උණුසුම් පුවත්

ටිරාන් මේ ගොබ්බ පොලිස්පති හදා ගනින් – මානව හිමිකම් කොමිෂම මහජන ආරක්ෂක ඇමතිට උපදෙස් දෙයි

Spread the love

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස තහවුරු කරන වගන්ති වලට බලපෑමක් වන ආකාරයෙන් පොලිස් ආඥා පනත යොදා ගැනීමට අවසර නැති බවට පොලිස්පතිවරයාට උපදෙස් දෙන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ සභාපතිනි 

රෝහිනී මාරසිංහ මහජන ආරක්ෂක අමාත්‍ය වරයා වෙත ලිඛිතව දන්වා ඇත.
මානව හිමිකම් කොමිෂමේ සභාපතිනිය එම ලිපිය මගින් ආරක්ෂක අමාත්‍ය 
වරයාට දැනුම් දී ඇත්තේ ,ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) අ,ආයන වගන්ති වලට බලපෑමක් ඇතිවන ලෙසට පොලිස් ආඥා පනත භාවිතා කිරීම  වැලැක්විය යුතු බවටය.
භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස ඇතුළු අදහස් පල කිරීමේ නිදහසට සහ සාමකාමීව රැස්වීමේ නිදහසට සෑම පුරවැසියෙකුටම ඇති අයිතිය ⁣ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මෙම වගන්තිවලින් තහවුරු කර ඇතැයි මානව හිමිකම් කොමිෂමෙි සභාපතිනිය පෙන්වා දී ඇත්තේ මේ හා සම්බන්ධයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන ලද නඩු තීන්දු කිහිපයක් උපුටා දක්වමිනි.
1984 අංක 41 පනත මගින් සංශෝධනය……..
කරන ලද 1865 අංක 16 දරණ පොලිස් ආඥා පනතේ 77(3)වගන්තිය පරිදි එම පනතට බලය ලබා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව පමනක් වන බව මානව හිමිකම් කොමිෂමෙි සභාපතිනිය එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙි.තවද රට තුළ නීති හා පරිපාලන ක්‍රියාකාරකම් ජාත්‍යන්තර මානව හිමිකම් නීති සහ ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම නිර්දේශ කිරීමේ බලය ශ්‍රී ලංකා මානව හිමිකමි කොමිෂම් සභා පනතෙන් තම කොමිෂමට බලය පැවරී ඇතැයිද මානව හිමිකම් කොමිෂමේ සභාපතිනිය එම ලිපිය මගින් අවධාරණය කර ඇත. 

Spread the love

Leave a Comment

You may also like