උණුසුම් පුවත්

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නොසළකා හැරලා

Spread the love

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ඇතුළු ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් පස් දෙනෙකුට නොවැම්බර් 16  වැනි දින  අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ⁣ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ට හිඟ වැටුප් ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ දී තිබූ නියෝගයක් ඉහත පාර්ශවය විසින් කඩ කර ඇති නිසාය. 

ප්‍රියන්ත ජයවර්ධන,එස්.තුරෙයිරාජා,සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් මෙම නියෝගය නිකුත් කිරීමට හේතු වූයේ වැඩ තහනමකට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් සිය නීතිඥ වරුන් මගින් ඉදිරිපත් කළ පෙත්සමකි.
මෙම  පෙත්සම වෙනුවෙන්  ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළ නීතිඥ වී.කොරයා කියා සිටියේ වැඩ තහනමකට ලක්ව සිටින තම සේවාදායකයාට හිඟ වැටුප් ගෙවන ⁣ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මැයි මස 8වන දින නියෝග කෙරුවද මෙතෙක් එම නියෝගය ක්‍රියාත්මක වී නැති බවය.
පෙත්සම්කාර පාර්ශවය වන හිටපු උප පොලිස් පරීක්ෂක සුුගත් මෙන්ඩිස් විසින් ඉදිරිපත් කළ පෙත්සමෙහි අන්තර්ගතව තිබුණේ දැනට මරණීය දණ්ඩනය නියමව සිටින නියෝජ්‍ය පොලිස්පති ගනේන්ද්‍ර වාස් ගුණවර්දනට එරෙහි නඩුවේදී අසත්‍ය සාක්ෂියක් නිර්මාණය කරන ලදැයි හිටපු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ⁣එරෙහිව ප්‍රකාශයක් කරන ලෙසට පොලීසිය තමාට බලපෑම් කළ බවත් එවැනි අසත්‍ය තොරතුරක් සාක්ෂියක් ලෙස ලබා දීම තමන් විසින් ප්‍රතික්ශේප කිරීම නිසා තමා අත්අඩංගුවට ගත් බවය.
2020 වසරේ අගෝස්තු මස 30වන දින සිට තමන් වැඩ තහනමට ලක් කිරීමට පොලිස්පති වරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මෙම පෙත්සම  ඉදිරිපත් කර තිබුණි.

 


Spread the love

Leave a Comment

You may also like