මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට විදේශගත රැකියා ලබා දීමේ ව්‍යාපෘතියක් පිළිබඳව පැවැති තම සහභාගිත්වයෙන් පැවැති සාකචඡාවකදී ජනාධිපති කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු අල්ලස් ඉල්ලන ලදැයි අග්නි දිග ආසියානු රටක මහ කොමසාරිස් කාර්යාලයක නිළධාරීන් විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට හා ජනාධිපති කාර්යාලයට පැමිණිලි කර තිබේ.
එම මහ කොමසාරිස් කාර්යාලය අයත් රට තුළ මෙරට හෙද හෙදියන් දෙසීය දෙනෙකුට රැකියා අවස්ථා සළසා දීමට සැලසුම් කර තිබේ.මෙම හෙදියන් තෝරාගත යුතුතේ රාජ්‍ය අංශය හා පෞද්ගලික සෞඛ්‍ය සේවා වලින්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ.ඒ සඳහා කටයුතු කිරීමට මැදිහත් වීම වෙනුවෙන් තමාට ලැබෙන මුදල කොපමනද යන්න අදාල අධ්‍යක්ෂ
ජනරාල්වරයා එම සාක්ඡාවට සහභාගි වූ මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන්ගෙන් විමසා ඇත.එමෙන්ම එම වෘත්තිකයන් බඳවා ගැනීමේදී තමාට සම්බන්ධයක් පවතින විදේශ රැකියා නියෝජිත ආයතනයක් හා ගනුදෙනු කරන ලෙසටද මෙහිදී ඔහු යෝජනා කර තිබේ.
මේ සිදුවීම ගැන එම මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන් විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර හා ජනාධිපති කාර්යලය දැනුවත් කර ඇතැයිද අනාවරණය වේ.