උණුසුම් පුවත්

කුඩු බන්දු ඩුබායි සංචාරයකට සූදානම්

Spread the love

පාතාලය හා ගනුදෙණු කරන ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඩුබායි රාජ්‍යයේ සංචාරයක් සඳහා යාමට සූදානම් බව පොලීසියේ ආරංචි මාර්ග වලින් පැවසේ.

ඔහුගේ සංචාරය සම්බන්ධයෙන් ඉඳුම් හිටුම් ආදී සියළු සැප පහසුකම් සැපයීම  කරන්නේ මෙරටින් පැණ ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පාතාල අපරාද කරුවන් පිරිසක් විසින් බව දැන ගැන්මට ති⁣බේ.
ඩුබායි ජීවත්වන එම අපරාද කරුවන් ගේ විරුද්ධ වාදී පාතාල ක්‍රියාකරුවන් ගනනාවක් පොලිස් අත් අඩංගුවට ගෙන මරා දැමීමට ක්‍රියා කරන ලද්දේ දේශබන්දු තෙන්නකෝන්ගේ මැදිහත් වීමෙනි. කොස්ගොඩ  තාරක ,මදූෂ්  මරා දැමීම එම සිදුවීම් අතර ප්‍රධාන වේ.ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට ඩුබායි රාජ්‍යයේ වෙසෙන අපරාද කරුවන්ගෙන් මෙම මිනීමැරුම් සඳහා කෝටි ගනන් මුදල් ලැබී ඇති බවද එම මුදල් ඩුබායි රාජ්‍ය ගිනුමක තැන්පත් කර ඇති බවද ලංකා දවසට තොරතුරු ලැබී තිබේ.
පානදුරයේ කුඩු සිළිඳු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සමීපතම සගයෙක් වන අතර කුඩු සිළිදු දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටී.
ඩුබායි රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික අපරාද කරුවන් “අපේ බොස්” ලෙස හදුන්වන ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එරට සංචාරයකට පැමිණීම ගැන ඔවුන් තුළ පවතින්නේ විශාල සතුටක් බවද ඔහු පැමිණීමෙන් පසුව තරු පහේ හෝටල් වල සාද ගනනාවක්ද  සැලසුම් කර ඇති බවද වාර්තා වේ.
ලංකා දවස සමග සම්බන්ධ කම් පවත්වන ඩුබායි සිටින පාතාල ක්‍රියාකාරිකයකු ගෙන් මේ පිළිබඳව අප විමසූ විට එම තොරතුරු සත්‍ය බවට තහවුරු කරන ලදී.
ඒ අපේ බොස්.අපේ දෙවියා .ඉතින් අපි සළකන්න එපායැ යැයි එම පාතාල ක්‍රියාකාරිකයා අප වෙත පැවසුවේය.  
කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන්ගේ මෙම සංචාරය පිළිබඳව ඩුබායි රාජ්‍යයේ  අභ්‍යන්තර ආරක්ෂක ඔත්තු සේවාව අවධානයෙන් සිටින බවද දැනගැන්මට තිබේ.  
 

Spread the love

Leave a Comment

You may also like