උණුසුම් පුවත්

දේශබන්දුට හා කමල් ගුණේට බලය දුන් ආරක්ෂක කළාප ගැසට්ටුව අභියෝගයට ලක්වේ

Spread the love

පත් කළ ජනපති රනිල් රාජපක්ෂ විසින් කොළඹ හා ජයවර්ධනපුර නගර තුළ අධි ආරක්ෂිත කළාප කිහිපයක් ප්‍රකාශයට පත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය හෙලා දකින බව ශ්‍රී  ලංකා නීතිඥ සංගමය කියා සිටී.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශයක් නිකුත් කර තිබේ
එහි මෙසේ දැක්වේ. ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්1955 අංක 32 දරන නිල රහස් පන⁣තේ 2 වන වගන්තිය
යටතේ කොළඹ ඇතැම් ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංඟමය( BASL)දැඩි කන්ස්සල්ලට පත්ව සිටී.
එම නියෝගයට කොළඹ දිස්ත්‍රික්කයේ මහජනතාව සාමාන්‍යයෙන් භාවිතා කරන ප්‍රදේශ ඇතුළුව ප්‍රදේශ කිහිපයක් ආවරණය වන බව පෙනී යයි.එය අධිකරණ පරිශ්‍රය ආශ්‍රිත අලුත්කඩේ ප්‍රදේශ කිහිපයක්ද ආවරණය කරයි
පොලිස්පතිවරයාගේ හෝ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ගේ අවසරයකින් තොරව එවැනි අධි ආරක්ෂිත කලාපයක තුළ පිහිටි මාර්ගයක ,භූමියක ,වෙරලේ හෝ වෙනත් විවෘත ප්‍රදේශයක මහජන රැස්වීම් හෝ පෙලපාලි පැවැත්වීම තහනම් කිරීමට ජනාධිපතිවරයාගේ එම නියෝගයෙන් අදහස් කෙරේ.නිසි බලධරයා විසින් හෝ ඔහු විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ වාහන නැවැත්වීම සඳහා වෙන් කර නොමැති නම් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වන එවැනි නිසි බලධාරියා කළාපය තුළ වාහන නැවැත්වීමද එය තහනම් කරයි.
නිල රහස් පනතේ 2 වන වගන්තිය  මඟින් අමාත්‍යවරයාට හැකි වන්නේ ඕනෑම ඉඩමක් ,ගොඩනැගිල්ලක්,
නැවක්,හෝ ⁣ගුවන් යානයක් තහනම් ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමයි.විශාල ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට පනතින් ඇමතිවරයාට බලයක් නැත.
නිල රහස් පනතේ 2 වන වගන්තිය යටතේ නියෝග⁣යක් නිකුත් කිරීමේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනීමට අදහස් කරන උපකරණ ආයතන සංවිධාන සහ ආයතනවලට අදාල තොරතුරු වඩාත් හොඳින් ආරක්ෂා කිරීමයි.2 වගන්තිය යටතේ කෙරෙන නියෝග වෙනත් කිසිදු අරමුනක් සඳහා භාවිතා කළ නොහැක.
ප්‍රධාන පනතේ නොමැතු එම නියෝගය යටතේ වරදක් නිර්මාණය කිරීමට ජනපතිවරයාගේ යයි කියනු ලබන නියෝගයද උත්සාහ කරන බවට BASL කනස්සල්ලට පත්ව සිටී.එකී නියෝග යටතේ වරදක් සම්බන්ධයෙන් අත් අඩංගුවේ පසුවන පුද්ගලයෙකුට මහාධිකරණයකින් හැර ඇප ලබා නොදිය යුතු බවට සඳහන් කරමින් ඇප සම්බන්ධයෙන් දැඩි විධි විධාන පනවා ඇතැයි කියනු ලබන නියෝගය දැඩි අවධානය යොමු කළ යුතු කරුණකි.
නිල රහස් පනතේ එවැනි විධිවිධානයක් 
අඩංගු නොවන අතර ඇත්ත වශයෙන්ම 
පනතේ 22 වැනි වගන්තිය සැකකරුවකු 
ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්
වරයෙකුට බලය ලබා දෙයි.ඒ අනුව කිසිදු සාධාරණ හෝ නෛතික පදනමකින් තොරව පුරවැසියාගේ නිදහස සැළකිය යුතු ලෙස කප්පාදු 
කිරීමටය යැයි කියනු ලබන මෙම නියෝගය උත්සාහ කරයි.
නිල රහස් පනතේ 2 වන වගන්තිය යටතේ සඳහන් කරන ලද නියෝගයට මුවා වී එවැනි නියෝග කඩ කරන පුද්ගලයන් රඳවා තබා ගැනීම සඳහා 
කුරිරු විධිවිධාන පනවන අතර එමඟින් 
