උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරය පිළිබඳ පෙත්සම් විභාගය අවසන් වේ

Spread the love

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් නොසැලකිලිමත්ව  එය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අද (05)අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශය පත් කිරීම කල් තැබීය.

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන

මෙහි අනෙකුත් වග උත්තරකරුවන් වේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අභිමුඛව පැවැති මෙම දීර්ඝ නඩු විභාගයේ වාචික දේශන අද අවසන් කරන ලදී.
ඉන් අනතුරුව නඩුවට අදාල ලිඛිත දේශන තිබේ නම් ඒවා ඉදිරි සති තුනක් ඇතුළත ගොනු කරන ලෙසටද අධිකරණය නියෝග කරන ලදී.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් හා  තුවාල ලැබූ වින්දිතයන් ,ශ්‍රී ලංකා නීතිඥ සංඟමය,හා කිතුණු පියතුමන්ලා ඇතුළු කණ්ඩායම් 13 ක් මෙම පෙත්සමි ගොනු කර තිබුණි.

Spread the love

Leave a Comment

You may also like