උණුසුම් පුවත්

ලෝක බැංකු ආධාරත් ගසා කාලා.හිටපු කෝප් සභාපති මහචාර්ය චරිත හේරත් පවසයි

Spread the love

මෙරට ගෑස් හිඟය විසඳා ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ලබා දෙන ලද ආධාර මුදලින් රුපියල් කෝටි 130ක මුදලක් වංචා කර ඇතැයි හිටපු කෝප් කමිටු සභාපති මහචාර්ය චරිත හේරත් පවසයි.

ඔහු පවසන ආකාරයට ඩොලර් 96 කට ලබා ගැනීමට හැකියාව තිබුණ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 129 කට ගැනීමට ගිවිසුමක් ඇති කර ගැනීම හේතුවෙන් ජනතාව පත් වී සිටි අසීරුතාව මග හරවාගැනීම පිණිස ලෝක බංකුව මෙම ආධාර මුදල ලබා දී තිබේ.
මෙරට ජනතාවට මාස අටක පමණ කාලයක් ගෑස් නැතුව   දුක් විඳීමට සිඳුවූයේ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හේතුවෙන් බවත් එක් සමාගමකට දුන් ගෑස් කොන්ත්‍රාතුව ගෑස් සමාගමෙි සභාපතිවරයා විසින් අත්හිටුවීම නිසා ගෑස් සමාගම් දෙකේ නියෝජිත සමාගම් අතර ඇතිවූ ගැටුම මේ ගෑස් හිඟයට හේතු වූ බවත් මහචාර්ය චරිත හේරත් කියා සිටී.මේ අවස්ථාවේ ලෝක බැංකුව ඩොලර් කෝටි 07 ක් ලබා දුන් බවත් එම මුදලට මෙරටින් කෝටි 02ක් එකතු ⁣කර ඩොලර් කෝටි 09කගෑස් මෙරටට ගෙන්වීමට කටයුතු කර අතර ඒ අවස්ථාවේදී කලින් ප්‍රතික්ශේප වී සිටි සමාගම වෙනත් මුහුණුවරකින් නැවත ගිවිසුම් ඇතිකර ගත් බවද මේ තුළ වංචාවක් සිදු වී ඇතැයිද වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කරන ලදී.
ලෝක බැංකු ආධාර මුදලින් පවා වංචා කරන කණ්ඩායමක් මෙරට සිටින බවද මේ පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් නැති බවද මහචාර්ය චරිත හේරත් මහතා කීවේය  

 


Spread the love

Leave a Comment

You may also like