උණුසුම් පුවත්

බුදු දහමට නිගාදෙන කහ සිවුරේ අපරාධ

Spread the love

සියල්ලම අනිත්‍යයයි කියන ගමන් සියල්ලම අයිති කර ගන්න උසාවි ගානේ දගලන මහනුන්ගේ වැඩියක් මිසක් කිසිම අඩුවක නැත.
මේ වනවිට ලාංකීය බුදු දහමට විශාල කළු පැල්ලම් එකතු කරමින් භික්ෂුව කලයුතු දේ නොකර ගිහියන් සේ කරට කර දේශපාලනිකව හා සමාජමය හොර ,මැරකම් කරමින් සිටි. මෙයින් සිදුවන්නෙ ඒ භික්ෂුවට සිදුවන අපහාසය නොව රටත් ,ලෝක සුවහසක් ජනතාව අදහන පිවිතුරු බුදු දහමටත් කරන නිගාවකි.

දේශපාලනයට පැමිණි භික්ෂුව මේ වනවිට පොලිස් නිලධාරින් ගේ බෙල්ල මිරිකා මරාදමන නින්දිත තත්වයට පැමිණ ඇත. භික්ෂුව පාලනයට කුමන නිති තිබුණත් ඒවා තුට්ටුවකට නොගන්න ජතියක් ඉන්නා රටක්වන ශ්‍රි ලංකාව ලෝකයේම අපවාදයට ලක්වෙමින් පවති.

මහානායක හිමිවරුන් දේශපාකයන්ව ගෙන්නා අනුශාසනා කිරීමට පෙර බුදු දහමට නිඟා දෙන භික්ෂුන් සාසනයෙන් පන්නා දැමීමට ක්‍රියා නොකල හොත් ඉතාම ශීල වන්ත භිෂුන්ට පවා කරන මහත් අසාධාරණයක් බැවි ඉතාම වග කීමෙන් උන්වහන් සේලාව මතක් කරමු.

ඒත් අද සිදුවන්නේ ,පනසලට එන කුසා දරුවන් පවා කාලක්න්නි චීවරධාරීන් ගේ ලිංගික ගොදුරු බවට පත් වීමයි, මෙම තත්වය දිගින් දිගටම වැඩිවීම ලාංකික බෞද්ධ ජනතාවගේ දැඩි කලකිරීමට හේතු වී ඇත.

අනිකුත් ආගම් වලට දොස් පවරමින් නොසිට භික්ෂුව කල යුත්තේ තම ගෞරවය රැකගෙන සම්මා සම්බුද්ධ සාසනය වෙනුවෙන් කලයුතු දෑකිරීමය.එසේ නොවුන හොත් ජනතාව ඉතා ඉක්මනින් භික්ෂුන් වහන් සේලාව එලවා දමනු ඇත.


Spread the love

Leave a Comment

You may also like