පත්කළ ජනපති රනිල් රාජපක්ෂට වියරු වැටී තිබේ.මේ වියරුව තමාට පිනට ලැබුණ ජනපති කම ආරක්ෂා කර ගැනීමේ සිට රාජපක්ෂවරුන් ඇතුළු පොහොට්ටුවන්ගේ දේශපාලනික බලය තවදුරටත් ආරක්ෂාව සැළසීම දක්වා වූ හැසිරීමක් ලෙස තක්සේරු කළ හැකිය.මිල්ටෙරි නන්දසේන උත්සාහ කෙරුවේ කොළඹ නගරයේ යකඩ බට බාධක යොදා සිය ආරක්ෂාව සලසා ගැනීමටය.රනිල් රාජපක්ෂ ගේ ප්‍රයත්නය අනීතික කඩදාසි ගැසට්ටුවක් ගසා ජනතාව බිය වද්දමින් තම කල්ලියේ ආරක්ෂාව සහතික කර ගැනීමය.
බලය ලබා ගැනීම සම්බන්ධයෙන් රනිල් රාජපක්ෂට ආශාව හා කැමැත්ත තිබුණේ අද ඊයේ සිට නොවේ.මාමාගේ උදව් උපකාර ඇතුව මෙරට දේශපාලනයට පිවිසි මොහු මෙරට මහ පොළවේ දේශපාලනය ගැන හාංකාවිසියක දැනුමක් අවබෝධයක් ඇත්තෙක් නොවීය.එහෙත් රනිල් රාජපක්ෂ පිළිබඳව ඔහුගේ අනුගාමිකයන් ජනතාව තුළ මවා ඇති චිත්‍රය මහ විශාලය.මොහුට ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් තිබෙනවා යැයි කීම ඒ චිත්‍රයේ ඇඳ තිබෙන එක් සලකුනකි.නමුත් දැන් ඒ ගජබින්නය සුන්නත් වී තිබේ.
රනිල් රාජපක්ෂ සිය දේශපාලන වුවමනාවන් සඳහා ඕනෑම අසූචි ගොඩක් බුදින්නෙකි.චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරියගේ පාලන කාලයේදී රනිල් රාජපක්ෂ මෙරට අගමති වරයා ලෙස ප්‍රභාකරන් සමග නෝවිජියානු රජයේ මැදිහත්වීම මත ගිවිසුමක් අත්සන් කරන ලද්දේ ජනපතිනියද දැනුවත් නොකරය.
රට පාවා දීම සම්බන්ධයෙන් රනිල් රාජපක්ෂට එරෙහිව පවතින බරපතලම චෝදනාව වන්නේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ අංක 844 සිට හමුදා මෙහෙයුම් වලට සම්බන්ධව සිටි බුද්ධි අංශයේ නිළධාරීන් හා ආයුද අත්අඩංගුවට ගැනීමයි.ඉන් යුදමය වාසිය අත්වූයේ එල්ටීටී ත්‍රස්තවාදීන්ටය.මෙම අත් අඩංගුවට ගැනීම මෙරට බුද්ධි අංශය ප්‍රසිද්ධියේ නිරුවත් කිරීමක් විය.
2002 ජනවාරි මස 02 වන දින මහනුවර විශේෂ මෙහෙයුම් භාරව කටයුතු කළ පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පලගේ නායකත්වයෙන් යුතු පොලිස් කණ්ඩායම මිලේනියම් නිවාස සංකීර්ණයේ අංක 844 නිවසට කඩා වැදී එහි සිටි කපිතන් ෂවුල් හමීඩ් නිලාම් ඇතුළු හමුදා පිරිසක් අත් අඩංගුවට ගත්තේ හමුදා මෙහෙයුම් වලට භාවිතා කරනු ලබන අවි ,පතොරම්,පුපුරන ද්‍රව්‍ය ,
සහ එල්ටීටී සංවිධානයට අයත් නිල ඇඳුම් කට්ටල 66ක් සමගය.අත් අඩංගුවට පත් වූවන් අතර එල්ටීටී සංවිධානයේ සේවය කර සිට ඉන් ඉවත්වූ සාමාජිකයකු ද විය.මිලේනියම් සිටි වල තිබූ මෙම නිවස එල්.ටී.ටී.ඊ යටතේ
පාලනය වූ මුදා නොගත් ප්‍රදේශවල මෙහෙයුම් සඳහා යවන ලද දුර දිග මුර සංචාරවල නිරතවූ හමුදා සාමාජිකයන් රඳවා තිබීම සඳහා බුද්ධි අංශය රහසිගතව පවත්වාගෙන ගිය නිවසක් විය.2001 මහ මැතිවරණයෙන් බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ රජයට පක්ෂපාතී පොලිස් නිළධාරීන් හා යුද හමුදාවේ කණ්ඩායමක් විසින් මෙම රහසිගත නිවස පවත්වාගෙන යන ලද්දේ එජාප නායක රනිල් රාජපක්ෂ ඝාතනය කිරීමට බවට හඟවන ලදී.
