රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව මෙරට සංවර්ධනය සඳහා නව නීති ගෙන එන බව ප්‍රකාශකරමින් අධිකරණ අමාත්‍යය විජේදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ පුනුරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත මෙරට ව්‍යවස්ථාවට අනනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක වරයාට දැනුම් දී තිබේ.
මෙම පුනුරුත්ථාපන කාර්යංශ කෙටුම්පත අනුව පුනුරුත්ථාපන කාර්යංශය පිහිටුවීමේ පරමාර්ථය වූයේ සමාජ ආර්ථික ප්‍රමිතීන් සකස් කිරීමේ මාර්ගයෙන් සඵලදායී ප්‍රති සංකලනය හා ප්‍රතිසංධානය සහතික කිරීම පිණිස විවිධ ප්‍රතිකාර ක්‍රම යොදා ගැනීමෙන් ඖෂධ වලට ඇබ්බැහිවූවන් පෙර සටන්කරුවන් ප්‍රචණ්ඩකාරී අන්තගාමී කණ්ඩායම්වල සාමාජිකයන් සහ ප්‍රතිකාර සහ පුනුරුත්ථාපන අවශ්‍ය වෙනත් තැනැත්තන් කණ්ඩායමක් පුනුරුථාපනය කිරීමය.එම පුනුරුත්ථාපන කටයුතු සඳහා හමුදාව යොදා ගැනීමටද එහි යෝජනා කර තිබුණි.මෙම පුනුරුත්ථාපන කෙටුමිපතට එරෙහිව පාර්ශව අටක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.එහිදී ප්‍රථම වරට මෙි සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන ලද්දේ සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර්ය.ඒ පෙත්සම නියෝජනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සමගි ජන බලවේගයේ තරුණ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ තාරක නානායක්කාර පෙනී සිටියේය.පුනුරුත්ථාපන කාර්යංශ කෙටුම්පතපාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර නාමල් රාජපක්ෂ මහජන රැස්වීමකදී ප්‍රකාශ කරන ලද්දේ 9/9 ගාලු මුවදොර අරගලයට සම්බන්ධ වූවන්ට දඬුවම් දිය යුතු අතර රැල්ලට ඒ සම්බන්ධ වූ දරුවන් පුනුරුත්ථාපන වැඩපිළිවෙලක් හරහා සමාජගත කළ යුතු බවය.විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා විසින් පුනුරුත්ථාපන කාර්යංශ කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ආවේ නාමල් හාමුගේ මෙි අවශ්‍යතාව සපුරාලීම සඳහා බව පෙනී යයි.එහෙත් ඒ හිට්ලර් වද කඳවුරු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට සති ගනනාවකට පෙර නාමල් රාජපක්ෂගෙන් බළලා මල්ලෙන් එළියට පැන ගත්තේය.විජේදාස රාජපක්ෂ යනු ධර්ම චක්‍රය පෙන්වා මහජනතාව ගොනාට අන්දන දේශපාලන තක්කඩියෙකි. මේ තක්කඩියා යහපාලන කාලයේදී ඇවැන්ගාඩ් මංකොල්කාරයා සමග ඩීල් දැමූ අයෙකි.මේ වන විට රට තුළ මහත් ආන්දෝලනයට පත්ව ඇති තිලිණි පියුමාලි නම් මුදල් වංචාකාරිය වෙනුවෙන් පෙනී සිටින්නේද මේ විජේදාස රාජපක්ෂ තක්කඩියාගේ නීතිඥ පුත්‍රයාය.සැබවින්ම මේ තක්කඩි විජේදාස රාජපක්ෂ මෙරට දේශපාලනයේ හඳුනා ගන්නට බැරි තරමේ කට්ට කයිරාටික පාදඩ දේශපාලඥයෙකි.හීතල සයිමන් කෙනෙකි.ඉබ්බාගේ පුච්චන්නේ අනෙක් පිට අනේ ඉතින් අපි නම් අට සිල් උපාසක ජාතියේ පොරකි. සත්‍ය වශයෙන්ම මෙරට ජනතාව ප්‍රවේශම් විය යුත්තේ මෙවැනි තක්කඩියන්ගෙනි.කෙසේ හෝ රාජපක්ෂ කාලකන්නියන් ගේ අපේක්ෂාවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් උදැල්ල දමා ඇත.විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා දැන් බබා පාට් එකෙන් මා මේ කෙටුම්පත ඉදිරිපත් කෙරුවේ දළදා මාලිගාවේ ආරක්ෂාවටයයි බබා උපාසක ටෝක් එකක් දී අතපය සෝදා ගන්නා හැටි ඉදිරියේදී බලාගන්නට පුළුවන.ඒ මන්ද යත් මේ තක්කඩියා ගේ යට ජංගියද මසා ගෙන ඇත්තේ බෞද්ධ කොඩියකින් නිසාය.මේ චෞරයන් ගේ සැලසුම වූයේ රට තුළ විරෝධතාවන් දක්වන තරුණයන් පුනුරුත්ථාපන කඳවුරු වලට ගාල් කර හිට්ලර් පන්නයේ මිල්ටෙරි හිර කඳවුරු නිර්මාණය කරන්නටය.ඉන් සමාජය බිය වද්දන්ටය.ලංකා දවසට වාර්තා වුන ආකාරයට මේ වද කඳවුරු පනත මෙරට නීතිගත කිරීමේ බලවත් වුවමනාවක් ඇවන්ගාඩ් සේනාදිපති ,ආරක්ෂක ලේකම් කබල් ගුණරත්න ,ඡෙ.නි.පො දේශබන්දු යන පාදඩයන්ටද විය.තක්කඩි බෞද්ධඋපාසක විජේදාස රාජපක්ෂ සුහද කොකා පෙන්වා මේ රටේ තරුණයන් වද කදවුරු වලට දැක්කීමට සැලසුම් කෙරුවේ මේ හැම පාදඩයෙකුගේම අවශ්‍යතාව ඉටු කිරීම පිණිසය.කෙසේවෙතත් මේ පුනුරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය විසින් වහාම ඉල්ලා අස්කර ගත යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පසුගියදා නිවේදනය කර තිබුණි.මෙම පනත් කෙටුම්පත මගින් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුනුරුත්ථාපන මධ්‍යස්ථානවල පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලධාරීන්ට පුළුල් බලතල ලබා දෙන බවත් ඉන් රැඳවියන් අපයෝජනයට ලක්වන බවත් එම නිවේදනයේ දක්වා තිබුණි.පුනුරුත්ථාපන පනත් කෙටුම්පත මගින් තවත් වද හිංසා වලට සහ අයුතු ලෙස සැළකීමට සහ නිමක් නැති රඳවා තබා ගැනීමට දොර විවරවනු ඇතැයිද එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණි.ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව මේ පුනුරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය සඳහා පමණක් අදාල කරගත යුතුය.මෙම පනත් කෙටුම් පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත් එය සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තු විශේෂ බහුතරයකින් බවත් ජනමත විචාරයකින් හෝ ඇතැම් වගන්ති සංශෝධනය කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කර ඇතැයිඅද (20)කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය
කපටි උපාසක විජේදාසගේ මිල්ටෙරි වද කඳවුරු පනත් කෙටුම්පතට තහංචි