හිරු නොබසින අධිරාජ්‍යයේ මහා රාජිනිය ලෝකයෙන් සමුගත්තාය.
මහාරාජිනිය වසර 70 ක් එක්සත් රාජධානියේ රැජින ලෙස කටයුතු කෙරුවාය.1926 අප්‍රේල් 21 වන දා උපත ලද පුංචි එළිසබෙත් දෙවැනි එළිසබෙත් ලෙස හිරු නොබසින අධිරාජ්‍යයේ රාජ්‍යත්වය ඉසිලුවාය.වැඩිම රටවල් සංඛ්‍යාවක රාජ්‍ය නායකත්වය උසුලන ලද එකම තැනැත්තා වීමට වරම ලද රැජින රාජ්‍යත්වය දැරූ රට සංඛ්‍යාව 32 කි.එතුමිය 1972 මැයි මස 2 දා දක්වා ශ්‍රී ලංකාවේ රජ තනතුර දැරූ අතර ඒ නිසා මෙරට ඉතිහාසයේ රාජ නාමාවලියේ අවසන් රජ තනතුර දැරූ තැනැත්තිය ලෙස සඳහන් කළ හැකිය.එළිසබෙත් රැජින නිරතුරුව විලාසිතා වලට කැමැත්තක් දැක්වූවාය.මෙතුමිය සිය අත් බෑගය සමග මහජනයා ඉදිරියේ පෙනී සිටියාය.මෙම අත් බෑගය රජ ගෙදර කාර්ය මණ්ඩලයට පණිවුඩයක් ලබා දෙන රහස් සංකේතයක් වූ බවද කියවේ.ඒ අනුව කිසියම් උත්සවයකදී එතුමිය අත් බෑගය මේසය මත තබන්නේනම් ඉන් ඇඟවෙන්නේ විනාඩි පහකට ආසන්න කාලයකදී එම ස්ථානයෙන් ඉවත් වී යන බවය.දෙවන එළිසෙබත් රාජිනිය හාස්‍යය ප්‍රිය කර තැනැත්තියකි.එතුමිය සිය රාජ්‍යත්වය එතරම් බැරෑරුම් විදියට නොසැළකීය.එතුමියගේ රාජ්‍යත්වයේ හැත්තෑවෙනි වසර වෙනුවෙන් මාළිගයේදී පැවැත්වූ සාදයක ආරම්භක හාස්‍යා්ත්පාදක දර්ශනයක් බීබීසීය පටිගත කෙරිණි.ඒ දර්ශනයේ වූයේ රැජින පැඩිංටන් වලසා සමග තේ පානය කරන ආකාරයයි.සැමරුම ආරම්භ වීමට පෙර පැඩිංටන් වලසා රැජිනට තමාගේ ප්‍රියතම ආහාරය වන සැන්විචයක් පිරිනමයි.අනතුරුව වලසා ඔහුගේ සුප්‍රසිද්ධ රතු තොප්පිය ගලවා එහි යටින් සැන්ඩ්විචයක් පිටතට ගනිමින් මම හැමතිස්සෙම හදිසියක් වුනොත් කියල එකක් තියා ගන්නවා යයි පවසයි.මාත් එහෙමයි පවසන රැජින ඇගේ ප්‍රසිද්ධ කළු අත් බෑගය විවෘත කොට ඉන් සෑන්ඩ්විචයක් එලියට ගනී.රැජින හාස්‍යයට ප්‍රිය කරන ලද්දේ තමාම විහිළුවට ලක් කර ගන්නා අන්දමේ යමක් ලෙසට බව එතුමිය ගැන පවතින තොරතුරු වලින් හෙළිවේ.බොහෝ අවස්ථා වලදී රැජින ලෝකයේ වෙනත් දේශපාලඥයන් හා රූපවාහිනී චරිත ද අනුකරණය කළ බවක් කියවේ.එතුමිය එක වතාවක් වැසි දිනක බැල් මොරල් මන්දිරය අසල ආරක්ෂක නිළධාරියකු සමග ඇවිද යමින් සිටියදී විදේශීය සංචාරකයන් පිරිසකට හමුවී තිබේ.වැසි කබායකින් වැසී සිටි රැජින හඳුනා නොගත් සංචාරකයන් “රැජින කිසි දිනක හෝ හමුවී නැද්දැයි” එතුමියගෙන් විමසීය.