මෙම චෝදනාව පළමු වරට ඉදිරිපත් කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ එවකට සිටි සභාපති චරිත රත්වත්තේ සහ නියෝජ්‍ය සභාපති දයා පැල්පොළ.
මහ මැතිවරණයට පෙර 2001 නොවැම්බර් මස මෙම චෝදනාව මොවුන් විසින් සිදු කරන ලදී.
කෙසේ වෙතත් මිලේනියම් සිටි අත්අඩංගුවට ගත් බුද්ධි සෙබළුන් පිළිබඳව හෙළිදරව් වීම වැලැක්වීමට එවකට සිටි හමුදාපති වූ ලයනල් බලගල්ලේ විශාල වෙහෙසක් දැරීය.පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මෙම සෙබළුන් පිරිස අත්අඩංගුවට පත්වූ විගස එවකට යුද හමුදාවේ බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ කර්නල් කපිල හෙන්දවිතාරණ එහි ගොස් පොලිස් අධිකාරීවරයාට එහි සැබෑ තත්වය පැහැදිලි කිරීමට දැඩි උත්සාහයක් ගත්තේය.එහෙත් එක්සත් ජාතික දේශපාලනයේ අනුගාමිකයකු වූ පොලිස් අධිකාරී උඩුගම්පොළ එම පැහැදිලි කිරීම තඹ දොයිතුවකට මායිම් කෙරුවේ නැත.එපමනක්ද නොව එවකට සිටි පොලිස්පති වරයා වූ ලකී කොඩිතුවක්කු විසින්ද පොලිස් අධිකාරී වරයාට මෙම මෙහෙයුම වහාම නවත්වන ලෙස උපදෙස් දුන් එයද සාර්ථක නොවීය.එවකට අභ්‍යන්තර ආරක්ෂක ඇමති ජෝන් අමරතුංග මෙම වැටලීම සම්බන්ධයෙන් හමුදාපතිවරයා විසින් දැනුවත් කළද එයද නොතකා හැරිණි.පසුව හමුදාපති ලයනල් බලගල්ලට හෙළි වී ඇත්තේ එජාප නායක රනිල් රාජපක්ෂගේ අනුදැනුම මත මෙම වැටලීම සිදුවූ බවය.මෙම වැටලීමත් සමගම ඒ ගැන ජනමාධ්‍යය දැනුවත් කරන ලෙසටද එජාප නායක වරයා උපදෙස් දී තිබූ බවද පසුකාලයකදී හෙළිදරව් විය.එම වැටලීම ඉතා සැලසුම් සහගතව යුද හමුදාව අපහසුතාවට පත් කිරීමට එජාප නායක වරයා ගේ දැනුවත් කම මත සිදුවූවකි.යුද හමුදාව පිළිබඳව ඒ දිනවල රනිල් රාජපක්ෂ සිටියේ බරපතල අවිශ්වාසයකින් වීම එයට ප්‍රධාන හේතුවයි.
එදින අත්අඩංගුවට ගත් හමුදා සෙබළුන් පිරිස සහ අවි ,පතොරම් හා අනෙකුත් පිපුරුමි ද්‍රව්‍ය නාරාහේන්පිට යුද හමුදා පොලිස් මූලස්ථානයට රැගෙන යන ලද අතර රනිල් රාජපක්ෂගේ උපදෙස් මත වැටලීම කළ පොලිස් නිළධාරින් කුරුදුවත්ත පොලීසියේදී මෙම වැටලීම ගැන මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වන ලදී.සෙබළුන් පිරිස පසුව කටුගස්තොට පොලීසියේ රඳවා තැබිණි.යුද රහස් හෙළි කරන ලදැයි ජනතාවගෙන් රජයට චෝදනා එල්ල වෙද්දී එවකට ආරක්ෂක අමාත්‍යවරයා විසින් එම බුද්ධි සෙබළුන් අත් අඩංගුවෙන් මුදා හරින ලෙසට නියෝග කෙරිණි.එහෙත් ඒ වන විට යුද හමුදාවට යලි සුවපත් කරන්නට නොහැකි ආකාරයෙන් බරපතල හානියක් සිදු වී හමාරය.
