උණුසුම් පුවත්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ පියාණන් අභාවප්‍රාප්ත වේ

Spread the love

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආදරණීය පියාණන් වන එල්.එච්.කේ.සිල්වා මහතා අද (13)අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 93වන වියේ පසුවූ එල්.එච්.කේ.ද සිල්වා මහතා 1989 සිට 1993 වර්ෂය දක්වා වූ කාලයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.
අභාවප්‍රාප්ත එල්.එච්.කේ සිල්වා මහතා අභාවප්‍රාප්ත සුමනාද සිල්වාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන අතර වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී
ශවේන්ද්‍ර සිල්වා,වර්ධන බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී ලක්ෂ්මන් සිල්වා, ගුවන් හමුදාවේ විශ්‍රාම්ක එයර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා සහ බැංකු කළමණාකාරිනී නෙරංජනීද සිල්වා යන මහත්ම මහත්මීන්ගේ පියාණන්ද වේ.
අවමංගල්‍ය කටයුතු 15 වන බ්‍රහස්පතින්දා සවස 4.30ට මාතලේ පොදු සූසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර අභාවප්‍රාප්ත එල්.එච්.කේ ද සිල්වා
මහතාගේ දේහය මේ වන විට මාතලේ රාහුල මාවතේ අංක 10 නිවසේ තැම්පත් කර තිබේ.
එල්.එච්.කේද සිල්වා මහතාගේ අභාවය පිළිබදව ලංකා දවස කාර්ය මණ්ඩ⁣ලයේ ශෝකය මෙසේ සටහන් කරමු. 

 


Spread the love

Leave a Comment

You may also like