ගාලු මුවදොර ප්‍රහාරය වලක්වා නොගැනීමෙන් පොලිස් නිළධාරියකු ලෙස අපරාදමය වරදක් කරන ලදැයි චෝදනා ලබා සිටින ඡෙ.නි.පො.
දේශබන්දු තෙන්නකෝන් ගේ අධිකරණය බාරයේ පවතින ගමන් බලපත්‍රය වහා ඔහුට ලබා දීමට කටයුතු කරන ලෙස නීතිය හා සාමය බාර අමාත්‍ය භාර ලේකම් හෙට්ටිආරච්චි විසින් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති වරයාට නියෝග කරන ලදැයි වාර්තා වේ.එහෙත් එහිදී නියෝජ්‍ය පොලිස්පති වරයා ප්‍රකාශ කර ඇත්තේ අධිකරණය බාරයේ පවතින එම ගමන් බලපත්‍රය ලබා ගැනීමට තමන්ට මැදිහත් වීමට හැකියාවක් නැති බවය.මේ වන විට ඡෙ.නි.පො දේශබන්දු තෙන්නකෝන් හා ඔහු හා සම්බන්ධ පොලිස් නිළධාරීන් කණ්ඩායමක් කොළඹ පවත්වන සාමකාමී විරෝධතාවන්ට මෙලේච්ඡ ආකාරයෙන් පහරදීම් සිඳු කරමින් පවතී.මෙම කණ්ඩායම ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුනරත්න ගේ ඕනෑ එපාකමි මත ක්‍රියාත්මක වෙන පිරිසකි.මෙහි සේවය කරන්නන් විවිධ අපරාද කරුවන් සමග සම්බන්ධකම් පවත්වන පොලිස් සේවය තුළ බරපතල විෂමාචාරයන්ට සම්බන්ධ වූවන් බව හඳුනා ගෙන තිබේ.මෙම අනීතික පැරා පොලිස් කණ්ඩායමට කමල් ගුනරත්නගෙන් උපදෙස් ලැබී ඇත්තේ නීතියට නොව තමන් කැමති ආකාරයට බලය යොදවා ආණ්ඩුවට එරෙහිව විරෝධතා පවත්වන සියළුම කණ්ඩායම් මර්දනය කරන ලෙසය.සිය පැවැත්ම තහවුරු කර ගැනීමට මේ කණ්ඩායමට සම්බන්ධ පොලීසියේ අපතයන් ලෙස සැළකෙන පිරිස මෙලේඡයන් ලෙස හැසිරෙමින් සිටී.මේ වන විටත් මෙම මෙලේච්ඡ කණ්ඩායමට සම්බන්ධ පොලිසියේ අපතයන්ගේ දරු පවුල් හා ඔවුන් පදිංචි ස්ථාන පිළිබඳව තොරතුරු සමාජගත කිරීමට යටි බිමිගත මාධ්‍යවේදීන් පිරිසක් කටයුතු කරමින් සිටී.එහිදී මේ පොලිස් අපතයන්ගේ රාජකාරි ගොනුවවල සඳහන් විෂමාචාරයන් ගැනද ප්‍රසිද්ධ කරනු ඇත.