උණුසුම් පුවත්

රත්තංරගේ බෑණා වාහන වංචාවක් කරලා

Spread the love

රත්තරං රෝහිත හෙවත් රෝහිත  අබේගුණවර්ධන කියන්නේ ලුම්පන් දේශපාලඥයකි.දේශපාලනයට පිවිසීමට ප්‍රථම ආතක් පාතක් නැතුව ජීවත්වූ පාදඩයෙකි.මොහුට එරෙහිව සමුද්‍රදේවී දුම්රයේ මගියෙකුගෙන් ගෙල බැඳි  රන් මාලයක් බලහත්කාරයෙන් කඩා ගැනීමේ වරදට නඩුවක් තිබූ බව පැවසේ.රෝහිත රත්තරං රෝහිත වන්නේ එතැන් සිටය.

නිසි අධ්‍යාපනයක් නොලැබුවද මෙරට නාවුක අමාත්‍යවරයා වූ මොහු මේ මේ වන විට උපයාගෙන තිබෙන මුදල හිතා ගන්නට බැරි තරමේය.රත්තරං රෝහිතගේ බෑණා කෙනෙකු බව කියවෙන මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ වාහන අලෙවි හලක හිමි කරුවෙකු ගේ පුත්‍රයකු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් අලෙවිිිියෙන් පසු මුදල් ලබා දෙන බවට වාහන ලබා ගෙන කෝටි ගනනක මුදල් වංචා කර ඇතැයි කියවෙන චෝදනාවක් පිළිබඳව මහනුවර පොලීසියේ විශේෂ අපරාද විමර්ශන ඒකකය මෙි වන විට පරීක්ෂණ අරඹා තිබේ.

එහෙම බලාගෙන යන විට මේ බෑණාද සිය මාමණ්ඩියට දෙවැනි නැත.
මහනුවර පොලිස් බල ප්‍රදේශයේ කලක පටන් ගෙන ගිය වාහන අලෙවිහලක් යොදා ගනිමින් මේ වංචාව සිදු කර ඇතැයි වාර්තාවේ.එම වාහන අලෙවි හලෙහි හිමි කරු මේ වංචාවට සම්බන්ධ යැයි පැවසෙන සැකකරුගේ
පියාටය.වාහන විකුණා මුදල් දෙන බව පවසමින් මේ සැකකරු දිවයිනේ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම වාහන ලබා ගෙන ඇති බව ⁣පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
මෙසේ ලබා ගත් වාහන විකිණීමෙන් පසු ලබා ගත් මුදල සැකකරු විසින් තමන්ට නොදුන්බව පවසා ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු මේ වන විට මහනුවර පොලීසියට පැමිණිලි කර ඇති බව පොලීසියේ ආංරචි මාර්ග වලින් පැවැසේ. 

 


Spread the love

Leave a Comment

You may also like