“නැහැ.ඒත් මෙයාට නම් නිතරම වගේ හම්බවෙලා තියෙනවා”යැයි තම ආරක්ෂක නිළධාරියා පෙන්වා රැජින කියා තිබේ.තවත් අවස්ථාවක නෝෆෝක්හි සාප්පු සවාරියක යෙදී සිටියදී එහි වෙළඳ සැල් සේවකයකු ඔයා රැජින වගේමයි එතුමියට පවසා ඇත.අනේ ඒක කොච්චර සැනසිල්ලක් ද රැජිනගේ පිළිතුර විය.එළිසබෙත් රාජිනිය විකාර සහගත දේවලට කැමැති බව හා යමක් වැරදුන විට එතුමිය කෝප වෙනවාට වඩා විනෝද වූ බවද පැවසේ.තමා ඕනෑවට වඩා සීරියස් ගන්න එපා රාජිනියගේ මතය විය.මහා රාජිනිය විසින් සටහන් කරන ලද තවමත් කියවා නොමැති සුබ පැතුම් පණිවුඩයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පිහිටි වික්ටෝරියා රැජින ගොඩනැගිල්ලේ තබා තිබේ.එය තවත් වසර හැට තුනක් යන තුරු කියවිය නොහැකිය.1898 වර්ෂයේ සිඩ්නි පාලානාධිකාරය විසින් වික්ටෝරියා රැජිනගේ දියමන්ති ජුබිලියට ගෞරවයක් වශයෙන් එතුමිය නමින් විවෘත කරනු ලැබූ ගොඩනැගිල්ලක් 1986 නොවැම්බර්වල නැවත ප්‍රතිසංස්කරණය කළේය.එම කටයුතු වලින් පසුව එළිසබෙත් රාජිනිය රහස් ලිපියක් ලියා එම ලේඛනය එහි තැන්පත් කර තිබේ.සිය අත් අකුරින් ලියන ලද එම ලිපියේ සඳහන්ව ඇත්තේ කුමක්ද යන්න ඇගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පවා නොදන්නා අතර සිඩ්නි නගරයේ වැසියන්ට පවා එය දැන ගැනීමට නොහැකිය.එම ගොඩනැගිල්ලේ ඉහල මාලයේ වීදුරු පෙට්ටියක් තුළ මෙම ලිපිය තැන්පත් කර ඇති අතර එය දකින අයට කියවිය හැක්කේ ගෞරවණීය සිඩ්නි නගරාධිපතිවරයා වෙත යන ආමන්ත්‍රණය සමග සුබ පැතුම් ක්‍රිස්තු වර්ෂ 2085 දී ඔබ තෝරා ගැනීමට සුදුසු දිනයකදී මෙම ලියුම් කවරය විවෘත කොට සිඩ්නිහි පුරවැසියන්ට මාගේ පණිවිඩය දන්නවන්න යනුවෙන් පමණය.එහි රැජිනගේ අත්සන තබා තිබේ.කෙසේවෙතත් දෙවන එළිිිසබෙත් රාජනිය ලෝක ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් ලෙස සැලකිය හැකිය.එහි අතිවිශිෂ්ට සිහිවටන හා මතකයන් ගෙන් පිරී පවතී.ඒ සියල්ල ඉතිහාසයට එක් කරමින් දෙවන එළිසබෙත් රාජනියඅද සවස ලෝකයෙන් සමුගත්තාය.ඒ බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ දෙනෙත් තුළ කඳුළු වපුරවමිනි.සුබ රාත්‍රියක් ගෞරවණීය මහා රාජනියනි
මහා රාජිනිය සමුගත්තාය