පසුගියදා මෙරට සිදු කළ රුපියල් බිලියන ගණානාවක වංචාවට පොලිස් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති තිකෝ සමූහ ව්‍යාපාර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිලිණි ප්‍රියමාලි සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන කොළඹ ප්‍රමුඛතම මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියක් වූ ද වන් (The one) සමාගමේ ප්‍රධාන විධායක නිළධාරිණිය වූ ජානකී සිරිවර්ධන ගෙන් මේ වන විට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ කරමින් සිටී.මෙම මුල්‍යමය වංචාව තුළ තිලිණි පියුමාලි සුන්දර ඇමක් පමනක් බව අප මීට ඉහතදී වාර්තා කරන ලදී.එහිදී අප වැඩිදුරටත් අප ප්‍රකාශ කරන ලද්දේ මෙම මුල්‍යමය වංචාවට සෘජුව සම්බන්ධ රාජපක්ෂ මදාවි පුත්‍රයන් බවය.කෙසේ වෙතත් මෙම වංචාවට හසුවූ ව්‍යාපාරිකයන් ගෙන් හා තිලිණි පියුමාලි ගෙන් ලද තොරතුරු මත අපරාද පරීක්ෂ දෙපාර්තමේන්තුව මෙලෙස ජානකී සිරිවර්ධනගෙන් ප්‍රශ්ණ කිරීම අරඹා තිබේ.මෙහිදී තිලිණි ප්‍රියමාලි අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇත්තේ තම ව්‍යාපාරයේ මුදල් වැඩි වශයෙන් ආයෝජනය කර ඇත්තේ ජානකී සිරිවර්ධන සේවය කරන ද වන් ව්‍යාපෘතියේ බවය.එහෙත් ජානකී සිරිවර්ධන සිය කට උත්තරයේ සටහන් කර ඇත්තේ තිලිණි ප්‍රියමාලි ගේ එම ප්‍රකාශය අසත්‍ය බවය.ජානකී සිරිවර්ධන සම්බන්ධයෙන් තවත් ආයෝජකයන් ගනනාවක් අපරාද පරීක්ෂණ දෙපාර්මේන්තුවට ප්‍රකාශ ලබා දීමට නියමිත බවද ඒ අතර කෝටි 75 ක මුදලක් ආයෝජනය කළ ප්‍රසිද්ධ වෛද්‍යවරයකුද සිටින බව වාර්තා වේ .මේ වන විට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන තොරතුරු අනුව මෙම මුල්‍ය වංචාව බිලියන 05 ඉක්මවා යන සඳහන්ය.තක්කඩි රාජපක්ෂ පවුල හැමදාමත් යටි කූට්ටු ගේම් ගසා මුදල් හම්බකෙරුවේ ඔය ආකාරයට කවුරුන් හෝ ඇමට ගසාය.වැඩේ කෙල වුනොත් බිල්ලට දෙන්නට පරාන කිහිපයක්ද මෙි තක්කඩියන් තමන් සමීපයේ තියා ගන්නා ලදී.රාජපක්ෂලා ගේ ගේමි ගැන කෙටියෙන් කියනවා නම් කියන්නට ඇත්තේ දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා හැඩයේ ඒවා බවය.තිලිණි පියමාලි අත්අඩංගුවට ගෙන අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජිප් රථයට නංවා ගන්නා විටම හිටපු අගමැති මහින්දගේ කාර්යාලයෙන් අනේ අපි ඕවට නෑ කියවෙන පුවත්පත් නිවේදනයක් නිකුත් කෙරිණි.එහෙම බලන විට රාජපක්ෂලා ඒ විදියට පැනලා දුන්නේ තිලිණි පියුමාලි කට අරින්ටත් ඉස්සරින්ය.ඊළගට මේ සිද්ධියට සම්බන්ධයැයි සැක කර අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් ප්‍රශ්ණ කරමින් සිටින ජානකී සිරිවර්ධනද සෙල්ලම් බෝනික්කියක් නොවේ. 