උණුසුම් පුවත්

පොලීසියේ කෙරුමනි දැන් ෂැපද අප්පා

Spread the love

ජනාධිපති රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංඟමය සංවිධානය කරන ලද සාමකාමී උද්ඝෝෂණය⁣ට සහභාගි වෙමින් සිටි තමන් හට පොලීසිය විසින් පහර දී තුවාල සිඳු කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි සඳහන් කොට ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක වන්දි ඉල්ලා එදින උද්ඝෝෂණයට සහභාගිවූ තුවාල ලද 06 දෙනෙකු විසින්  පසුගිය (21) වන දා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරිණි.

මෙම පෙත්සමෙහි වගඋත්තරකාර පාර්ශවය ලෙස නීතිපති, පොලිස්පති,
බස්නාහිර පලාත් බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිළධාරීන් 20 දෙනෙකු නම් කර තිබේ.
අනෙකත් වගඋත්තරකරුවන් වන්නේ
කොළඹ ප්‍රදේශය බාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ඩී.ජේ.චන්ද්‍රකුමාර 
කාන්තා අංශයේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහජන සාමය කළමනාකරණ
අධ්‍යක්ෂිකා බිම්ශානි ජයසිංහ,උතුරු කොළඹ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.ආර්.අඹේපිටිය,දකුණු කොළඹ භාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.එච්.මාරපන,මැද කොළඹ භාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්, මහජන සාමය කළමනාකරණ අධ්‍යක්ෂක ලලිත් ලීලාරත්න,පොලිස් අධිකාරී පී.ටී.සිසිර පෙත්තතන්ත්‍රී, සහකාර පොලිස් අධිකාරී (දකුණු කොළඹ)සී.ඒ.අබේසිරිගුණවර්ධන,සහකාර පොලිස් අධිකාරී(මැද කොළඹ) මිනුර රසාන්ත සේනාරත්න සහකාර  පොලිස් අධිකාරී දිල්රුක් අබෙිසිරිවර්ධන ,සහකාර පොලිස් අධිකාරී ලලිත් සේනාරත්න, මහජන සාමය කළමනාකරණ සහකාර පොලිස් අධිකාරී අජන්ත රොඩ්රිගු, මහජන සාමය කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ බන්දුල ප්‍රනාන්දු, මහජන සාමය කළමනාකරණ පොලිස් අධිකාරී කේ.එම්.ඩී.අයි.එස්.ගුණසිංහ,ප්‍රධාන පොලිස් පරීක්ෂක රජීව් සම්පත්,ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ජී.අයි.කේ.ඇපල කොටුව,ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් බණ්ඩාර හේරත්,ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත පේදුරු ආරච්චි යන අයවළුන්ය.
මෙම පෙත්සම නීතිඥ සුනිල් වටගල විසින් ගොනු කර තිබේ.  
කෙසේවෙතත් වග උත්තරකාර පොලිස් කෙරුමන්ගෙන් අපට අහන්නට ඉතිරිව ඇත්තේ  දැන් ෂැපද කියාය. 

Spread the love

Leave a Comment

You may also like