උණුසුම් පුවත්

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව අයදියි

Spread the love

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නියෝග නොතැකීම සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න හා
නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන මහින්ද ගුණරත්න ජේ.එස්.වීරසේකර, ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන එම්.එන්.එස් මෙන්ඩිස්, සනත් කුමාර යන අයවළුන් අද (16)දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කළහ.

⁣මෙහිදී පොලිස්පතිවරයා ඇතුළුව අ⁣නෙකුත් පොලිස් නිළධාරීන් වෙනුවෙන්
පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරීන් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දන්වා සිටියේ අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු කිරීමට අතපසු වීම ගැන සිය සේවාදායකයන් කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කරන බවය.තවදුරටත් එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ
එම නියෝගය⁣ අනුව කටයුතු කිරීමට නොහැකි වූයේ පොලිස් දෙපාර්තමේන්තු
වේ පරිපාලනමය ප්‍රමාදයක් නිසා බවය.

සිද්ධියට සම්බන්ධ පෙත්සම්කාර පොලිස් පරීක්ෂක සුදත් මෙන්ඩිස් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග ප්‍රකාරව නැවත සේවයේ පිහිටුවා ඇති බවත් මෙහිදී වැඩිදුරටත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කරන ලදී.


Spread the love

Leave a Comment

You may also like