පොලිස්පතිට හා හිටපු හමුදාපතිට එරෙහිව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු මෙවර පාර්ලිමේන්තු සභා වාරයේදී අදහස් දක්වන ලදී.හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනට විරුද්ධව රට තුළ පැන නැඟුණ අසංවිධානාත්මක අරගලය මැඩ පැවැත්වීමට පොලිස්පති වරයා හා හිටපු හමුදාපති වරයා කටයුතු නොකිරීම පිළිබඳව එම මන්ත්‍රීවරුන්ට ඔවුන් දෙදෙනා කෙරෙහි බරපතල කෝපයක් පවතින බව පෙනී යයි.මේ කෝපය ඉදිරියේ කවර හැඩයකින් සමාජගත වේද යන්න අපට අදහසක් නැත.ඒ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ඔවුන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනු කෙරුවද රට තුළ විධායක බලය ඇත්තේ රනිල් රාජපක්ෂටය.ජනපති රනිල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුනගේ චෝදනා තඹ දොයිතුවකට නොසලකා කටයුතු කරන බව නම් නිසැකය.ඒ මන්ද යත් ජනපතිවරයාගේ ඉදිරි ආරක්ෂාව ඇත්තේ පාර්ලිමේන්තුවේ දේශපාලන බලය තුළ නොව පොලීසිය හා හමුදාව මත නිසාය.රනිල් රාජපක්ෂ ගේ ගැසට් එක……එහිදී පොලීසිය හා හමුදාව තම සමීපයෙන් ඈත් කර ගැනීමට ජනපති රනිල් රාජපක්ෂ කටයුතු නොකරනු ඇත. ඒ බව තහවුරු වන්නේ පසුගිය (23)දා රනිල් රාජපක්ෂ ජනපතිවරයා විසින් අධි ආරක්ෂිත කලාප පිළිබඳව සඳහන් කොට ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රයයි.
එම ගැසට් නිවේදනයට අනුව බත්තරමුල්ල පොල්දූව හංදියේ සිට පාර්ලිමේන්තු මාවතද ජයන්තිපුර මංසන්දියේ සිට ජපන් මිත්‍රත්ව මාර්ගයේ සිට තලවතුගොඩ මාර්ගයේ පින්නියර හංදිය පසුකර ඊයම්පෝරුව පන්සල අතුරු මාර්ගය දක්වා සහ පින්නියර හංදියේ සිට බැද්දගාන මාර්ගය නිපෝන් පාර ඔස්සේ පොල්දූව හංදිය දක්වා එක් අධිආරක්ෂිත කලාපයකි.එසේම ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හා කොළඹ නීතිපති දෙපාර්තමේන්තුව අවට තවත් අධිආරක්ෂිත කලාපයක් නම් කර තිබේ.ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති මන්දිරය නාවුක හමුදා මූලස්ථානය හා පොලිස් මූලස්ථානය තවත් කලාපයක් ලෙසද කොම්පඤඤවීදිය ගුවන් හමුදා මූලස්ථානය තවත් අධිආරක්ෂිත කලාපයක් ලෙස ගැසට් කර ඇත.අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලිය ගහ මන්දිරය හා ආරක්ෂක ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස ඇති ප්‍රදේශද ඇතුළත් කොට ප්‍රකාශිත මෙම ගැසට් පත්‍රයේ ආරක්ෂිත කලාප 08ක් සඳහන් කර ඇත.මෙම ගැසට් පත්‍රය මගින් ජනපතිවරයා විසින් සඳහන් කර ඇති ආරක්ෂිත කලාප තුළ පොලිස්පතිවරයාගේ හෝ බස්නාහිර පළාත බාර ඡ්‍යෙ.නි.පොලිස්පති වරයාගේ ලිඛිත අවසරය ලබාගෙන ඇත්නම් මිස කිසිම තැනැත්තකු විසින් අධි ආරක්ෂිත කලාපයන් තුල පිහිටි යම් මාර්ගයක පිට්ටනියක වෙරළක හෝ වෙනත් එළිමහන් ස්ථානයක කුමන ආකාරයක හෝ පෙරහැරක් හෝ ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීම හෝ මෙහෙයවීම නොකළ යුතු බවය.පොදු ජනතාව එල්ටීටියට වඩා භයානක ත්‍රස්තවාදීන්……..මෙරට එල්ටීටී යුද්ධය පැවැති කාලයේදී මෙම ගැසට් පත්‍රයේ සඳහන් ඇතැම් ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස ගැසට් කර තිබුණි.එහෙත් මෙම නව ගැසට් පත්‍රයේ එම අවදියේ පැවැති ගැසට් පත්‍රයටත් වඩා පුළුල් භූමි ප්‍රදේශයක් තහනම් කළාප බවට පත් කර තිබේ.