මෙම අඥාන අනාවරණය කිරීම නිසා යුද බුද්ධි අංශයේ නිළධාරීන් දැඩි අවදානමකට ලක් විය.එල්ටීටීය මෙරට හමුදා බුද්ධි අංශයට සම්බන්ධ යැයි සැළකෙන සියල්ලන් ඝාතනය කිරීම ඇරඹිනි.එල්ටීටී සංවිධානයේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ගේ මැදිහත්වීම යටතේ සිදු කළ මෙම ඝාතන වලදී මෙරට යුද හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධව සිටි 34 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් දිවි පුදන ලදී.එහිදී දෙමළ ඔත්තුකරුවන් 24 දෙනකුද ඝාතනය කෙරිණි.පළමුවන බුද්ධි බලකායේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිබ්ද මෙම ඝාතනය වූ පිරිසට අයත් වේ.ඔහු ඝාතනය කරන ලද්දේ 2005 වර්ෂයේ මැයි මස 11 වන දින කිරුළපන පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස් මූලස්ථානය ආසන්නයේදීය.ලුතිනන් කර්නල් තුවාන් නිෂාන් මුතාලිබ් ඝාතනය ගැන සිදු කළ පරීක්ෂණ වලින් පසුව ඔහුගේ ගමන් බිමන් පිළිබඳ තොරතුරු එල්ටීටීය අතට පත් කළ බුද්ධි ඒකකයේම සේවය කළ කපිතන් ප්‍රභාත් අත් අඩංගුවට පත් විය.දියතලාව ප්‍රදේශයේ ජීවත්වූ මෙම කපිතන්වරයා ඉතා සෘජුවම එජාපය හා සම්බන්ධ වූ අයෙක් බවද පසු විපරම් වලදී ඔත්තු සේවා වලට හෙළිදරව් විය. මොහුගේ දියතලාව නිවස පිහිටා තිබුනේද රනිල් රාජපක්ෂට අයත් දියතලාවේ පිහිටි නිවස ආසන්නයේය.
මිලේනියම් සිටි වැටලීම මෙරට එජාප දේශපාලන මැදිහත්වී තුළ සිදු කළ ඉතා අවලස්සන ජාතිය පාවාදීම ලෙස කිව යුතුමය.අද යුද හමුදාව හා පොලීසිය වෙත සත්ව කරුණාව දක්වන රනිල් රාජපක්ෂට මේ ජාතිය පාවාදීමේ චෝදනාවෙන් කිසි දිනක ගැලවිය නොහැක.රනිල් රාජපක්ෂ වර්තමානයේ දියසෙන් කුමරු ලෙස ඔසවා තබන එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව සිටින අනූව දශකයේ අග භාගයේ ඉපදුන තරුණ තරුණියන්ට මේ පාවාදීම පිළිබඳව දැනුවත් කමක් නැති බව නිසැකය.එබැවින් ඔවුන් හට අපට කියන්නට ඇත්තේ රනිල් රාජපක්ෂ නම් දොන් ජුවන් ධර්මපාල පිළිබඳව කිසිදු විශ්වාසයක් නොතබන ලෙසය.ඔහුට ජාතිය ජන්මය හෝ ආගම වැදගත් නැත.
ඔහුට අනෙකා කෙරෙහි කම්පනය වෙන සිතක් නැත.ඔහු තමන්ට එරෙහිව යන අනෙකාගෙන් පලිගැනීම පැවැත්ම කරගත් මෙලේච්ඡයෙකි. මේ ජාතිද්‍රෝහියා පසුපස යන හා වර්තමානයේ ඔහුගේ නියෝග ක්‍රියාත්මක කරන පොලීසියේ හා හමුදාවේ ලොක්කන්ටද අපට කියන්නට ඇත්තේද ඒ ටිකමය.ඒ කියන්නේ සිය ආරක්ෂාව හා සතුට වෙනුවෙන් හමුදාව පමණක් නොව මුළු රටම පාවා දෙන්නට තරමට මොහුට ලැජ්ජාවක් බයක් නැති බව කෙරුවාවෙන්ම පෙන්වා දී ඇති නිසාය.