පොලිස් ආඥා පනතේ 78/1 යටතේ පොලිස් බලතල ක්‍රියාත්මක නොකර පසුගිය 9/9 ප්‍රහාරය සිදු කිරීමට ඉඩ හැරීමෙන් අපරාදමය වරදක් සිදු කරන ලද මෙි වන විට එම වගන්තියම යොදා ගනිමින් සාමකාමී විරෝධතාවන්ට පහර දෙමින් සිටිනවා යැයි නීතිඥ අචලා සෙනෙවිරත්න පවසයි.පසුගිය මැයි මස 9 වන දින ගාලු මුවදොර පැවැති අරගලයට පහර දීමට ඉඩ හැර සිය රාජකාරිමය වගකීම පැහැර හැරීමෙන් බරපතල අපරාදයක් සිදු කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් නීතිඥ අචලා සෙනෙවිරත්න බස්නාහිර පලාත් බාර ඡෙ.නි.පො.දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පොලිස් ආඥා පනත යටතේ පුද්ගලික නඩු කරයක් පවරන ලදී.එම නඩුකරයට අදාලව නීතිඥ අචලා සෙනෙවිරත්න ගොනු කරන ලද පුද්ගලික පෙත්සම පිළිබඳව කරුණු සළකා බලා නියෝගයක් නිකුත් කිරීම කොළඹ අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා විසින් යලි දෙසැම්බර් 02 වනදාට කල් තබා තිබේ.මෙම නඩුව පසුගිය 14 වන දින විභාගයට ගත් විට නීතිඥ අචලා සෙනෙවිරත්න ප්‍රකාශ කරන ලද්දේ පසුගිය ජුනි මාසයේදී ගොනු කරන ලද මෙම නඩුව ආරම්භ කිරීමට මෙතරම් දිගු දිනයක් තමන් බලාපොරොත්තු නොවන බවය.මේ වන විටත් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලද පාර්ශවයට හා ඒ වෙනුවෙන් පෙනී සිටින තමාට විවිධ පාර්ශවයන්ගේ තර්ජන වලට මුහුණ පෑමට සිදු වී ඇති බවත් ප්‍රමාද වන යුක්තිය යනු යුක්තියේදිය වී යාම බවත් පැවසූ නීතිඥ අචලා සෙනෙවිරත්න මේ හේතුව නිසා නීතිය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටෙනු ඇතැයිද කීය.නීතිඥ අචලා සෙනෙවිරත්න පසුව මාධ්‍ය අමතා මෙසේ පැවසුවාය.පසුගිය මැයි 9/9 අරගලයට පහර දීමේ සිද්ධියට පසුවූ සිද්ධි දාමයට සම්බන්ධ සියළු පිරිස් හොයනවා .ඔවුන් අත්අඩංගුවට ගන්නවා.එම අනීතික අත්අඩංගුවට ගැනීම් වලට එරෙහිව ඇතිවන විරෝධතාවන් පොලිස් ආඥා පනතේ 78/1 වගන්තිය යටතේ විසුරවා හරිනවා.ඉන් ඇඟවෙන්නේ මෙරට පොලිස් ආඥා පනතේ මේ වගන්තිය සක්‍රීය බවයි.අපි අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමින් විමසා සිටියේ පොලිස් ආඥා පනතේ 78/1 වගන්තයේ බලතල ගාලුමුවදොර අරගල කරුවන්ට පහර දෙද්දි ක්‍රියාත්මක කිරීමට ඡෙ.නි.පො දේශබන්දු මැදිහත් නොවූයේ ඇයි කියාය.ඔහුට ඊට පෙර පොලිස්පති උපදෙස් පවා දී තිබුණා මෙවැනි තත්වයක් ඇතිවීමට පෙර වලක්වා ගන්නා ලෙසට.ඔහු ඒ අපරාදය වෙන්න ඉඩ හැරියා.මැයි 9/9 ඒ අපරාදය වෙන්න ඉඩ හැරපු දේශබන්දුට ස්ථාන මාරුවක්වත් දීල නැහැ.ඔහුට එරෙහිව තවත් නඩුවක් අධිකරණයේ තියෙනවා.මා පුරවැසියෙක් ලෙස නීතිය පසිඳලන ආයතන වලින් ඉල්ලා සිටින්නේ මේ රටේ වින්දිතයන්ට වහා යුක්තිය ඉටු කරන ලෙසයි.