උණුසුම් පුවත්

යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිෂමෙන් විමර්ශණයක් ඇරඹේ

Spread the love

හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ යෝෂිත රාජපක්ෂ පිළිබඳව අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා හමුදාවේ ශිෂ්‍ය භට නිළධාරියකු ලෙස පුහුණු වීම් වල නිරතව සිටියදී විදේශගත පුහුණු පාඨමාලා වලට   තෝරාගත් ආකාරය ගැන මෙහිදී විමර්ෂණය කරන බව දැනගැන්මට තිබේ.එහිදී මොහු එම පාඨාමාලාවන් සඳහා තෝරා ගැනීමට කටයුතු කළ රාජ්‍ය නිළධාරීන්ගෙන් ප්‍රශ්ණ කිරීමට නියමිතය.
තවදුරටත්  ඔහු සම්බන්ධවූ එම නාවුක පාඨමාලා අතුරෙන් ප්‍රධාන නාවුක  පාඨමාලාව බ්‍රිතාන්‍යයේද අනෙක් පාඨමාලාව යුු⁣ක්‍රේනයේද සිදු කර තිබේ.
කෙසේවෙතත් නාවුක හමුදා ශිෂ්‍ය භට නිළධාරියකු ලෙස නාවුක හමුදාාවට සම්බන්ධ වීමට යෝෂිත රාජපක්ෂ අධ්‍යාපන සුදුසුකම් සපුරා නොතිබුණි.
එහිදී යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවට බඳවා ගැනීමට හැකි ආකාරයෙන් අධ්‍යාපන සුදුසුකම් සංශෝධනය කිරීමට නාවුක හමුදාව කටයුතු කරන ලදී.නාවුක හමුදා ශිෂ්‍ය භටයකු ලෙස යෝෂිත රාජපක්ෂ එම පාඨමාලවේ හොඳම ශිෂ්‍ය භට නිළධාරියා⁣ට හිමි අසිපත ලබා ගත්තේද වංචාවෙනි.පුහුණුවීම් වලදී කිසිදු දක්ෂතාවක් නොපෙන්වූ මොහු  එම පාඨමාලාවේ දක්ෂම ශිෂ්‍ය භට නිළධාරියා ලෙස තෝරා ගන්නා ලද්දේ එම පාඨමාලාවේ සෑම අතින්ම දස්කම් පෑ නාවුක ශිෂ්‍ය භට නිළධාරීන් නොසළකා හරිමිනි.

 


Spread the love

Leave a Comment

You may also like