උණුසුම් පුවත්

සමගි ජන බලවේගයේ ආණ්ඩුවකදී හොරු අල්ලන බලය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට පැවරීම ස්ථිර යැයි සජිත් ප්‍රේමදාස පවසයි

Spread the love

මුළු රටම ඉල්ලා සිටින හොරු අල්ලන රාජකාරිය සහ සොරකම් කොට සඟවා ඇති දේපොළ නැවත රටට ගෙන ඒම තම රජයක් යටතේ පීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පවරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය

අද රටේ ජනතාව ඉල්ලන්නේ තමන්ගේ භූමිය තමන් වෙත නැවත දෙන ලෙසයි. රජපවුලක් විසින් අහිමි කරන ලද තමන්ගෙ භූමිය ජාතික සම්පත් ජාතික දේපොල තමන්ගෙ මිල මුදල් තමන්ගෙ අරමුදල් නැවත ලබා දෙන ලෙසයි මෙරට ලක්ෂ දෙසීයක් වන ජනතාව දැන් ඉල්ලා සිටින්නේ.මේ රටේ මහජන දේපොල මහජන සම්පත හූරා කාපු මංකොල්ල කාපු හොරාකාපු ඒ හැම මුදලක්ම අපේ රටට ගෙන එන බවට අප පොරොන්දු වෙනවා.ඒ විතරක් නොවෙයි ඒ හොරකම් වලට සම්බන්ධ වුන සෑම අයෙක්ම නීතිය ඉදිරියට ගේන වගකීම සරත් ෆොන්සේකා මහත්තයට පවරනවාය කියල මම දුන්න පොරොන්දුව මම වෙනස් කරන්නෑ. එක ස්ථිරයි.ඔහු විතරක් නොවෙයි දූෂණය වංචාව ගැන කතා කෙරුව වන්ෂොට් රංජන් රාමනායකත් අපත් එක්ක දැන් ඉන්නවා. දැන් හොඳ ඩබලක් අපට ඉන්නවා.මේ දෙන්නම මේ රටේ මුදල් වංචා කරපු අය නොවෙයි .දූෂණ වලට හවුල් වෙච්ච දෙ⁣න්නෙක් නොවෙයි.සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ දෙන්නාට හොරු අල්ලන වගකීම ලබා දෙනවා දෙනවාමයි.


Spread the love

Leave a Comment

You may also like