහුගේ මස්සිනාගේ මිනීමරුවා අද පොලිස් කොමිෂමේ සභාපතිවරයාය. පූජිත ජයසුන්දර හා සරත් ලූගොඩ විශ්‍රාම සුවයෙන් තවමත් ජීවත් වේ.

රාජකාරිය අකුරට කිරීමට ගොස් සිය ජීවිතය හා බිරිඳගේ ජීවිතයද අහිමි කරගත් ඩග්ලස් නිමල් ගැන පොලීසියට වගේ වගක් නැත.ඩග්ලස් නිමල් හා ඔහුගේ බිරිඳ ඝාතනය කළ මිනීමරුවන්ට හෙණවත් නැත.තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නවා යැයි කියන රටේ වැඩ සිද්ධ වෙන්නේ එහෙමය.  

රටට ජාතියට ආදරේයැයි පුරසාරම් කයිවාරු කෙලින දේශපාලඥයන්……..

තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ කෙරුවාව කෙසේ වෙතත් මේ පාහරයන්  ගැන අපට වඩා දැනුවත්විය යුත්තේ රටට ජාතියට ආදරේයැයි පුරසාරම් කයිවාරු කෙලින දේශපාලඥයන්ය. එහෙත් මේ දේශප්‍රේමී දේශපාලඥයන් කිසිම අවස්ථාවක පො,ප ඩග්ලස් නිමල් ඝාතනය ගැන වචනයක් කතා කර නැත.අපට දුක හිතෙන්නේ ඒ ගැනය.
අප ලියන මේ තොරතුරු අතේ රෝල් යැයි කවරෙකු හෝ සිතනවා නම් පාදඩ චන්ද්‍ර ප්‍රනාන්දු හා පූජිත ජයසුන්දර, සරත් ලූගොඩ ගැන පොලිස් පොත් වල පොප ඩග්ලස් නිමල් තැබූ සටහන් තවමත් ආරක්ෂිතව තියෙන බව පමනක් කියන්නට කැමතිය.

 



Spread the love

Leave a Comment

You may also like