උණුසුම් පුවත්

මේ ශිඟාල අපගෙ රටයි

Spread the love

අපේ රටේ කිසිම ආහාර හිඟයක් නැතැයි ජනාධිපතිගේ ඔඩොක්කු කුක්කෙකු පවසයි.ඒ ඔඩොක්කු කුක්කා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනපති
උපදේශක සු⁣රේන් වටගොඩය.මුන්දෑ මෙ⁣හෙම කියන්නේ මේ රටේ ජනතාවගෙන් මිලියන පහක් රාත්‍රියට කෑමක් නැතුව කුසගින්නේ නින්දට යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරද්දීය.හැබෑටම සුරේන් බටගොඩ කුක්කා⁣ට කෑම අහේනියක් නැති වන්නට පුළුවන.ඒ මේ වාහේ ගිලින්නේ මේ රටේ ජනතාවගේ බෙල්ල මිරිකා උදුරාගන්නා
බදු මුදල් නිසාය.ජනාධිපති උපදේශකයකු විදියට මේ වාහේ පුක හෝදන වතුර ටිකටද මුදල් ගෙවන්නේ රටේ මිනිස්සුය.⁣මේ රටේ මිනිසුන් වෙනදාා එක වේලක් පිරිමසා ගත්තේ පාන් ගෙඩියෙනි.ඒත් දැන් මිනිස්සු ඉන්නේ කඩේ ෂෝ කේස් එකේ දා තියෙන පාන් ගෙඩිය දිහා බල බල රාජපක්ෂලාගේත් රනිල්ගේත් අම්මලාට හු……පාන් යැයි කියා⁣ගෙනය.වෙනදා උදේ පාන්දර මුට්ටියේ දං කුඩ වත් ඉතිරිව තිබුණි.දැන් බත් මුට්ටි වල දංකුඩ තියා මොන ඉඳුළක්වත් නැත.

සුරේන් වටගොඩ කෑම හිඟයක් නෑය කියන කතාව සහතික ඇත්තය.ඒ උන්ටය.උන්ගේ අඹු දරුවන්ටය.ඒකා කිව්වේ උගේ පැලැන්තියේ ඈයින්ට කෑම අඩුවක් නැති බවය.අපි ඒගැන වරදවා හිතන්නට ඕනෑ නැත.එහෙම කෑම අඩුවක් තිබුනානම් මේ රටේ මැක්ඩොනල් ,පීට්සා හට් වහන්නට සිද්ධ වෙලා තියෙන්න ඕනෑය.සතරවරම්
දෙවි පිහිටෙන් මේ රටේ එහෙම දෙයක් වෙලා නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ රටේ ජනතාව රාත්‍රියට බඩගින්නේ නින්දට යනවා කියා කිව්වාට එහෙම රෑ⁣ට කෑම නොකා නිදාගන්න එක ශරීර සෞඛ්‍යයට හොඳය කියා හෙට අනිද්දා වෙන විට තවත් ජනපති උපදේශකයෙක් කියන්නට බැරි නැත.බුදුන්වහන්සේත් ඒ ගැන ⁣දේශනා කර ඇති බව වැඩිමනත් පවසන්නටද පුළුවන.අප්පට හැමිනෙන විදියට එහෙම කිව්වාම සිංහල බෞද්ධ ජනතාව හූම් කියන්නේ නැති බවත් මෙි වාහෙලා දනී.වැඩිම වුනොත් මේ දේවල් සිද්ධ වෙන්නේ කරුමය නිසා බව කියා බණ පදයක්ද ඒ කයිවාරුවට අමුනන්නට පුළුවන.

මේ හැම දෙයක්ම මේ වාහෙලා කියන්නේ කරන්නේ රනිල් රාජපක්ෂ ආරක්ෂා කරගන්නටය. ගෙදර උන්දැලා හීනියට පඩයක් වුනත් අරින්නේ රනිල් රාජපක්ෂ ගේ ජනපතිකම තියෙන හන්දා බව මුන් දනී.ඒ හන්දා උදේ පාන්දර මල් පහන් තියා බුදුන් වැඳ මුන් රොත්තම පින් දෙන්නේ දෙවියන්ට නොවේ. රනිල් රාජපක්ෂටය.

