පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකුව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුවෙන්
නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (2) නියෝග කරන ලදී.
ඉකුත් අප්‍රේල් මස 21 වන දින පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැක පිට රිෂාඩ් බදියුදීන් අත් අඩංගුවට ගෙන නඩු පවරා තිබුණි.
රිෂාඩ් බදියුදීන් අධිකරණයෙන් නිදහස්ව එළියට පැමිනෙන විට එහි සිටි මාධ්‍යවෙදීන් මෙරට පවතින දේශපාලන වටපිටාව සම්බන්ධයෙන් ප්‍රශ්ණ කළ විට ඔහු නිහඬව නික්ම යන ආකාරය දකින්නට තිබුණි.එහෙත් අපට ඒ නිහඬ බව තුළ කියවෙන පණිවුඩය ගැන අමුතුවෙන් සිතන්නට අවශ්‍ය නැත.ඒ කියන්නේ නුදුරේදීම රිෂාඩ් බදියුදීන් ජනපති රනිල් රාජපක්ෂගේ ඔඩොක්කු කුක්කු බවට රූපාන්තරණය වන බවය.
ඔහු නඩුවෙන් නිදහස් කිරීමට නීතිපති උපදෙස් ලැබෙන්නේ ඒ නිසාය.එය විශ්වාස නොකරන ඕනෑම අයෙකුට අප අභියෝග කරන්නේ අල්ලමුද ඔට්ටුවක් කියාය.