2016 වර්ෂයේදී අනාවරණය වූ ක්‍රිෂ් ඉඩම් ගණුදෙනුව පිළිබඳව නැවත සිහිපත් කර ගන්නට හැකිනම් මේ ජානකී සිරිවර්ධන කවුද යන්න හෙළි කර ගත හැකිය.ජානකී සිරිවර්ධන රාජපක්ෂ රෙජිමය සමග නිදි යහනේ පවා ගනුදෙනු කළ තැනැත්තියකි.වැඩි වශයෙන් නෑමොළ රාජපක්ෂගේ අන්තක්පුරයේ හැසිරුන ජානකී සිරිවර්දන ඉන්දියාවේ මහාදෙවන් සමාගමේ හිමි කරුවන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ කාලයේදී මෙරටට ආයෝජනය සඳහා කැඳවා ගෙන පැමිණ තිබුණි.ඇය එම ව්‍යාපාරිකයන්ට මුණ ගැස්සුවේ නෑමොල රාජපක්ෂය.එහිදී ජානකී සිරිවර්දන එම ව්‍යාපාරිකයන් පොළඹවා ඇත්තේ මෙරට රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා නෑමොල රාජපක්ෂ උපකාර කරන ලෙසය.ඒ පෙළඹවීම මත ඉන්දියානු ආයෝජකයන් රුපියල් මිලියන 70ක මුදලක් නෑමොල රාජපක්ෂ ලබා දුන් බැංකු ගිනුම් වල තැන්පත් කර තිබේ.එම බැංකු ගිනුම් හිමිකරුවා වූයේ නිමල් පෙරේරාය.නෑමොල රාජපක්ෂට අයත් සමාගම් රැසක ලිපිනය ලෙස සඳහන් කර ඇත්තේ මේ නිමල් පෙරේරාට අයත් ගවර්ස් ස්ට්‍රීට් ගොඩනැගිල්ලය.ඉන්දියානු ආයෝජකයන්ට මෙරට ආයෝජන අවශ්‍යතාව වූයේ හම්බන්තොට වරාය ආසන්නයේ ව්‍යාපෘතියකි.නෑමොල රාජපක්ෂ ලවා එම ව්‍යාපෘතියට අනුමැතිය ලබා ගැනීමට ජානකී සිරිවර්ධන උත්සාහ කළාය.එහෙත් එය චීනයේ ආධිපත්‍යයට යටත් වීම නිසා එම ව්‍යපෘතිය ඉන්දියානු සමාගමෙන් ගිලිහිනි.පසුව කල්පිටියේ අක්කර තිහක ඉඩමක් මිලියන 40කට මිලයට ගැනීමට මෙම ඉන්දියානු ව්‍යාපාරිකයන් සැලසුම් කර අතර එය සම්බන්ධීකරණය කරන ලද්දේ එවකට සංචාරක මණ්ඩලයේ සභාපති වරයා වූ නාලක ගොඩහේවාය.එහෙත් මෙම ඉඩමේ ඔප්පු නිරවුල් නොවීම සහ එවකට ඉඩම් ඇමතිවරයාව සිටි රාජිත සේනාරත්න විදේශිකයන්ට මෙරට ඉඩම් විකිණීම තහනම් කොට නීති පනවා තිබීමත් නිසා මෙම ඉඩමි ගනුදෙනුව සම්බන්ධව අර්බුදයක් මතුවූ බව කියවේ.එහෙත් පසුව ජානකී සිරිවර්ධනගේ හා සජින් වාස් ගුණවර්ධන ගේ මැදිහත් වීමෙන් වංචාකාරීව එම ඉඩම ගනුදෙනුව සිදු වී ඇත.මෙරට සිදුවී ඇති එවැනි වංචනික ගනුදෙනු ගනනාවකට ජානකී සිරිවර්ධනද සම්බන්ධ වී ඇති බවට පොලිස් තොරතුරු තිබේ.එම සියළුම වංචා සිදු වී ඇත්තේ රාජපක්ෂ රෙජිමයේ උදව් උපකාර මත බව කියවේ.දැන් තිලිණි පියුමාලි ගේ කට උත්තර අනුව ජානකී සිරිවර්ධන මාට්ටු වී තිබේ.එහෙත් හෙට දවසේ ඇය සම්බන්ධයෙන් පොලීසිය කවර තීරණයක් ගනු ඇද්ද යන්න අපට කියන්නට බැරිය.එහෙත් තක්කඩි රාජපක්ෂලා ගේ ගේමි අස්සෙන් ජානකී සිරිවර්ධන නිදොස් වී තිලිණි පියුමාලි පමණක් දඬු අඬුවට හසුවන්නට ඇති ඉඩකට බොහෝය.අප එසේ පවසන්නේ මෙරට පොලීසිය හා නඩුකාර පොන්සියන් තවමත් රාජපක්ෂ පාහරයන් ගේ වැසිකිලි සුද්ද කරන්නන් නිසාය.