බිලියන ගනනක මුදල් වංචාවට අත්අඩංගුවට ගත් පියමාලි නැමැත්තිය පසුගිය දිනක පොලිස් පරීක්ෂණ කටයුතු සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇය විසින් පවත්වාගෙන ගිය ඇයගේ කාර්යාලයට රැගෙන එනු ලැබිණි.අධිකරණය මගින් දැනට සැක පිට බන්ධානාගාර ගත කර සිටින පියුමාලි එම ස්ථානයට රැගෙන ආවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙනි.


එහිදී දෑත් මාංචු රහිතව පැමිනි ඇයගේ ඡායරූප සමාජ මාධ්‍ය වල ප්‍රචාරය විය.
එම ඡායාරූප වල දැක්වෙන ආකාරයට පියුමාලි එහි සිටින්නේ ඉතාම සැහැල්ලුවෙනි.සිනාසෙමිනි.ඇය සිනහ වෙන්නේ පොලීසියට විය හැකිය.එසේත් නැතිනම් හෙට අනිද්දාට සිද්ධවෙන දේ ගැන සිතා වෙන්නට පුළුවන.ඒ සිනහව තුළ ඇය බරපතල වරදක් කර ඇති සැකකාරියක ලෙස නම් පෙනෙන්ට නැත.

කෙසේවෙතත් මාංචු නොමැතිව රැගෙන එන පියුමාලි ගේ ඡායාරූප සමාජ මාධ්‍ය වල පළවීමත් සමගම බන්ධනාගාර දෙපාරිතමේන්තුවට හොඳටම රිදී තිබුණි.ඒ රිදිල්ලේ කම්පනය පිට කෙරුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායකය ඔහු ඒ පිළිබඳව කිව්වේ වැරදි සඳහා අත් අඩංගුවට ගන්නා කාන්තාවන්ට මාංචු නොදමන බවය.එහෙම නීතියක් තියෙනවා නම් ඒ නීතිය හොඳය.හැබැයි මේ රටේ ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඇති හැකි හා නොහැකි අය සඳහා වෙන වෙනම තෝරාගත් විදියට බව බන්ධනාගාර ස්පීකර් ලොක්කා නොදන්නවා වෙන්න බැරිය.වැඩේ මාට්ටු වූ පසු තමන්ගේ ගැලවීමට මොනවා හෝ කෙප්පයක් කෙලීම මේ රටේ බොහෝ ලොකු ලොක්කන්ගේ සිරිතය.ඒ කෙප්පය ඇද බාන්නේ ඇති හැකි අය ඉදිරියේ තමන් පොන්සියන් නොවන බව තහවුරු කරන්ටය.නමුත් රටේ මිනිස්සු ඇත්ත ඇති සැටියෙන් දනී.
බන්ධනාගාරයේ කෑම බාල්දියක පූසියෙක් වැටී සිටිය බවට පසුගියදා ප්‍රකාශ කෙරුවේ රන්ජන් රාමනායකය. රන්ජන් ඒ හැකර කියවිල්ලෙන්ද බන්ධනාගාරයේ ලොක්කන්ට හොඳටම රිදුනි.එහිදී එලියට ආ බන්ධනාගාරයේ ස්පීකර් ලොක්කා වන චන්දන ඒකනායක දහ අතේ දිවුරමින් කීවේ එය ගල් පැලෙන බොරුවක් බවය.චන්දන ඒකනායක එහිදී කියා සිටි විදියට හිරගෙදර කෑම උයන්නේ උඩට උඩුවියන් බැඳ පයට පාවඩ දමා රත්තරන් භාජන වලය.ඒ අහලකටවත් පූසෙක්ට තියා කුරා කූඹියෙකුටත් එන්නට බැරිය.ඔහුගේ ඒ කියවිල්ල එළියේ ඉන්න උන්ටත් හිරගෙදරට එන්න හිතෙන සයිස් ඒකේය.
හිරගෙදර කෑම උයන පාටියට ගන්නේ සතියේ දෙකේ මාස ගණනේ අච්චු කාරයන්ය.වැඩි හරියක් ඔය ගනයට වැටෙන්නේ කසිය විකුණා මාට්ටු වුන උන්ය.එහෙමත් නැතිනම් ගංජා කෑල්ලක් එක්ක මාට්ටු වී අචිචු කරපු වුන්ය.කුඩ්ඩන්ය.මුන්ට හරියට අඳින්නට ජම්පරයක් වත් ලැබෙන්නේ නැත.කිළිටි පෙරාගෙන ජම්පර අඳින කුස්සි පාටියේ උන් ඩස්පියන්ය.මේ ඩස්පියන්ට පිරිසිදුකම අපිරිසිදුකම ගානක් නැත.මාස ගානේ අච්චුව ගෙවා දමා එලියට යන්නට පුළුවන් බව ඔවුන් දනී.කුස්සි පාටියේ වැඩ කරද්දී දැලි ගෑවෙන ජමිපරය නිදහස් වෙන තුරුම ඔවුන්ට අඳින්නට සිද්ධ වේ.ඒ කිළිටි ජම්පරයේ තනියට ඉනිකුනන්ද සිටී.හිරගෙදර කුස්සි පාටිය ඔන්න ඔහෙමය.බත් උයන්නේ හාල් ගරන්නේ නැතුවය.මැල්ලුම් හදන පලා වර්ග හෙවිල්ලක් බැලිල්ලක් නැත.පලා වර්ග වල තැම්බෙන ගොළුබෙල්ලන්ද ගැඩවිලන්ද මැල්ලුමට අතිරේකවය.අළු කෙහෙල් හොද්ද කලුම පාටය.හිරගෙදර කුස්සිය ගැන අපි නම් දන්නේ ඔය විදියටය.
බන්ධනාගාර ස්පීකර් චන්දන ඒකනායක හිරගෙදර කුස්සියේ තියෙන මේ හැබෑව හොඳටම දනී.එහෙත් කියන්නේ අරෙහෙමය.රන්ජන් රාමනායක පූසෙක් වැටුන බව කී විට අපොයි ඒවා පට්ටපල් බොරු යැයි කී චන්දන ඒකනායක ඩියුටි ඕෆ් වෙන්ටත් ඉස්සර හිර ගෙදර කුස්සියේ කෑම භාජනයක හොදි හැලී හිරකාරයෙක් මියගියේය.
චන්දන ඒකනායක ලංකාවේ කාන්තාවන්ට මාංචු දාන්නේ නැති බවට නිල ප්‍රකාශයක් කෙරුවාට අපට ලැබී ඇති මෙම ඡායාරූපය 2009 වසරේ මුදල් වංචාවකට හසුවුන කාන්තාවකගේය.
මේ මනුස්සයා මාංචු දමා අරන් එන්නේ පොලීසියයි.එහෙමනම් චන්දන ඒකනායක ඔය කියන නීතිය ගැන පොලීසිය දැනුවත් නැත.එහෙමත් නැතිනම් මේ මනුස්සයා බියුටි කුවීන් සමාජයේ නොවෙන කෙනෙක් නිසා වෙන්නට පුළුවන.හැබැයි පියුමාලිගේ මේ සිද්ධියෙන් පසු අත් අඩංගුවට පත් වෙන ඕනෑම කාන්තාවකට තමන්ට මාංචු දමන්ට එපා යැයි කියන්නට පුළුවන.ඒ එහෙම නීතියක් මේ රටේ පවතින නිසාය.ඒ බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් විසින් නිල වශයෙන්ම ප්‍රකාශ කළ නිසාය.
ස්තූතියි අබකො චන්දන ඒකනායක බොසා ස්තූතියි හොඳේ