උණුසුම් පුවත්

පොලිස් කත ගේ ⁣බෙල්ලෙන් ඇල්ලූ පොලිස් ලොක්කා ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා⁣වේ නියෝජිතවරියක කනස්සල්ල පල කරයි

Spread the love

ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග මත සිරගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාලීය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙසට සඳහන් කර ඇති ප්‍රදර්ශන පූවරු රැගෙන කළුතර සිට කොළඹ දක්වා ගාලු පාරේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකුට අවහිර කළ පොලිස් කණ්ඩායමෙහි සිටි ප්‍රධාන ටපාලිස් පරීක්ෂක චමීන්ද්‍ර පින්තු නැමැත්තා විසින් කාන්තා පොලිස් නිළධාරිණියක ගෙල ගෙලෙන් අල්ලා හිංසනයට ලක් කිරීමේ සිදුවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට සම්බන්ධීකරණ නිළධාරිණී හනා සිංගර් විසින් විශේෂ ටිවීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

සමාජ මැදිහත් වීම් වලදී කාන්තාවන් වෙනස් කොට සැළකීමටත් ඔවුන්ට එරෙහිව පුද්ගල ප්‍රහාරයන් එල්ල වන බවට දැකීමට හැකි බවත්,එහිදී කාන්තාවන් රාජකාරි කටයුතු වල නිරත වීමේදී ඔවුන්ට ගෞරවයෙන් සැළකිය යුතු අතර ඔවුන්ගේ මැදිහත්වීම් හඳුනාගෙන අගය කළ යුතු බවත් ඇය මෙම ටිවිටර් පණිවිඩය මගින් අවධාරණය කර ඇත  


Spread the love

Leave a Comment

You may also like