මෙරට ඊළඟ පොලිස්පතිවරයා ලෙස පත්වීමට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කුරුමානම් අල්ලමින් සිටින බව ලංකා දවසට වාර්තා වූ අලුත්ම තොරතුරය.සැබවින්ම එය ඇඟ කිළිපොළන යන ප්‍රවෘත්තියකි.ඒ මේ ඊනියා තක්කඩි මදාවිකාර පොලිස්කාරයා ගැන අප හොඳට දන්නා නිසාය.මොහු මෙරට පොලිස්පති වරයා ලෙස පත්කිරීමට ඇතැම් දේශපාලන බලධරයන් පවා උත්සාහ කරමින් සිටින බව හෙළිවේ.ඒ අතර වජිර අබේවර්ධන නම් තක්කඩි ජාවාරම්කාරයා පෙරමුණ ගෙන තිබේ.ඇතැම්විට ශ්‍රී ලංකාව හෙරොයින් ජාවාරම් කරන ජාත්‍යන්තර වෙළඳාම්පොළක් බවට පත් කිරීමේ අරමුනක් මේ දූෂිත ජාවාරම්කාරයන් තුළ තිබේදැයි අපි නොදනිමු. සැබැවින්ම ඒ සදහා නම් හොඳම සුදුස්සා දේශබන්දුය.ඒ මන්ද යත් මෙරට පොලිස් නිළධාරීන් අතරින් හොරොයින් ජාවාරම් කරුවන් සමග යහමින් ගනුදෙනු කරන්නා මොහුය.මෙරට පවතින ඩොලර් හිඟය ජාත්‍යන්තර හෙරොයින් ජාවාරමට සම්බන්ධව මඟ හරවා ගැනීම වජිර අබේවර්ධන ගේ අදහස වන්නට පුළුවන.ඒ සඳහා මෙරට පොලීසියේ අත පය බැඳ දමා නිවට බවට පත් කළ යුතුමය.දේශබන්දු පොලිස්පති බවට පත් කිරීමෙන් ඒ අරමුණ සාර්ථකව ඉටු කර ගත හැකි බව වජිර අබේවර්ධන ඇතුළු පාදඩ රැළ දනී.ඡේ. නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යනු පොලිස් දෙපාර්මේන්තුවේ සුනඛ අංශයේ බලු කූඩුවකවත් රඳවා තබා ගන්නට නුසුදුසු
තැනැත්තෙකි.ඔහු ගේ පාදඩ කෙරුවාව ගැන පොලිස් දෙපාර්තමේන්තුවේ නොදන්නා අයෙක්ද නැත.මෙරට පැවැති එජාප රජයක මෙලේච්ඡ ඇමතිවරයකු වූ ජයවික්‍රම පෙරේරා ගේ සමීපතමයකු ලෙස සිරිකොතට සම්බන්ද වූ දේශබන්දු පසුව පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වේ.පොලීසියට සම්බන්ධ වූ දා සිට එජාප දේශපාලඥයන් ගේ වැසිකිලි පවා සේදූ මොහු පොලිස් දෙපාර්තමේන්තුව පාවා දෙමින් සිදු කර ඇති දූෂිත විෂමාචාරයන් අනන්තය අප්‍රමාණය.දේශබන්දුගේ එම දූෂිත විෂමාචාර පැවැත්ම හා ක්‍රියාකළාපය පිළිබඳව පොලිස් දෙපාර්ත මේන්තුව නොදන්නවා නොවේ.වත්මන් පොලිස්පති වරයාටද එය රහසක් විය නොහැකිය.එහෙත් දේශබන්දුගේ දේශපාලනික බලය ඉදිරියේ පොලිස් දෙපාර්තමේන්තුව නිවට බවට පත්ව ඇත.කොටින්ම සඳහන් කරතොත් දේශබන්දු යනු මෙරට පවතින නීතියට වඩා භාවමය සබඳතා වලට ඉඩකඩක් දී කෂඩ ලෙස රාජකාරි කරන්නෙකි.කෙසේවෙතත් දේශබන්දුගේ කෂඩ අසික්කිත අනීතික රාජකාරි කිරීම පිළිබඳව මෑත කාලයේ වාර්තා වන ආසන්නතම තොරතුර වන්නේ මේ වර්ෂයේ මැයි මස (9) වන දින ගාලු මුවදොර ප්‍රහාරය හා සම්බන්ධවය.මෙම ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණයක් කළ මානව හිමිකම් කොමිෂම එම ස්ථානයේ රාජකාරි කළ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ඇතුළු පොලිස් නිළධාරීන් අතින් රාජකාරි උල්ලංඝනය කිරීමක් කර ඇති බව සඳහන් කරන ලදී.තවදුරටත් මෙම සිදුවීමට අදාලව මොහු බස්නාහිර පලාතෙන් ස්ථාන මාරු කොට යවන ලෙස නීතිපතිවරයා විසින් ලිඛිතව පොලිස්පතිවරයා දැනුවත් කෙරිණි.එහෙත් මොහු ස්ථාන මාරුකොට යැවීමට තරමට පොලිස්පති වරයා කොන්දක් නොතිබිණි.නීතිපතිවරයා එම ලිපිය මගින් පොලිස්පති වරයාට දන්වා ඇත්තේ මැයි මස (9)ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින විමර්ශන වලට දේශබන්දු තෙන්නකෝන් හට ස්ථාන මාරුවක් ලබා නොදීමෙන් බලපෑමක් ඇති විය හැකි බව සබුද්ධික ඕනෑම අයෙකුට වැටහෙන බවය.එලෙසම මෙම ස්ථාන මාරුව ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව අධිකරණයද අවස්ථා ගනනාවකදී පල කර ඇති බවද නීතිපති වරයා එම ලිපියේ සඳහන් කර ඇත.පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්විමර්ශනය කළ ජනපති කොමිෂමේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන පොලිස්පතිට හා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කරන ලෙස ඉල්ලා පසුගිය ජුනි මස (30) කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කෙරිණි.පොලිස්පති වරයා යටතේ ශ්‍රී ලංකා පොලීසියේ සේවය කරන නිළධාරීන් රැසකගේ බරපතල නොසැලකිලිමත් සහ අතපසුවීම් පිළිබඳව කොමිෂමේ අවසන් වාර්තාවෙන් අනාවරණය වී ඇති බවත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීමට නිර්දේශ කර ඇති අතර එහිදී ඡෙ.නි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ,ඡෙ.පො.අධිකාරී සිසිරකුමාර ,ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද නවරත්න යන අයවළුන් සම්බන්ධයෙන් වූ නිර්දේශ තවමත් ක්‍රියාත්මක වී නැති බව මෙම පෙත්සම මගින් ප්‍රකාශ කර තිබුණි.පසුගිය ජුනි මස (9)වන දින අරගල කරුවන් විසින් ජනපති නිල නිවසේ හමුවූ රුපියල් ලක්ෂ 17ක මුදල අරගලකරුවන් විසින් ආරක්ෂිතව කොටුව පොලීසියට බාරදුන් පසුව එම මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීම වලක්වන ලද්දේද මේ දේශබන්දු බව අනාවරණය විය.එම මුදල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු බාර ඇමති ටිරාන් අලස්ට බාර දෙන ලෙසට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට මොහු නියෝග කර තිබුණි.කෙසේවෙතත් මෙම මුදල් තොගය ටිරාන් අලස් ඇමතිවරයාට ලබා දෙන ලෙසට දේශබන්දු සිදු කළ බලපෑම ගැන කොටුව ස්ථානාධිපතිවරයා සටහන් තබා තිබේ.මේ දේශබන්දු ගේ පාදඩ කෙරුවාව පිළිබඳ මෙරට ජනතාව යම් තාක් දුරට දැනුවත් තොරතුරුය.එහෙත් පොලිස් නිළධාරියකු විසින් කිසිසේත්ම සිදු නොකළ යුතු එහෙත් මොහු විසින් සිඳු කර ඇති අපරාද ක්‍රියා බොහොමයකි.මෙරට පාතාල ක්‍රියාකාරිකයන් ලෙස ප්‍රචලිතව සිටි මදූෂ් සහ තාරක අත් අඩංගුවට ගෙන කුමන්ත්‍රණකාරීව මරා දැමීමට දේශබන්දු ක්‍රියා කරන ලදී.ඒ මදූෂ් හා තාරක සතුව පැවැති කෝටි ගනනක් මුදල් සිය භාරයට ගනිමිනි.පානදුර කුඩු සිලිදු හා ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය දේශබන්දුට ඔහුගෙන් සුඛෝපභෝගී වාහනයක්ද ත්‍යාගයක් වශයෙන් ලැබුණු බව ජාතික රහස් තොරතුරු වාර්තාවල දැක්වේ.දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මෙම පාතාලයා හා දුරකතන සම්බන්ධතා පවත්වන බවටද හෙළි වී තිබේ.කොස්ගොඩ සුජීව නමි පාතාල ක්‍රියාකාරිකයා විසින් අයුතු ලෙස උපයාගෙන බැංකු ගත කර ඇති කෝටි හතලිස්පහක් මුදලක් සම්බන්ධයෙන් කොස්ගොඩ සුජීවගේ ඥාතියකු වූ අම්බලන්ගොඩ ප්‍රසිද්ධ පාසැලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාද විමර්ශන දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගැනිනි.මෙහිදී දේශබන්දුගේ ඔඩොක්කු කුක්කකු වූ පෑලියගොඩ සහකාර පොලිස් අධිකාරී මහින්ද ගේ සම්බන්ධීකරණයෙන් කෝටි පහක මුදලක් ලබා ගත් දේශබන්දු එම සැකකරු මුදා හැරීමට කටයුතු කරන ලදී. මේ වන විටත් මෙරට ප්‍රසිද්ධ හොරොයින් ජාවාරම් කරුවන් ගණනාවක ගේ ගැලවුම් කාරයා වී සිටින්නේ දේශබන්දුය.මේ පාහරයා මෙරට පොලිස්පති වරයා බවට පත්වුව හොත් කීර්තිමත් ඉතිහාසයක් හා අභිමානවත් සේවා පෞරෂයක් පවතින පොලිස් දෙපාර්තමේන්තුව කුජීත වී තොලොංචි වී යන බව නම් නිසැකය.රටේ ජනතාවට දෙවියන්ගේ පිහිටය.