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාමකාමීව රැස්වීමේ නිදහස උල්ලංඝනය කිරීම පිළිබඳව BASL දැඩි කනස්සල්ලට පත්ව සිටී.
ගමනාගමනයේ නිදහස ඒ සියල්ල ශ්‍රී ලංකාවේ විසම්මුතිය ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතියේ වැදගත් අංගයක් වේ.
BASL එකී නියෝගයේ විධිවිධාන හොඳින් අධ්‍යයනය කර ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහතික කිරීම සඳහා සුදුසු නීතිමය ක්‍රියා මාර්ග ගනු ඇත.
අමරතුංග එදිරිව සිරිමල් ඇතුළු පිරිස 
(1993)1 SLR 264 යන ජන ගෝෂා නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් තීන්දුවෙන්
ලබා දෙන ලද ප්‍රඥාව ජනපතිවරයා ඇතුළු බලධරීන්ට අපි දිගින් දිගටම මතක් කර දෙන්නෙමු.
එය මෙසේය
අද නිත්‍යනුකූල විසම්මුතියේ සාමකාමී
ප්‍රකාශනය මැඩලීමේ ප්‍රතිඵළය විය හැක්කේ නොවැලැක්විය හැකි ලෙස වෙනත් දවසක ප්‍රචන්ඩත්වයේ ව්‍යසනකාරී පිපිරීමක් පමණි.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස්  
සභාපති
ශ්‍රී ලංකා නීතිඥ සංඟමය
ශ්‍රී ලංකා නීතිඥ සංගමය එසේ ආරක්ෂිත කළාප සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය පිළිබඳව අප්‍රසාදය පල කරන විට අද (27)අළුත්කඩේ අධිකරණ සංකීර්ණයට අයත් ප්‍රදේශයේ නීතිඥයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක්ද එම ගැසට් පත්‍රයට එරෙහිව විරෝධතාවක් පවත්වන ලදී.එම විරෝධතාව පැවැත්වූයේ ගැසට් කරන ලද කලාපයට  අයත් ප්‍රදේශය තුළ වීම විශේෂ කරුණකි.
මෙම විරෝධතාවට සහභාගිව සිටි නීතිඥ වරුන් කියා සි⁣ටියේ තමන් වෘත්තියේ නිරතවන වන ප්‍රදේශය තුළ  නිදහසේ ක්‍රියාකාරීමට හා අදහස් ප්‍රකාශ කිරීමට ⁣ඡේ.නි.පොලිස්පති දේශබන්දුගෙන් අවසර ගැනීමට තමන්ට අවශ්‍යතාවක් නැති බවය.මෙම අනීතික ආරක්ෂිත කළාප නිවේදනය වහාම හකුලා ගන්නා ලෙසට ඔවුන් ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී.
මෙම ආරක්ෂක කළාප ගැසට් නිවේදනය පිළිබඳව පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කරන ලද්දේ, ගැසට් කර ඇති ආරක්ෂක කළාප තුළ යම් විරෝධතාවක් පැවැත්වීමට අදහස් කරන්නේනම් ඒ සඳහා ⁣පොලීසියෙන් අවසර ගත යුතු බවය.
වැඩ බලන ආරක්ෂක ආරක්ෂක අමාත්‍ය වරයාගේ එම අදහස් ප්‍රකාශය පිළිබඳව 
ශ්‍රී ලංකා නීතිඥ සංඟමයේ සභාපති සාලිය පීරිස් සිය මුහුණු පොතෙහි සටහනක් තබා ඇත
එය මෙසේය
වැඩ බලන ආරක්ෂක අමාත්‍යය වරයා ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක කළාප තුළ විරෝධතා පවත්වන්නේ නම් ඒ පිළිබඳව පැය හයකට පෙර පොලීසියෙන් අවසර ගත යුතු බවය.
මෙම ප්‍රකාශය 1983 විවියන් ගුනවර්දනට එරෙහිව හෙක්ටර් පෙරේරා නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු J.F.A.සූසා විසින් ලබා දෙන ලද තීන්දුවට පටහැනිය.
එහිදී එම තීන්දුවේ පොලිස් පරීක්ෂක ගනේෂනාතන් ⁣විරෝදතාකරුවන්ට ලබා දී ඇති නියෝගයට නීතිමය පදනමක් නැති බවත් විරෝධතාකරුවන් විසින් පොලිස් පරීක්ෂක වරයා දුන් විසිර යාමේ නියෝගය නොසළකා පෙළපාලිය දිගටම ගමන් කිරීමත්  පෙත්සම්කාරිය හා ඇය සමග සිටි අනෙකුත් අය කටයුතු කර ඇත්තේ පුරවැසි අයිතිය තුළ බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (b) වන වගන්තිය යටතේ රැස්වීමේ නිදහස සියලු පුරවැසියන්ට සහතික කර ඇති මූලික අයිතියක් බවත් දැක්වේ.

Spread the love

Leave a Comment

You may also like