අගමැති දිනේෂ් ගුණවර්ධන ළඟදීම අගමැති ධූරයෙන් නෙරපා හරිනු ඇතැයි
වාර්තා වේ.මේ වන විටත් පොදුජන පෙරමුණට පක්ෂයට ඇමති ධුර ගනනාවක් ලබා නොදීමට ජනපති රනිල් රාජපක්ෂ කටයුතු කිරීම තුළ ආණ්ඩුව තුල බරපතල අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී.අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්දන ජනපත් රනිල් රාජපක්ෂට එරෙහිව කටයුතු නොකරන තැනැත්තෙකු බව පොදුජන පෙරමුණේ බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.ඔවුන් ගේ අදහස වී ඇත්තේ රනිල් රාජපක්ෂ හා ගැටෙන පුද්ගලයෙකු අගමැති තනතුරට පත්කර යුතු බවය.එහෙත් මේ වන විට ජනපති රනිල් රාජපක්ෂ ඔහුගේ සගයෙකු වන නිමල් සිරිපාලද සිල්වා අගමැති වශයෙන් පත් කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් පැවැසේ.අමාත්‍යය මණ්ඩලයට ඉදිරයේදී පත්කළ යුතු සංඛ්‍යාව සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර බරපතල ප්‍රශ්න මතු වී තිබේ.අළුතෙන් අමාත්‍ය මණ්ඩලයට පත් වන අයවළුන් හට මහමාර්ග ,ක්‍රීඩා , වරාය ආදී අමාත්‍යංශ ලබා දිය යුතුය යන්න පොදු ජන පෙරමුණ ජනපතිවරයාහට දන්වා ඇත .එහිදී දැනට එම අමාත්‍ය තනතුරු දරන අයවළුන් එම අමාත්‍යය තනතුරුවලින් ඉවත්ව වෙනත් විෂයන් බාර ගැනීමට අකමැත්ත ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වජිර අබේවර්ධනට බලතල සහිත අමාත්‍යංශයක් ලබා දීම ජනපතිවරයා ගේ අදහස වුවත් පොදුජන පෙරමුණ ඒ පිළිබඳව කැමැත්ත ප්‍රකාශ කර නැත.පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරීන් රත්තරං රෝහිත, ජොන්ස්ටන් ප්‍රනාන්දු,වැන්නන් මේ වන විට රනිල් රාජපක්ෂගේ ක්‍රියා කාරිත්වය සම්බන්ධයෙන් කළකිරී සිටී.ජනපතිවරයා හමුදාවේ හා පොලීසියේ ආරක්ෂාව සහිතව සිය ප්‍රතිරූපය ගොඩ නගාගනිමින් සිටින බවද සිය හිතවතුන්ගේ නඩු නිදහස් කර ගැනීමේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක නිරත වන බවද ඔවුන්ගේ අදහස වී තිබේ.ඉන් රාජපක්ෂ දේශපාලනය මෙරට දේශපාලන බිමෙන් විනාශ වන්නට ඉඩ ඇතැයි යන සිතීම නිසා ඔවුන්ගේ මැදිහත් වීමෙන් නැවත නැගිටිමු දේශපාලන රැස්වීම් මාලාව ඇරඹෙන්නේද රනිල් රාජපක්ෂ යනු පොදුජන පෙරමුණ විසින් නටවන රූකඩයක් පමණක් බව සමාජයට පනිවිඩයක් දීම අරමුණු කර ගනිමිනි.ජනපති රනිල් රාජපක්ෂද මෙම අර්බුද කාරී වටපිටාව තුළ සිය ආත්ම ගරුත්වය පිළිබඳව බරපතල ගැටළුකට මුහුණ දී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග වලින් පැවැසේ.