කන්න බොන්න නැත්තේ ජනතාවටය.
වෙනදාට උදය පොඩි එකාට දුන් කිරි කොප්පය දැන් නැත.පොඩි එකාගේ උගුරු තෙමන්නේ කහට කෝප්පයකිනි.
දැන් ආණ්ඩුවේ තියරිය වී තියෙන්නේ පුළුවන් නම් කාපියවු බැරිනම් මැරියවු කියන විදියටය .රනිල් රාජපක්ෂ පාට් දමන්නේ මට ඕනම දෙයක් කරන්න බලය තියෙනවා යැයි කියවෙන මරුමුස්
ජාතියෙනි.මේ මරුමුස් පාට් එකට ගැලපෙන විදියට පොහොට්⁣ටු⁣වන්ද දැන් පිං අලියා මාක් එක නලලේ ගසා ගෙන තිබේ.නෑමොල රාජපක්ෂ කොල්ලන්ට කෙල්ලන්ට දෙහි කපන්නේ ඒ හයිය අරගෙනය.

මුන් ගේ ප්ලෑන් එක වී ඇත්තේ දුප්පත් මිනිස්සු බාගයක් බඩගිනින්නේ මැරෙන්නට හැර ඒ අහිංසකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල්කර ලුම්පන් තරුණයින් රැසක් බිහි කර රනිල් රාජපක්ෂගේ පන්තියට ගැලපෙන සමෘද්ධිමත් හාමු පැලැන්තියක් ඇති කරන්නට බව ආණ්ඩුව කරන කියන ඒවායින් තේරුම් ගන්නට පුළුවන.සමාජ මාධ්‍ය මුන්ට දැන් තිත්ත කරවිල වී තිබේ.විජේදාස රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේ උඩු බිරුවේ හෙට අනිද්දාට සමාජ මාධ්‍ය වලට වැඩේ දෙන්නට හිතාගෙන වෙන්නට පුළුවන.ඒ අස්සේ පාර්ලිමේන්තුවේ සිටි සමගි ජන බලවේගයේ කොළන්නාවේ මරික්කාර්ද විජේදාස රාජපක්ෂගේ තොංගලේ අල්ලාගෙන අඩේ බොෂා ෂරි ෂරි යේක නියමයිනේ යෙප්පා යැයි චූන් වුන එක ගැන නම් අපට ඇතිවූයේ දැඩි පිළිකුළකි.මේ පඟර නැට්ටන්ට ඕනෑම දහ ජරා වැඩක් කරන්න පුළුවන්ය.ඒ ජරා කෙරුවාව ගැන හෙළිදරවු කරාම හොඳටම රිදෙනවාය.මුන් හිතාගෙන ඉන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනෑ තමුන්ගේ අඹුවට දරු මල්ලන්ට හා නෑයන්ට විතරක් කියාය.

මේ රටේ කෑම හිඟයක් නැති බව පවසන සුරේන් බටගොඩලා වැනි ඔඩොක්කු කුක්කන් ඉන්නේ ආණ්ඩුවේ විතරක් නොවේ.විපක්ෂයේ නායක කාරකාදීන් සමීපයේද සිටී.උන් තවම ඉන්නේ හැංගිලාය.එයාලගේ වැඩ කිඩ බලන්නට පුළුවන් වෙන්නේ විපක්ෂයට ආණ්ඩු බලය ආ දවසටය.

දැන් පැට්‍රල් තිබේ.ගෑස් තිබේ .ඒත් වැඩි ගානටය.කර මාලය උකස් කර තවුතිසා දිවිය ලෝක සැප ගන්නට නෙළුම් කුළුන බලන්නට යන උපාසක මහත්තරුද උපාසක හාමිනේලාද අඩුවක් නැත.මේ රටේ වුන්⁣ට එක වේලක් කන්නට දී මැජික් සංදර්ශනයක් පෙන්නා නිදා ගන්නට ගෝනි පඩංගුවක් දී රෙන්න වැසිකිලියක් හදා දුන්නානම් ඉහටත් උඩින් ඇති යැයි අපට සිතේ.රනිල් රාජපක්ෂ වන්නම් නටන්නේ මේ රටේ වුන්ගේ ඒ නෝන්ජල් කම නිසාය.

වෙන රටක නම් මහ බැංකුව බංකොලොත් කළ මෙවැනි හොර ගෙඩියන් හිර ගෙවල්වලට දක්කා අවසන්ය.අන්න ඒකට අපේ වුන් තවමත් ඉන්නේ මෙි සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි සමග දෙදහස් පන්සීයක මොකද්ද එක ගැන පුරාජේරු පුරසාරම් කයිවාරු ඇද බාමිනි.මෙතරම් නිවට නියාළු ජාතියක් මේ ලෝකයේ කොහේවත් නැත.

“…අනේ තොපේ දෙදහස් පන්සීයක මොකද්ද එක ගහ ගනියව් ⁣දෙකට නවල
…….කේ ….”

 


Spread the love

Leave a Comment

You may also like