උණුසුම් පුවත්

පොහොට්ටුවේ පෙති ගැලවේ.

Spread the love

පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් මේ වන විට විවිධ පාර්ශවන් නියෝජනය කරමින් කටයුතු කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා⁣ වේ.

මෙහිදී පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ගේ කණ්ඩායම හා නාමල් රාජපක්ෂගේ කණ්ඩායම වශයෙන් කණ්ඩායම් දෙකක් නිර්මාණය වී ඇති අතර පක්ෂය නියෝජනය කළ ඡ්‍යෙෂ්ඨයන් පිරිසක් තවත් වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරනය කර ඇතැයිද දැන ගැන්මට තිබේ.
සාගර කාරියවසම් ගේ පාර්ශවය ගාමිණි ලෙකෙුගේ ,ජයන්ත  කැටගොඩ, රත්තරං රෝහිත ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනෙක් නියෝජනය කරන බව පැවැසේ.ඔවුන් ගේ සැලසුම වී ඇත්තේ බැසිල් රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, කනක හේරත් ,වැනි මන්ත්‍රීවරුන් පිරිසක් නාමල් රාජපක්ෂ කල්ලියට සම්බන්ධ වී සිටී
මේ අතරේ පොදුජන පෙරමුන නියෝජනය කරන ඡ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු හැට දෙනෙකු පමණ ජනපති රනිල් රාජපක්ෂ හා එක්වීමට සූදානමින් සිටින බවද තව කිහිප දෙනෙකු ඩලස් පාර්ශවය හා සම්බන්ධ වීමටද නියමිතය. 

Spread the love

Leave a Comment

You may also like