උණුසුම් පුවත්

පංචායුද විමලේට මහනුවර රාජධානියෙදී කැත හූවක් – උත්තර සභාවේ තක්කඩියන්ට කට උත්තර නැතිවේ.

Spread the love

පොදුජන පෙරමුණේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව සිටින විමල් වීරවංශ,වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ආදී මන්ත්‍රීවරුන් කණ්ඩායමක සහභාගිත්ව යෙන් මහනුවර පැවැත්වීමට සංවිධානය කර තිබූ උත්තර සභාවේ සමුළුව අවසන් වීමෙන් පසුව එහි පැමිණි තරුණ කණ්ඩායමක්  මෙම සමුළුවට සහභාගිවූ දේශපාලඥයන්ට එරෙහිව දැඩි විරෝධයක් දක්වන ලදී. 

මහනුවර දිස්ත්‍රික්කය ආවරණය කර ගනිමින් පැවැත්වූ උත්තර සභා සමුළුව මහනුවර පුෂ්පදාන ශාලාවේ ඊයේ (13)දින පැවැත්වූ අතර එම සමුළුව අවසන් කොට ශාලාවෙන් එළියට පැමිණි වාසුදේව නානායක්කාර හා තිස්ස විතාරණ යන දෙදෙනාට එම තරුණයන් පිරිස දැඩි ආවේගයකින් බැණ වදිමින් විරෝධතාව දක්වන ලදී.
එහි සිටි තරුණයන් ප්‍රකාශ කරන ලද්දේ විමල් වීරවංශ ඇතුළු දේශපාලඥයන් පිරිස මේ රට විනාශ කළ රාජපක්ෂ පවුලේ  අත් උදව් කරුවන් බවය.මහින්ද සුළඟ සංවිධානය කරමින් හා වංචනික පොරොන්දු දෙමින් ජනතාව රවටා ආණ්ඩුවක් පිහිටුවා ගෙන එහි ප්‍රබල අමාත්‍යය ධුර දරමින් රට විනාශය කරා ගෙන ගොස් තවදුරටත් ජනතාව⁣ රැවටීමට එම ආණ්ඩුවෙන් ඉවත්වූ මෙම තකිකඩි රැළ නැවත  වෙනත් මුහුණුවරකින් රාජපක්ෂ වරුන් ආරක්ෂා  කිරීමට කටයුතු කරමින් සිටින බවද එම තරුණයන් පිරිස විසින්  මෙහිදී චෝදනා කෙරිණි.
මෙම උණුසුම් විරෝධතාව පැය භාගයකට ආසන්න කාලයක් පැවැති අතර ඒ ආසන්නයේ රාජකාරි කළ පොලිස් නිළධාරීන් නිහඬව ඒ දෙස බලා සිටිනු දක්නට ලැබුණි.විමල් වීරවංශ සිය ආරක්ෂකයන් පවා නොමැතිව ඉක්මනින්ම එම ස්ථානයෙන් රහසේම පිටව ගොස් ඇති බවද වාර්තා වේ.වාසුදේව නානායක්කාර හා තිස්ස විතාරණ ඉන් පිටව ගියේ විරෝධතා දැක්වූ තරුණයන් ගේ හූ හඬ හා අපහාස කිරීම් මැදය.
මෙම සිදුවීමෙන් තහවුරු වන්නේ විමල් වීරවංශ ඇතුළු තක්කඩි දේශපාලඥයන් පිරිස සංවිධානය කර ඇති උත්තර සභාවට නුදුරේදී කට උත්තර නැති වන බවය.   

 


Spread the love

Leave a Comment

You may also like