උණුසුම් පුවත්

මාධ්‍යවේදී ලසන්ත ඝාතනයට ශ්‍රී ලංකා ආණ්ඩුව වැරදිකර බව තීන්දු වේ

Spread the love

මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලෝකයේ රටවල් තුනකට එරෙහිව ජාත්‍යන්තර මහජන විනිශ්චය සභාව සිය තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.එහිදී මහජන විනිශ්චය සභාව මැක්සිකෝ, සිරියා හා ශ්‍රී ලංකාවේ රජයන්ට එරෙහිව ගෙන එන ලද සියළුම මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් එම රටවල් වැරදි කරු බව ප්‍රකාශ කරන ලදී.

එපමනක්ද නොව අදාල ආණ්ඩු විසින්ම තහවුරු කිරීමට කැප වී සිටින වෙනත්
සම්මුතීන් ගිවිසුම් ජාත්‍යන්තර කලාපීය ගිවිසුම් හා ජාත්‍යන්තර නීතිමය උපකරණ ගණනාවක්ද උල්ලංඝනය කර ඇති බව මහජන විනිශ්චය සභාවේ තීන්දුවේ දැක්වේ.

ජනතා විනිශ්චය සභාව ජාත්‍යන්තරව පිළිගැනෙන විනිශ්චය සභාවක් වන අතර එහි ප්‍රඥප්තියට අනුව ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශණයේ අර්ථ දක්වා ඇති රාමුවේ පදනම මත රාජ්‍ය බලධරයන්ගෙන් ස්වාධීනව ක්‍රියාත්මක වේ.මෙය ස්ථාපිත කරන ලද්දේ දේශසීමා සහිත වාර්තාකරුවන්,ෆ්‍රී ප්‍රෙස් අන්ලිමිටඩ් ,සහ
මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව
මගිනි.

ලසන්ත වික්‍රමතුංග, මිගෙල් ඒන්ජල් ලෝපෙස් වෙලෙස්කෝ ,සහ නබිල් අල් ෂර්බාජි යන මාධ්‍යවේදීන්ගේ අබිරහස් ඝාතන පිළිබඳව යුක්තිය හා සාධාරණය ඉටු නොකිරීම පිළිබදව ශ්‍රී ලංකාව සිරියාව හා මෙක්සිකෝ රාජ්‍යයන්ට මෙහිදී චෝදනා කෙරිණි.මෙම මාධ්‍යවේදීන් ඝාතනය සිදු කර ඇත්තේ ඔවුන්ගේ මාධ්‍ය කාර්යයන් ගැන පලිගැනීමක් ලෙස වන අතර එම ඝාතනය කිරීමට සම්බන්ධ කිසිවකු මෙතෙක් නීතිය හමුවට ගෙනව්ත් නැති බවද මෙහිදී අවධාරණය කර තිබේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේදී ශ්‍රී ලංකා රජය අනීතික ක්‍රියාවන් හරහා ජීවත්වීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා දේශපාලන මතය පදනම්ව වෙනස් කොට සැළකීමෙන් නිදහස් වීමේ අයිතිය උල්ලංඝනය කර ඇති බවද මහජන විනිශ්චය සභාව තීන්දු කර ඇත.

 


Spread the love

Leave a Comment

You may also like