රංජිත් ප්‍රේමසිරි හෙවත් ප්‍රවාහන හා මාර්ග සංවර්ධන අධිකාරියේ ලේකම්, සර්ධා වීරකෝන් – අධ්‍යක්ෂ ජනරාල් හා ඔහුගේ සුරතලී මයෝමි පෞද්ගලික ලේකම් නෝනාත්, තවත් අතිරේක ලේකම්වරුන් තිදෙනෙක්ද සහිතව දස දෙනෙක් සදහා මෙම බංකොලොත් රජයේ වියදමින් කොරියානු රටට දෙසතියක විනෝද සංචාරයක් සූදානම් කරමින් සිටී.
මයෝමි හෙවත් කාගෙත් සුන්දරී හැර අනෙකුත් සියළුම දෙනා වයස අවුරුදු පනස් පහද (55) ඉක්මවා ඇති අතර ප්‍රවාහන ලේකම් රංජිත් ප්‍රේමසිරි මේ රටේ මාර්ග පද්ධතිය හදනවා යයි කියමින් ජොනී සමග එක්වී රට කෑ මෙම නාකි රොත්තට විශ්‍රාම යාමට පෙර රනිල් රාජපක්ෂ රජයෙන් ලබාදෙන තවත් පාරිතෝෂිකයක්ද මේ?
ලංකාවේ ආර්ථිකය මේ තරම් කඩාවැටීමට හේතු වූයේද අවිධිමත් මාර්ග සංවර්ධනයේ විපාක විදියට බව දැන් කාටත් අමතක වී ඇත. මේ රටම බංකොලොත් කිරීමට දායක වූ මේ අශීලාචාර, වංචාකාරී රංජිත් ප්‍රේමසිරි ඇතුළු වියපත් ඉංජිනේරුහොර නඩයට ශිෂ්‍යත්ව ලබාදීමෙන් රජය කුමක් බලාපොරොත්තු වන්නේද?
මේ වයෝවෘද්ධ හොරු රැළට ශිෂ්‍යත්ව ලබා දීමට පෙර රටේ මහජනතාව හාමතෙන් මුදවා ගතයුතු නොවෙද? මහජන මුදල් ගසාකෑ මෙම පිරිසට කොරියාවට යවා උගැන්විය යුත්තේ මොනවාද? රනිල් රාජපක්ෂ හවුල තරුණයින් මර්ධනය කරමින්, මෙවැනි මහළු හොරුන් රැක ගැනීමේ සටනක් ගෙන යන්නේ ඇයි?