වෙනත්

මෙරට ඉන්ධන හිඟය නිසා නාමල් රාජපක්ෂගේ මල්ල පිරේ

Spread the love

මෙරටට ඉන්ධන ගෙන්වීමේදී ඩොලර් මිලියන ගණනාවක විශාල වංචාවක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ

යේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (05) මාධ්‍ය වෙත අනාවරණය කරන ලදී
⁣වත්මන් බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර වරයා ලෙස පත්වීමෙන් පසුව ඉන්ධන අළුතෙන් ගෙන්වීම සඳහා  නව සමාගමක් ලියාපදිංචි කර එම සමාගම හරහා ටෙන්ඩර් පරිපාටිය පවා උල්ලංඝනය කරමින් ඉන්ධන ගෙන්වන බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසයි. මෙරට ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට මැදිව සිටින වටපිටාවක ⁣අඩු මිලට ඉන්ධන ලබා ගත හැකි විදේශීය සමාගම් ලෝකයේ කොතෙකුත් තිබියදී වැඩි මිලට ප්‍රමිතියෙනි තොර බොර තෙල් මිලයට ගැනීම තුළ මෙම වංචාව සිදුවෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම වංචාව හරහා අදාල සමාගම්වල මෙරට ඒජන්තයන් හා ඔවුන් සමග ගජ මිතුරු සම්බන්ධතා පවත්වන දේශපාලඥයන් මේ වන විට ඩොලර් මිලියන 100කට වැඩි මුදල් උපයාගෙන ඇති බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.
ඉදිරි කාලයේදී මෙම ජාවරම්කරුවන්
එක්ස්පෝ නම් කාබන් ප්‍රතිශතය වැඩි දැවි තෙල් වර්ගයක් ගෙන්වීමට සැළසුම් කර ඇති බවත් එහි  කාබන් සංයුතිය අධික වීම නිසා මෙරට ඉන්ධන පිරිපහදුවේ උත්ප්‍රේරක කුටි විනාශ විය හැකි බවද ඔහු කියා සිටී.
කෙසේවෙතත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ගේ මෙම ප්‍රකාශය හා සම්බන්ධ දේශපාලඥයන් කවුරුද යන්න ලංකා දවස මගින් සොයා බලන ලද අතර ඉන් හෙළිදරව් වූයේ මෙම දූෂිත ජාවාරම පිටුපස නාමල් රාජපක්ෂ හා ඔහු හා සම්බන්ධ ජාවාරම්කරුවන් සිටින බවය.බලශක්ති අමාත්‍යවරයා ලෙස කාංචන විජේසේකර කටයුතු කෙරුවද ඔහු මෙහෙයවන්නේ නාමල් රාජපක්ෂ බවද හෙළිවිය.කාංචන විජේසේකර පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහට සමීපව කටයුතු කරමින් සිටින බවට රාජපක්ෂ පවුලට තොරතුරු හෙළිවීමෙන් පසුව එම අමාත්‍යංශයේ රාජ්‍ය ඇමතිවරයා ලෙස ඩී.වී.චානක පත් කිරීමට සැලසුම් කළ බවද  ලංකා දවසට දැන ගැන්මට ලැබී තිබේ. 

 


Spread the love

Leave a Comment

You may also like