පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ලෙසට ශ්‍රී ලංකා රජයෙන් නෛතිකව ඉල්ලීමක් කළ හොත් ඒ සඳහා මැදිහත් වීමට තම රට සූදානම් බව මහා බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු හා ආරක්ෂාව බාර අමාත්‍ය Tom Tugendhat පවසයි.කෙසේ වෙතත් මේ දක්වා එවැනි ඉල්ලීමක් කර නැති බවද ඔහු කියා සිටී.
පාස්කු ප්‍රහාරය සිදු වූ 2009 වසරේ අප්‍රේල් මාසයේදී මිය ගිය තම රටේ වැසියන්ගේ මෘත දේහ ගෙන්වා ගැනීම සඳහාත් එහිදී වින්දිතයන් බවට පත් වූවන්ට සහාය ලබා දීමටත් මෙට්‍රෆොලිටින් පොලීසියේ ත්‍රස්ත මර්දන ඒකකයේ නිළධාරීන් ලංකාවට එවන ලැබූ බවද මෙහිදී අමාත්‍යවරයා පවසා තිබේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන විධිමත්ව සිඳු නොවන බවට වින්දිත පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වන වටපිටාවක ජනපති රනිල් රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ එම විමර්ශන කටයුතු වලට බ්‍රිතාන්‍යයේ සහාය ලබා ගන්නා බවය.
පාස්කු ප්‍රහාරය ගැන සත්‍යය සොයා ගැනීමට වුවමනාවක් පවතී නම්
දැන් ඇත්තේ ජනපති වරයාගේ අවස්ථාව බව ලංකා දවසේ අපි සිහිපත් කරමු.