මෙරට පොදු ජනතාව එල්ටීටියට වඩා භයානක ත්‍රස්තවාදීන් කොට්ඨාශයක් ලෙසට රනිල් රාජපක්ෂ නම් අසංවේදී මිනිසා සිතා ගෙන සිටිනබව මින් තහවුරු වේ.උද්ධච්ඡ මේ මිනිස් ආත්ම…….හාමු මානසිකත්වයෙන් උද්ධච්ඡ මේ මිනිස් ආත්මය සිතන්නේ මෙරට ජනතාව තමන් කියන කියන විදියට ජීවත් විය යුතු බවය.කෙසේවෙතත් අද මෙරට පවතින සාමකාමී වටපිටාව තුළ මෙලෙස ප්‍රදේශ ගනනාවක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කොට හමුදා ආරක්ෂාව යටතට පත් කිරීම පොදු මහජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ භුක්ති විඳින නිදහස බලහත්කාරයෙන් සහ මිල්ටෙරි අධිකාරී බලය පෑමෙන් උදුරා ගැනීමක් බව අපගේ අදහසයි.එහිදී රනිල් රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වන හා 28 ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් නොසලකා හැර ඇති බවද තව දුරටත් තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ශීර්ෂය යටතේ වන 12(1)ව්‍යවස්ථාවෙන් හා 14 වන ව්‍යවස්ථාවෙන් පොදු මහජනතාව භුක්ති විඳි නිදහස අයුක්ති සහගත ආකාරයෙන් උදුරාගෙන ඇති බවද තහවුරු වේ.රනිල් රාජපක්ෂ ආණ්ඩුව පිළිබඳව මෙරට පොදු මහජනතාව තුළ පවතින දැඩි විරෝධය හා කළකිරීම පිළිබඳව ඔවුන් දනී.එය කවර හෝ ඉදිරි දිනයකදී පුපරා යන බවටද ඔවුන්ට අදහසක් නැතුවා වෙන්ටද බැරි නැත.මේ වන විට රට පුරා කෑම අහේනියෙන් දුකට පත් වී සිටින්නේ නිසි අධ්‍යාපනයක් නොලැබ එදා වේල සඳහා විවිධ වෘත්තීන්වල නියැලී ජීවනෝපාය ගෙන යන සමාජ පන්තියයි.ඔවුන් තුළ ආණ්ඩුව කෙරෙහි පවතින විරෝධය දේශපාලනික අවබෝධයකින් තොරව හුදකලාව අනෙකා සමග සිය දුක්ගැනවිල්ල ප්‍රකාශ කිරීමකට පමනක් සීමා වෙයි.ඉන් ඔබ්බට මධ්‍යම පාන්තිකයන් දැන් ගෑස් හා ඉන්ධන පෝලිම් නැති වීම ගැන තාවකාලික වින්දනයකට පත්ව සිටී.එහෙත් මේ වින්දනය ඇත්තේ තව මාස කිහිපයක් පමනක් බව අපගේ ගනන් හැදීමයි. රාජ්‍ය සේවකයන් හෙට අනිද්දා වන විට මහපාරට බැස විරෝධය අරඹනු ඇත.බඩගිණි අරගලය ඇරඹෙන්නේ එතැන් සිටය.හුදකලාව අනෙකා සමග සිය විරෝධය දක්වමින් සිටි ලුම්පන් පන්තියද මේ ඇවිලීම් ඔස්සේ බඩගිණි අරගලයට සම්බන්ධ වන බව නිශ්චිතය.බඩගිණි අරගලය……..මේ බඩගිණි අරගලය දේශපාලනික හැඩයකට සකසා ගැනීමට රනිල් රාජපක්ෂට එරෙහි මෙරට සියළු දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන එකම වේදිකාවකට ගොඩ විය යුතුමය.දැන් මෙරට දේශපාලනය තුළ ප්‍රධාන ප්‍රශ්ණය කර ගත යුත්තේ දැනට පාලන බලය හසුරවන පාදඩ රැළ එළවා දැමීම මිස අන් යමක් නොවේ.මෙම පාදඩ රැළ එලවා දැමීමෙන් අනතුරුව මතුවන දේශපාලනික බල හුවමාරුව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සිය න්‍යාය පත්‍ර වලට අනුව කටයුතු කිරීම වරදක් නැත. එහෙත් මේ මොහොතේ ඒ තීරණය දෙවෙනියට ගත යුතු තීරණයකි.කෙසේ වෙතත් හෙට අනිද්දා වන විට ජනපති රනිල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ හොර තක්කඩියන්ට සිද්ධ වන්නේ අධි ආරක්ෂිත කලාප මුද්‍රණය කරන ලද ගැසට් පත්‍රයේ කඩදාසි වැසිකිලි කඩදාසි ලෙස භාවිතා කරන්නටය.ඒ ගැන අපට කියන්නට ඇත්තේ අනේ සොරි රනිල් බොස් කියා පමණය.
රනිල් රාජපක්ෂ ආණ්ඩුව හිට්ලර්ට අඳියි