උණුසුම් පුවත්

දීඝායු වේවා ගෞරවණීය අගරදගුරු තුමණි

Spread the love

අද දින අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය 75 වන
ජන්ම දිනය සමරනු ලැබීය.

උන්වහන්සේ දුක් විඳින මිනිසුන්ගේ හඬ විය

වේදනාවෙන් ඉකිබිඳින ජීවිත සුවපත් කරන්නට උන්වහන්සේ ⁣කැප විය.

අයුක්තියට හා අසාධාරණයට එරෙහිව උන්වහසේගේ එඩිතර හඬ මේ මවුබිම
අවදි කරවන්නට සමත් විය.

උන්වහන්සේ ගේ පෙනී සිටීම තුළ දූෂිත දේශපාලුවන් තිගැස්මට ලක් වූ බව රහසක් නොවේ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් උන්වහන්සේ මිනීමරු දේශපාලඥයන් හා ඔවුන් ආරක්ෂා කරමින් සිටින්නන් වෙත කරමින් සිටින අභියෝගයට සීමා මායිම් නැත.

උන්වහන්සේ ඉල්ලා සිටින්නේ සත්‍යයයි.
ඒ පාස්කු ප්‍රහාරයෙන් කැඩී බිඳී ගිය ආදරණීය මිනිස් ජීවිත වෙනුවෙනි.

ලංකා දවසේ අප………උන්වහන්සේට දීඝායු ප්‍රාර්ථනා කරමු.

ආවඩා ආයුබෝවේවා……….!!!


Spread the love

Leave a Comment

You may also like