උණුසුම් පුවත්

හියුමන් රයිට් වොච් වෙතින් රනිලි රාජපක්ෂ ආණ්ඩුවට රතු එළියක්

Spread the love

රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව මෙි වන විට ගෙන ඒමට සැළසුම් කර ඇති පුනුරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත වහා ඉල්ලා අස්කර ගත යුතු බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිවේදනය කර තිබේ.
මෙම පනත් කෙටුම්පත මගින් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුනුරුක්ථාපන මධ්‍යස්ථානවල පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලධාරීන්ට පුළුල් බලතල ලබා දෙන බවත් එමගින් රැඳවියන් අපයෝජනයට ලක්විය හැකි බව එම නිවේදනයේ දැක්වේ.
මෙම පුනුරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත 2022 සැප්තැම්බර් 23 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන් හිටපු සටන්කාමීන් ප්‍රචන්ඩ අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන් වෙනත් ඕනෑම කණ්ඩායමක් මෙම පුනුරුත්ථාපන මධ්‍යස්ථාන රඳවා තබා ගැනීමට මෙම පනත මගින් සැළසුම්  කර ඇතැයිද හියුමන් රයිට්ස් වොච් පෙන්වා දී තිබේ.
එහෙත් යෝජිත පනත් කෙටුම්පත මගින් පුනුරුත්ථාපනය සඳහා යැවීමේ පදනම විස්තර නොකරන බවද හියුමන් රයිට්ස් වොචි පවසයි.තවදුරටත් මෙම සංවිධානය සඳහන් කර ඇත්තේ පුනුරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත මගින් ආරක්ෂක අමාත්‍යංශය විසින් පාලනය කරනු ලබන නව පරිපාලන ව්‍යහයක් ස්ථාපිත කරනු ඇති අතර ඉන් හමුදා කාර්ය මණ්ඩලයක් සහිතව පුනුරුත්ථාපන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරනු ඇති බවය.  
ජනපති රනිල් රාජපක්ෂ විසින් අන්තවාදී ලේබලය අලවා ඇති සුළුතර ප්‍රජාවන් හෝ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් ඉලක්ක කර ගැනීමට ඉදිරියේදී මෙම නීතිය යොදාගත හැකි බවද හියුමන් රයිට්ස් සංවිධානය අවධාරණය කරයි.
විදේශීය ආණ්ඩු ශ්‍රී ලාංකික ජනතාවගේ හදිසි උපයෝගීතාවන් සඳහා සහාය දෙන බව ප්‍රකාශ කළ යුතු නමුත් බරපතල මානව හිහිකම් කඩ කරන අය⁣ට එරෙහිව ඉලක්ක ගත සම්බාධක හා වෙනත් ක්‍රියාමාර්ග හරහා පියවර ගන්නා බවටද අවධාරණය කළ යුතු බව එම සංවිධානය වැඩිදුරටත්  නිවේදනය කර තිබේ    

 


Spread the love

Leave a Comment

You may also like